Filly

Filly

Share

10/09/2023

ජිවීතයෙ අදුරුම පරිච්ඡේද වලදි මා හට මුණගැසී වෙන්වුණු ලස්සනම හිත් ඇති මිනිසුන්ට මට ස්තූති කිරිමට ඇවැසිය.
මිනිසුන් නිසාම හෙම්බත් වූ කලෙක හමුවූ, තවමත් මිනිසුන් තුල හොඳ ඉතිරිව ඇති බව මට පසක් කල මිනිසුන්ට මට ස්තුති වීමට අවැසිය.
සියල්ලෝම සර්ව සම්පූර්ණ නොවන බවත්, හැමකෙනෙකු තුලම ඉතිරිව ඇති හොද පමනක් අප දැකිය යුතු බව පසක් කල මිනිසුන්ට මට ස්තුති වීමට අවැසිය.
සදාකාලික සුන්දර මතක එක්කර නැවත හමුවේදැයි අවිනිශ්චිතව වෙන්ව යන්නට යෙදුණු දයාබර මිනිසුන් හට මට ස්තුති වීමට අවැසිය.
මට මාව දරාගත නොහැකි අවස්ථාවන්හි මා දරා සිටි මාගේ දුක් අදෝනා අසා සිටි නැවත ලැබීමට මා ප්‍රාර්ථනා කරන මිනිසුන් කිහිපදෙනාහට මට ස්තුති වන්නට අවැසිය.
අත්විදින්නට වූ දෑ බොහෝ නරක් වූවත් මා තුල ඇති හොද නොවෙනස්ව පවත්වා ගත යුතුබව පසක් කල දුන් ආදරණීය මිනිසුන්ට මට ස්තුති වීමට අවැසිය.
සුන්දර නොවූ ජිවීතයේ මොහොතකට හෝ සිනාවක් රැගෙන හමුවී වෙන්වී යන සෑම මිනිසෙකුටම මට ස්තූති කිරීමට අවැසිය..
ඔබට ස්තුතියි!

Want your public figure to be the top-listed Public Figure in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Website

Address


Kandy