ARYA SRI YOGA

ARYA SRI YOGA

Share

22/07/2020

කතෘගෙ සම්බන්ධය

මාගේ නම හේරත් මුදියන්සේලාගේ ආරියදාස වන අතර 1959.09.06 දින කොළඹදී ඉපදුන අතර මුලින්ම යෝග ව්ද්‍යාව පිළිබද අත්පොත් තැබුවේ සංගීතාචාර්යය යෝගානන්ද බාලසූරිය මහතාගෙනි ඒ 90 දශකයේදීය.
එකල එතුමා ලංකාවේ ප්‍රසිද්ධ සගරාවක් වන සුභසෙත පුවත්පත සදහා ලිපි රචනා කරන ලදි.ඉන් පසු එතුමාගේ වියොවෙන් පසු කාලයක් යෝග අධ්‍යාපනයට තාවකාලිකව සමුදීමට සිදුවූ අතර නැවත යෝග විද්‍යාව පිලිබද උනන්දුව ඇතිවූයේ මට වැළදුන චිකන් ගුන්‍යා නැමති රෝගය නිසා ඇවිදීමට නොහැකි වීම නිසාවෙනි.ඒ 2008 දීය.යෝග විද්‍යාව තුලින් ශාරිරික රෝග සදහා සහනක් ලබා ගැනීමට ඇති හැකියාව පිලිබද මට සිහිවූ අතර මා ඉන්පසු බොරැල්ල ආයුර්වේද මහ රෝහලේ යෝග අංශය වෙත ගොස් වෛද්‍ය ආචාර්ය ඥාන ලතා තුමියගෙන් යෝග ප්‍රතිකාර ලබා ගත් අතර දින තුනක් වැනි කෙටි කාලයක් තුළ දිනකට පැය බැගින් ප්‍රතිකාර ලැබීමෙන් පසුව මා යථා තත්ත්වයට පත් පත් වූයේ මා පවා විශ්මයට පත් වෙමිනි.
ඉන් පසු මාගේ අවධානය පූර්ණ වශයෙන් යෝග අධ්‍යයනයට වෙන් වූ අතර මුලින් මා එම වෛද්‍ය තුමිය යටතේ වසර දෙක තුනක පුහුණුවක් ලැබූ අතර අදටත් බොරැල්ල මහ රෝහලේ රෝග අංශය එම කණ්ඩායම සමඟ මාගේ ඡායාරූප පවතී. ඉන් පසුව මා යෝග අධ්‍යාපනය ලැබුවේ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දීය ඒ 2016 දී ය වර්තමානයේ දී එම ආයතනය විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය ලෙස ද ලෙස ද නම් කර ඇත. එහි දී එම ආයතනයේ ප්‍රධාන යෝගාචාර වරයා වන ව්‍යාස කල්‍යාණ සුන්දරම් ආචාර්ය තුමා යටතේ ශිල්ප හදාරන ලදී.
ඉන් පසු තවත් වැඩිදුර අධ්‍යාපනය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද රෝහලේ සහතික පත්‍ර පාඨමාලාව දෙදහස් දොළහේ දී හදාරා ඉන් පසු 2014 වන විට එහිදීම අධිකාර පත්‍රය ලබා ගන්නා ලදී. එහි දී මා හට නැවතත් ව්‍යාස කල්‍යාණ සුන්දරම් ගුරුතුමා හමු වීමේ භාග්‍යය ලැබුණි ඉන් පසු මා හට 2015 අගදි BKS අයියංගර් ගුරුතුමාගේ ගුණ සැමරුම පැවැත්වීම සඳහා ව්‍යාස කල්‍යාණ සුන්දරම් ගුරුතුමාගෙන් ඇරයුම් ලැබුණ අතර එහිදී මා හට පැවරුණේ මේ සඳහා සිංහල යෝග ආයතන ගෙන්වා දෙන ලෙස ය. ඒ අනුව එහි දී එකල මා විසින් හථ යෝග ආයතනයෙ ප්‍රධාන යෝග උපදේශක නන්ද සිරිවර්ධන ගුරුතුමා හා චාමින් වර්ණකුල මහතා ගුරුතුමාට හඳුන්වා දෙන ලදී. පසුව 2016 දී ධම්ම යෝග ආයතනයේ ධම්මපාල විජේසිරි මැතිතුමා 2017 දී පුදසුන යෝග ආයතනයේ කොස්තා මහතා හා එම මහත්මිය ජාතික තරුණ සේවා සභාවේ සඳ්දර්ශී යෝග ආයතනයේ ශාමලී කහවිට මහත්මිය ඇතුළු පිරිස හඳුන්වා දෙන ලදී. ඉන් පසු ජාත්‍යන්තර යෝග දින පැවැත්වීමට සහයෝගය දෙන ලදී.

මෙන්ම 2017 යේ සිට ලංකාව පුරා රෝඩ් ෂෝ වශයෙන් එම ආයතන සමඟ සම්බන්ධ වී ඉදිරිපත් කිරීම් කරන ලදී එමෙන්ම 2019 දී මා හට ලංකාවේ දී පැවැත්වූ ජාත්‍යන්තර යෝග තරගාවලියේ දී ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හැකියාව ලැබුණි ඉන්පසු අෂ්ටාංග යෝග මන්දිර ආයතනයේ ව්‍යාස කල්‍යාණ සුන්දරම් ආචාර්යවරයාගේ මෙහෙයවීම මත යෝග ආයතන ශූරතාවය යේ සම්බන්ධීකාරක ලෙස සහභාගි වන ලදී. එසේම 2018 දී තිබුණ යෝග සම්මේලනයේ කැඳවුම්කරු වූයේ ද මා වන අතර නමුත් එය අවාසනාවන්ත ලෙස විසිරවීමට සිදුවන ලදී .
වර්තමානයේ දී මා ඕම් ශ්‍රී ආර්ය යෝග භාවනා ආයතනය හා ආර්ය ශ්‍රී යොග ආයතනය පවත්වාගෙන යන අතර 2020දී යෝග ආසන තරගාවලියට මාගේ ආයතනය යටතේ මගේ මිත්‍රයෙකු වන එම් එල් පීරිස් මහතා ඉදිරිපත් වී වී රන් පදක්කම ලබා ගන්නා ලදී.

වර්තමානයේ දී මා යෝගා පුහුණුකරුවෙකු ලෙස මාගේ ආයතනය පවත්වා ගනිමින් සිටී.

03/07/2020

යෝගා යනු සරලවම කියන්නේ නම්,සිත කය එක්තැන් කිරීමට ඇති හැකියාවටයි.

ප්‍රවීණ යෝගා ආසන පුහුණු කරුවෙක් වන අරියදාස හෙරත් මහතා 2019 වර්ෂයේ ඉන්දියාවේ H.V.P මන්ඩාල් අමරාවතී පදනම හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද ජාත්‍යන්තර යෝගාසන තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදෙමින් ප්‍රථම රන් පදක්කම දිනා දීමට සමත් විය.

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


No. 44/2, Dhamma Dassi Road
Kandy

Opening Hours

Monday 08:30 - 10:30
10:30 - 12:30
Wednesday 08:30 - 10:30
10:30 - 12:30
Friday 08:30 - 10:30
10:30 - 12:30