Hela siritha
02/12/2023
අල්ලපු ගෙදර එකාට පුළුවන්නම් ඇයි උඹට බැරි අල්ලපු ගෙදර එකාට පුළුවන්නම් ඇයි උඹට බැරි
12/04/2022
නිවැරදි අවුරුදු චාරිත්‍ර
👉මේ සතිය ඔබේ ලග්නයට👍
අපි හැමෝම කැමතියි ඒඒ දවසට, මාසයට, අවුරුද්දට තියන ලග්න පලාපල බලාගන්න
අපිට අයිති ලග්නය වෙන්නේ අපි උපන් මොහොතේ දී ක්ෂිතිජයේ උදාවෙමින් තිබු රාශියයි. එය මේෂයෙන් ආරම්භ වි මීනයෙන් අවසන් වන රාෂි දොලහකි එසේම අපි හැමෝටම ලග්න දොලහෙන් එකකට අයිති වෙනවා. මේලග්නය මොකක්ද යන්න දැනැනීමට හා එවාට පලාපල බැලීමට අපි හැමොම නොවිමසිල්ලෙනුයි ඉන්නෙ. අද හෙළසිරිතෙන් උත්සහ ගන්නෙ දිනපතා ලග්න විග්‍රහ ගැන කතා කරන්නයි.
බොහෝ උදවිය කියන විදිහට අසවල් ලග්නයට මට අසවල් පත්තරෙ තිබෙන විස්තරේ හරියටම හරියනවා කියල. එහෙත් පත්තර 10ක හා රුපවාහිනි ගුවන්විදුලි නාලිකා 20ක දිනපතා පලාපල 30ක් විතර කියැවෙනවා ඇතැමිවිට මෙවා පරස්පර ඇතිවෙන්න පුලුවන් ඇයි මෙහෙම වෙන්නෙ.
මේ ලෝකේ සිටින පුද්ගලයන් ගෙන් කෙනෙකුට කුමකි හෝ ලග්නයක් හිමිවෙනවා ඒ අනුව බලන කල පුද්ගලයන් වර් 12 කට බෙදා දක්වනවා වගේ දෙයක් නේද මේ. ලග්නයට පලාපල නිවැරදිනම් මේ ලොවේ සිටිය යුත්තේ පුද්ගල කොටස් 12ක් පමනි.
ඇයි එලෙසින්ම ලග්න පලාපල ඉෂ්ඨ නොවන්නෙ ලග්නය වැරදිද එය බොරුවක්ද
කෙටියෙන් ම කියනවනම් ලග්න පලාපල බොරුවක් නෙවෙ.
ඇයි එහෙනම් අපෙ ලග්නයට පලපල හරියනනැත්තෙ
අඹ ඵලය කුමන රසක්ද යන්න විමසුවිට ඔබ කියාවි මිහිරි ඇඹුල් මිශ්‍ර පැනි රසයක් කියා කියාවි. එය එසේ උවත් අඹ ගැටය බොහොමත් තිත්ත රසය වගේම නොඉදුන අඹ ඇඹුල් රසයක් ඇත. ඉදී වැඩි මෙරිවු අඹ ගෙඩිය පල් රහකි.
ඒ වගේම අපිට අයිති ලග්නය දෙකට බෙදෙනවා රාශ්‍යාර්ධය කියල, නැවතත් ලග්නය තුනට බෙදනවා දෙර්කානය කියල, නැවතත් ලග්නය නවයකට බෙදනවා නවාංශකය කියල, නැවතත් ලග්නය දොලහකට බෙදනවා ද්වාදසාංශකව කියල, නැවතත් ලග්නය කොටස් තිහකට බෙදනවා ත්‍රිංශාම්ශකය කියල දැන් තේරෙනවද එකම ලග්නය උනත් වෙනස්කම් ඇතිවෙන්නෙ ඇයි කියල
මේ ගැන ඔබේ අදහස කුමක්ද , ඔබේ අදහසත් කමන්ට් කරගෙනමයන්න
ඔබට ජය
හෙළසිරිත වෙනුවෙන් මම සාරත ජයනාම
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy