Brain
From Pain to Power: The Legacy of Peter’s Photo
06/09/2025
ඔයත්! තාවකාලික විසඳුම් වලින් සෑහිමකට පත්වෙන කෙනෙක් ද (එවලෙට ගේමක් ගහන) නැත්තම් ප්ලාස්ටරයක් වෙනුවට ස්තීර විසඳුම් හොයන කෙනෙක් ද ,
එදිනෙදා මූන දෙන දේවලුත් හරියට මේ වගේ , ප්ලාස්ටර් එකක් ගහලා බ්රේක් එකක් ගන්නත් පුලුවන්, කාලයක් අරන් කොන්ක්‍රීට් එකක් දාන්නත් පුලුවන්,
හැබැයි නිතරම මුක්කුවක් වගේ එල්ලිලා ඉන්නවට වඩා දරාගෙන ඉන්නවට වඩා, ප්‍රායෝගිකව හිතලා, අවස්තානූකූලව ප්ලාස්ටරයක් හරි කොන්ක්‍රීට් එකක් හරි හැකි ඉක්මනින් දාලා, ඊගාව පියවරට යන්න,
අපි වෙනුවෙන් බලං ඉන්න කවුරුත් නෑ, 😊✌️
09/08/2020
බුද්ධත්වය හෝ ජීවිතය වෙනුවෙන් දුවන හිමිවරු
ජපානයේ කියෝතෝ නුවරට ආසන්නයේ පිහිටා ඇති හිදෙයි නම් කන්ද පාමුල එන් ර් යා කුජි නම් පන්සලේ වාසය කරන භික්ෂූන් හදුන්වන්නේ මැරතන් භික්ෂූන් ලෙසයි.
මෙහි වැඩ සිටින්නේ මහායාන බෞද්ධ සම්ප්‍රදායේ එක් අංගයක් වන තෙංදෙයි නම් නිකාය පිළිපදින භික්ෂූන් වහන්සේලායි මෙය චීනෙන් ජපානයට ලැබුනු දහමක් ලෙසයි සදහන් වන්නේ.
මෙම භික්ෂූන් විශ්වාස කරන්නේ එක් ආත්මයක් තුල ශරීරයට අධික ලෙස දුක් දීම තුලින් බුද්ධත්වය කරා ළඟාවිය හැකි බවයි.
ආදී කාලයේ සිට " කයි හෝ ග්‍යෝ" නම් වේගයෙන් ඇවිදීමේ ක්‍රමයක් මගින් බුද්ධත්වය කරා ළඟා විය හැකි බව තරයේ අදහන මෙම භික්ෂූන් හිදෙයි කදු පන්තිය පුරාවට ඇති සිද්ධස්ථාන වන්දනා කිරීමට වසර පුරාම වේගයෙන් ඇවිදිම සිදු කරනවා.
සුදු පැහැති සිවුරක් ඇද ලී පතුරකින් සෑදු හිස්වැසුමක් පැලැද තෘණ විශේෂයකින් සෑදු පාවහන් යුගලක් පැලැද මෙම වන්දනා කටයුත්තේ නිරතවන මෙම භික්ෂූන්වහන්සේලාගේ විශේෂත්වය වන්නේ යම් හෙයකින් මෙම කටයුත්ත සම්පූර්ණ කිරීමට නොහැකි වුවහොත් දිවි නසා ගැනීමට පිහියක් හෝ කඹයක් රැගෙන යෑමයි.
වසර 7ක් පුරාවට දින 1000ක් මුළුල්ලේ සිදු වන මෙම ඇවිදීම ඔබ අප සිතන තරම් සුන්දර චාරිත්‍රයක්නම් නොවෙයි.
දින 100 සහ දින 1000 ලෙස බෙදී ඇති මෙම චාරිත්‍රය යම් හෙයකින් ආරම්භ කෙරුවහොත් මගදී ඉවත් වීමට නොහැකි අතර ස්වාභාවික හේතුවක් හෝ සෞඛ්‍ය ගැටලුවක් හේතුවෙන් හෝ මෙය නවත්වන්නේනම් සියදිවි නසා ගැනිම ඔවුන්ගේ චාරිත්‍රයේ ප්‍රධානම නීතියක් සේ සැලකේ.
ඒවාගේම ආහාර හා නින්ද රහිතව දිවි රැක ගැනීමට ජලය පොදක් පමනක් පානය කරමින් දින 7ක් එක දිගට ෆුඩෝ ම්යෝ නම් දේවතාව වන්දනාමාන කිරීමද මෙම චාරිත්‍රයේ කොටසක් ලෙස සැලකේ.
පලමු දින 100 දිනකට කිලෝමිටර් 20-30ත් අතර ප්‍රමාණයකින් ආරම්භ වන අතිශය පූජනීය චාරිත්‍රයේ අවසානය වන විට භික්ෂූන් විසින් දිනකට කිලෝමිටර් 60-70ක් වැනි අතිශය වෙහෙසකර මෙන්ම කටුක ගමනාන්තයක් කරා ළඟා වන අතර මෙම චාරිත්‍රය ඉටු කිරීමට ගොස් බෝහෝ භික්ෂූන්වහන්සේලාට සිදු වූයේ අපවත් වීමටයි.
ඉතිහාසයේ පුරාවට මෙය සම්පූර්ණ කර ඇත්තේ භික්ෂූන් වහන්සේලා 46 දෙනෙකු පමණක් වන අතර ඔවුන්ව ජීවමාන බුද්ධත්වයෙන් සලකා වන්දනාමාන කරනු ලබනවා.
එමෙන්ම 2013 වසරේ දී අපවත් වූ යුසේ සකායි නම් හිමිනමගේ ජීවිත කතාව ඇසුරෙන් රචිත ග්‍රන්ථයේ සදහන් වන්නේ උන්වහන්සේ මෙම චාරිත්‍රය දෙවරක්ම සම්පූර්ණ කර ඇති බවයි .
©
Visit our official website - https://brainsl.blogspot.com/
07/08/2020
ලොවක් ආදරය දිනාගත් සුදු (ඇලි) අලියා
11/07/2020
නව කොරොනා වෛරසයට වඩා වැඩි ප්‍රතිශතයකින් ව්‍යාපත්වන සහ බයානක නිව්මෝනියාවට සමාන රෝග ලක්ශණ සහිත වෛරසයක් කසකස්තානයෙන් වාර්තා වෙනවා.
එරට පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ගත වූ මාස කිහිපය තුල මෙම රෝගී තත්වය හේතුවෙන් මරණ 1772 වාර්තා වූ බවයි.
මෙහි භයානකම තත්වය වනුයේ එම මරණ වලින් 628 ක්ම පහුගිය ජූනි මස වාර්තා වීමයි.
ඒ වගේම මෙම මරණ අතර විදෙස් ජාතිකයින් ද සිටින අතර රැකියා සදහා පැමිණි මෙම විදේශිකයන්ට යම් හෙයකින් මෙම රෝගය ආසාධනය වී තිබුණහොත් මෙම රෝගය ලොව පුරා පැතිරීමේ අවධානමක් ද ඇති බවයි.
©
30/06/2020
Tiktok / we chat ඇතුළු චීනයට සෘජු හා වක්‍රාකාරයෙන් සම්බන්ධතා ඇති පරිගණක හා ජංගම ඇප්ලිකේශන් හා මෘදුකාංග 59 ක් ඉන්දියාව තුල සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ඉන්දියානු මධ්‍යම රජය තීරනය කොට තිබෙනවා.
දේශසීමා ආශ්‍රිතව ඇති වූ ගැටලූකාරී තත්වය හා චීනය විසින් දිගින් දිගටම ඉන්දියාව වෙත එල්ල කරනු ලබන අභ්‍යන්තර බලපෑම හේතුවෙන් මෙය සිදු කර ඇති බවටයි වාර්තා වෙන්නේ.
මෙම මෘදුකාංග සහ ඇප්ලිකේශන් භාවිතා කරමින් චීනය අනෙක් රටවල් වල ඔත්තු බැලීම වැනී නීති විරෝධී කටයුතු සිදු කරන බවටද ඉන්දියාව ප්‍රකාශ කර සිටියා.
ලෝකයේ චීනයට පසු වැඩිම ජනතාවක් සිටින ඉන්දියාවේ මෙම ඇප්ලිකේශන් හා මෘදුකාංග තහනම් කිරීම හේතුවෙන් චීනයට දැඩි ආර්ථික පසුබෑමක් එල්ල විය හැකි බව ආර්ථික විශ්ලේෂකයන් වැඩිදුරටත් සදහන් කරා.
©
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Peradeniya
Kandy
20400