T24

T24

共有する

19/05/2026

රණවිරු සැමරුමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සුවිශේෂ අයකු නොවන බව අමාත්‍ය උපාලි පන්නිලගේ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රණවිරු සැමරුම සඳහා හිටපු රාජ්‍ය නායකයන් සියලු දෙනාට ආරාධනා කර ඇති බවයි.

ඒ සඳහා පැමිණීම නොපැමිණීම ඔවුන්ගේ කාර්යක් බවත් උපරිම රාජ්‍ය මැදිහත්වීම යටතේ කිසිදු අඩුවකින් තොරව රණවිරු සැමරුම සිදුකරන බවත් ඇමති උපාලි පන්නිලගේ ප්‍රකාශ කරයි.

කෙසේ වුවද දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මහින්ද රාජපක්ෂට එවැනි ආරාධනාවක් ලැබී නොමැති බවයි.

18/05/2026

🔴 රණවිරු සැමරුමකදී විමල් වීරවංශට උණුසුම් තත්ත්වයක්!

අද (18) කොළඹදී පැවති රණවිරු සැමරුම් අවස්ථාවකට සහභාගී වීමට පැමිණි හිටපු අමාත්‍ය Wimal Weerawansa සම්බන්ධ සිදුවීමක් සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්ව තිබේ.

වාර්තා වන අන්දමට, රණවිරු ස්මාරක පරිශ්‍රයට ගොස් පුෂ්පෝපහාර දැක්වීමට උත්සාහ කළ අවස්ථාවේ ආරක්ෂක අංශ සහ ඔහු අතර උණුසුම් වාදයක් ඇතිව තිබේ. එහිදී ඔහුට ඇතුල්වීම සීමා කළ බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධියට අදාළ වීඩියෝ සහ ඡායාරූප මේ වන විටත් Facebook, TikTok සහ YouTube ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර යමින් පවතී.

කෙසේ වෙතත්, ආරක්ෂක අංශ පවසන්නේ උත්සවයේ ආරක්ෂක ක්‍රියාමාර්ග හේතුවෙන් ප්‍රවේශය පාලනය කළ බවයි. මේ සම්බන්ධයෙන් නිල පොලිස් නිවේදනයක් මෙතෙක් නිකුත් වී නොමැත.

18/05/2026

ත්‍රස්තවාදය පරදා 17 වසරයි.

දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයේ අඳුරු යුගයකට ඇද දැමූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය අවසන් කර අදට (18) වසර 17ක් සපිරෙයි.

2009 මැයි 18 වනදා නන්දිකඩාල් ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවිතක්ෂයට පත්වීමත් සමග මෙරට පැවති දිගුකාලීන යුද ගැටුම නිමාවට පත්විය.

1975 වසරේදී යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා ඝාතනය කිරීමෙන් ආරම්භ වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පසුව දිවයින පුරා පැතිර ගියේය. මහ බැංකුව, කටුනායක ගුවන් තොටුපළ, ශ්‍රී දළදා මාලිගාව සහ ජය ශ්‍රී මහබෝධිය ඇතුළු වැදගත් ස්ථාන රැසක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරමින් රට තුළ භීතිය හා අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය කිරීමට ඔවුන් උත්සාහ ගනු ලැබීය.

මවිල්ආරු සොරොව්ව වසා දැමීමෙන් නැගෙනහිර ගොවි ජනතාවට දැඩි බලපෑම් එල්ල වූ අතර, ඉන් අනතුරුව රණවිරුවන්ගේ මෙහෙයුම් තවත් තීව්‍ර විය. සේනාංක අටක් මාර්ග අටක් ඔස්සේ ඉදිරියට ගමන් කරමින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ දැවැන්ත මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.

එම කාලය තුළ අහිංසක ජනතාව ප්‍රාණ ඇපකරුවන් ලෙස යොදා ගනිමින් ත්‍රස්තවාදීන් සටන් කළද, රණවිරුවන් මානුෂීය මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් ජනතාව බේරා ගැනීමට ද කටයුතු කළේය.

සියලු අභියෝග ජය ගනිමින් 2009 මැයි 18 වනදා නන්දිකඩාල්හිදී යුද්ධය නිමාවට පත්වූ අතර, රට ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමට කැපවූ රණවිරුවන්ගේ වීරත්වය අදත් ජනතා මතකයේ අමරණීයව පවතී.

මේ අතර, යුද ජයග්‍රහණයේ 17 වන සංවත්සරය නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය” හෙට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට, උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් ද පළමු වරට එක්වන බව රණවිරු සේවා අධිකාරිය සඳහන් කළේය.

T24
🇱🇰

あなたの事業をメディア会社のトップリストKyoto-shiにしたいですか?
ここをクリックしてあなたのスポンサー付きリスティングを獲得。

カテゴリー

ウェブサイト

住所


Kyoto-shi, Kyoto
20400

営業時間

月曜日 09:00 - 17:00
火曜日 09:00 - 17:00
水曜日 09:00 - 17:00
木曜日 09:00 - 17:00
金曜日 09:00 - 17:00
土曜日 09:00 - 17:00
日曜日 09:00 - 17:00