Meliora Animal Rescue Community
24/06/2023
අප විසින් 'Tikiri Trust' සත්ව සංවිධානයේ අනුග්‍රහයෙන් පස්වන වරටත් පවත්වන ලබන නොමිලේ සතුන් වන්ධ්‍යකරණ සායනය
🔅 2023. 06. 25 ඉරු දින - උදෑසන 10 සිට
🔅 බෝලෑපේ පන්සල අසලදී පැවැත්වේ
මේ සඳහා ඔබගේ සතුන් රැගෙන පැමිණෙන ලෙස ඉල්ලා සිටිමු.
🔴 වැදගත් -
1. සැත්කම් කරන උපරිම ප්‍රමාණය සතුන් 50ක් නිසා පැමිණෙන පළමු 50ක් සැත්කම් සඳහා යොදාගනු ලැබේ.
2. ගැහැනු සතුන් ඉලක්ක කරගෙන මෙය සිදු කරන නිසා පිරිමි සතුන් රැගෙන ඒමට පෙර කරුණාකර දුරකථන ඇමතුමක් ලබා දෙන්න.
3. මෙය වීදි සතුන් හා නිවෙස් වල සිටින සුරතලුන් සඳහා පමණක් වන බැවින් ඔබගේ උසස් කුල වල සතුන් සැත්කම් සඳගා රැගෙන පැමිණීමෙන් වලකින්න. ඔවුන්ව කිසිසේත්ම සැත්කම් සඳහා යොදා ගන්නේ නැත.
4. මීට පෙර පැවති සායනයේදී මිනිසුන්ගේ කලහාකාරී හැසිරීම නිසා tikiri trust කාර්යමණ්ඩලය මෙන්ම අපද ඉතාමත් අපහසුතාවයට පත් වූ නිසා කරුණාකර උදෑසන පැමිණ අපට නම ලබා දී ලියාපදිංචි වන්න. ඉන්පසුව ඒ අනු පිළිවෙලින් අප සැත්කම් සිදු කරන අතර එතෙක් සංසුන්ව රැදී සිටින්න.
5. සතුන් විශාල ප්‍රමාණයක් පැමිණෙන නිසා ඔබට යම් වේලාවක් එතැන රැදී සිටීමට සිදුවේ. එම නිසා ඔබට අවශ්‍ය කෑම බීම ආදිය රැගෙන ඒම ඔබගේ යුතුකමකි.
6. ගතවන කාලය පිළිබඳ ව අපට නිසියාකාරව පැවසිය නොහැකි නිසා ඔබට අත්‍යවශ්‍ය වැඩකටයුතු නොමැති නම් පමණක් ඔබගේ සතුන් රැගෙන එන්න. මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කරන වැඩසටහනක් නිසා කිසිම පුද්ගලයකු හට ප්‍රමුඛතාවයක් ලබා දීමට අපට හැකියාවක් නැත.
වැඩි විස්තර සඳහා meliora - 078 9907024
Chiran - 071 6341002
15/06/2023
ගුරුදෙණිය අවට ඉන්න අයව දැනුවත් කරන්න ✨️
30/05/2023
මේ පැටවුන්ට තාම කිසිම උදව්වක් ලැබුනේ නෑ 😓
මම පණු බෙහෙත් දීලා ඉන්නේ. පුලුවන් කෙනෙක් මෙයාලට ගෙයක් හොයාගන්න උදව් කරන්න. මම නාවලා පිරිසිදු කරලා ගෙනත් දෙන්නම් 🙏
මේ තැන ගැන දන්න අය දන්නවා වාහන කොච්චර වේගෙන් යනවද කියලා. මම ඊයේ යද්දිත් හරියටම පාරේ මැද්දේ සුදු ඉර උඩ දෙන්නම හිටියේ. හරිම අනාරක්ෂිතයි. කොයි වෙලේ යට වෙයිද දන්නෑ 😓
මෙයාලට කෑම නම් ගොඩක් ලැබෙනවා. කෑම දෙන අය පරිසරය ගැනත් පොඩ්ඩක් හිතුවොත් හොදයි කියලා මං හිතන්නේ. මොකද එතන ගොඩක් ජරා වෙලා. කෑම කොල යෝගට් කප් හැමතැනම තියෙනවා. පොඩි පැටව් නේ එයාලට තේරෙන්නේ නෑ. එයාලම ඒවා කාලා ලෙඩ වෙන්න තියෙන ඉඩත් වැඩී.
නුවර අවට අපි ගෙනත් දෙන්නම් අනේ උදව් කරන්න 🙏
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy