Mandy Silva
01/05/2026
ආටිකල් : 156
දුන්නොත් ලැබෙන කතාවල් ගැන මම දෙනකොට කවදාවත් හිතන්නේ නෑ..
ඒත් මම දන්නවා ලැබෙන එක ගැන හිතන්නේ නැතුව දුන්නම අපි හිතුවටත් වඩා දේවල් ලැබෙනවා කියලා..හරියට මේ වගේ ආදරයක්..
අපේ නංගි කෙනෙක්ගේ ගෙදර මම ගියා අද..කාලෙක ඉඳලා නංගිගේ අම්මි එන්න එන්න කියනවා ඇවිල්ලා යන්න..ඒත් මට යන්න වෙලාවක් හදාගන්න අමාරු වුනා..ඒත් ඔන්න මේ සතියේ මම හිතාගත්තා මොනා වුනත් කෝමහරි අද නිවාඩු දවසේ ගිහින් බලලා එන්න ඕනි කියලා..
ඇත්තටම මට ඕනි වුනේ නංගිලාගේ අප්පච්චිවයි අම්මිවයි බලලා එන්න..වැඩියෙන්ම අප්පච්චිව..මොකද එයාලගේ අප්පච්චි අපේ තාත්ති වගේ ටිකක්..🤍🥺
ආහ් මම අද එනවා කියලා සතියකට කලින් වගේ නංගිට කීවා..එදා ඉඳන් අක්කි ඔයා එනවද, මොනාද උයන්නේ, මොනාද ආස අරකද මේකද අද උදේ එනකන්ම එච්චර එක්සයිටඩ් එයා..😂😂❤️
හා හා පුරා කියලා ගෙදර ගියාම ඒ සලකපු විදිහ..🥺❤️ මම ඔයාලට හැමදාමත් ග්‍රේට්ෆුල්..❤️
මේක කන්න අරක කන්න..ආ තව ටිකක් කන්න, අයියෝ ඔය මදි..කන්න කන්න..හරියට මම අපේ ගෙදර ගියා වගේ.. ❤️
අන්තිමට කාලා කාලා මට ස්මුරුත්තාවකුත් හැදුනා..🤣😂
මම දන්නේ මෙච්චරයි මට කොහේ ගියත් අම්මලාගේ ආදරේ හරි ඉක්මනට ලැබෙනවා..ඒ ආදරේ හැමතැනින්ම ලැබෙන්න මම පින් කරන්න ඇති..❤️
ඒ වගේම මම ඒ හැම කෙනාටම මාර ග්‍රේට්ෆුල්..මට ඒ අය වෙනුවෙන් මොනා කරත් තව මදියි කියලමයි හිතෙන්නේ...🥺❤️
ඉතින් විශ්වාස කරන්න ඔයා ලෝකෙට ආදරේ විතරක්ම දෙනකොට ඔයාට ලෝකේනුත් ඒකට දෙවෙනි නැතිවෙන්න පිරිලා ඉතිරිලා යන්න ආදරේ ලැබෙනවා හැම පැත්තෙන්ම.
ඉතින් මම දන්නේ මෙච්චර්යි ආදරේ ඕනි නම් ආදරේ දීලා ඉන්න ඕනි..ආදරේ දෙන්නේ නැතුව ආදරේ බලාපොරොත්තු වෙන්න එපා..
එහෙනම් වැඩි වැඩියෙන් ඔයාටත් ආදරේ ලැබෙන්න ඕනි. ගුඩ් ලක්..❤️
(අහ් රසට උයන්න පුලුවන් අය ළගම මිතුරන් කරගන්නත් අමතක කරන්න එපා😌❤️)
- මැන්ඩි සිල්වා
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Website
Address
Kandy
20000