Salon nulara
I got over 100 reactions on my posts last week! Thanks everyone for your support! 🎉
20/09/2025
゚viralシfypシ゚viralシ
17/09/2025
තරුණ සම රකින ආයුර්වේද රහස්
සමේ පැහැපත් බව කාන්තාවකගේ පංචකල්‍යාණයේ වැදගත් අංගයකි. කාන්තාවකගේ සුරූපී බව කෙරෙහි ඇගේ සමේ පැහැපත් බව අනිවාර්ය අංගයක් බව එයින් පෙනේ. හමේ පැහැපත් බව (Complexion) යනු හුදෙක් සුදු පැහැති වර්ණයම නොවේ. අප රටේ කාන්තාවන්ගේ සම සුදු පැහැයට වඩා තළෙළු හෝ දුඹුරු පැහැයට හුරුය. වර්ණය කුමක් වුවද නිරෝගී සම පැහැපත්ය, ආකර්ෂණීයයි. මෙම පැහැපත් බව ආයුර්වේදයේ දක්වා ඇත්තේ 'කාන්ති' හෝ 'ප්‍රභා' ලෙසය. සම නිරෝගී නම්, පැහැපත් නම් එමෙන්ම මෘදු නම් එය කාන්තාවකට ලැබිය හැකි මහඟු දායාදයකි.
නිර්මල, නිරෝගී සමක් කාන්තාවකගේ ස්වාභාවික සුන්දරත්වයේ අනිවාර්ය අංගයකි. නිරෝගී පැහැපත් සමක් දිදුලන (Glow) ස්වාභාවයක් ගනී. අවාසනාවකට මෙන් වර්තමාන කාන්තාවන් විසින් බොහෝ විට සමේ නිරෝගී බව ආරක්‍ෂා කරගැනීමේ පිළිවෙත් අමතක කර දමා ඇත.
👉සම ලෙඩ වීම
ප්‍රධානතම කරුණු ලෙස සෞඛ්‍යාරක්‍ෂිත නොවන ආහාර පුරුදු නම් කරන්න පුළුවන්. කුඩා දරුවකුගේ ප්‍රසන්න, මෘදු මොළොක් රෝස පැහැති සම ළමා කාලය පුරාවටම දක්නට ලැබේ. එහෙත් ක්‍රමයෙන් වයසින් වැඩෙත්ම වැරැදි ආහාර පුරුදු සහ වෙනත් හේතු නිසා මේ ප්‍රසන්න බව නැතිවී යනවා. නිතර තෙල් බැදුම්, සීනි අධික ආහාර, තේ, කෝපි සහ පැණි බීම වර්ග අධිකව පරිභෝජනය කිරීමෙන් සමේ නිරෝගීකම අඩුවෙනවා, ඉක්මනින්ම සම දුර්වර්ණ වීමට පටන් ගන්නවා. අකාලයේ වයස්ගත පෙනුමක් ඇතිවෙනවා. තවත් කරුණක් වන්නේ හොඳ රුධිර සැපයුමක් සමට නොමැතිවීමයි. හොඳ රුධිර සැපයුමක් ඇති සම සැමවිටම දිදුලන ස්වභාවයක් ගන්නවා.
👉පිරිසුදු බව
සම හොඳින් පිරිසුදු නොවීමද සම දුර්වර්ණ වීමට බලපානවා. හොඳින් සම Clenser කිරීමෙන් සමේ තැවරී ඇති දූවිලි, කුරුලෑ හා තවරන ලද ක්‍රීම් ආදිය මනාව ඉවත් වෙනවා. එසේම තෙල් ස්‍රාවය කරන ස්නේහස්‍රාවී ග්‍රන්ථි අවහිර වීමෙන් කුරුලෑ ආදිය ඇතිවීම වළකිනවා.
අධික හිරුඑළිය
සම ඉතා ඉක්මනින් වයසට යෑමට හේතුවන තවත් විශේෂ කරුණක් තමයි අධිකව හිරුඑළියට නිරාවරණය වීම, නැතහොත් තද අව්වේ සිටීම. මේ නිසා සමේ ඇතිවන වෙනස්වීම්වලට 'Photoageing' කියනවා. මේ මඟින් සමේ ප්‍රදාහිත තත්ත්වයන් ඇතිකරල වැඩිපුර මුක්තඛණ්ඩ (Free radicals) නිපදවෙනවා.
👉හොඳ පෝෂණයක්
සමේ නිරෝගී බව, පැහැපත් බව, රැක ගැනීම සඳහා අවශ්‍යම කරුණ වන්නේ ශරීරයට හොඳ පෝෂණයක් ලබාදීමයි. මෙම ආහාර අත්‍යවශ්‍ය සියලු සංඝටකවලින් අනූන විය යුතුය. නිවුඩු සහිත ධාන්‍ය වර්ග, නැවුම් එළවළු හා පලතුරු වර්ග, පලා වර්ග සමඟ කිරි සහ තෙල් අඩංගු විය යුතුයි.
ඔබේ සමේ ස්වභාවය වියළි, රළු එමෙන්ම නිතර කළු ලප ඇතිවෙනව නම් එයින් පෙනෙන්නේ ඔබේ ආහාරයේ විටමින් 'ඒ' අඩු බවයි. ඒ සඳහා විටමින් 'ඒ' අඩංගු ආහාර විශේෂයෙන් බිත්තර, කැරට් කහ පැහැති පලතුරු වර්ග ආහාරයට ගත යුතුයි. එසේම වියළි සමකට යකඩ, අයඩින් සහ විටමින් 'බී' වල අඩුවීමක් බලපානවා. විශේෂයෙන් බී - කාණ්ඩයේ විටමින් මඟින් සම පැහැපත් කරනවා. එසේම සමට රුධිර සැපයුම මනාව පවත්වා ගැනීමට බී - විටමින් අවශ්‍යයි. බී විටමින් අඩුවීමෙන් සමේ අඳුරු ලප ඇතිවීමත් සිදුවෙනවා. තවදුරටත් බී විටමින් අඩුවීමෙන් නළල, කම්මුල, කන් පිටුපස සමට යටින් කුඩා තෙල් ලප ඇතිවෙනව. මුඛයේ කොන් වියළී, ඉරිතළා පැසවීමද ලක්වෙනවා.
(Angular Stomatitis)
❤❤❤සමේ පැහැය වැඩි කිරීම❤❤❤
✅උණුකළ නැවුම් එළකිරි වීදුරුවකට, මඳක් නිවුණු පසුව දෙහි ගෙඩියක ඇඹුල් සහ ග්ලිසරින් තේ හැඳි 01ක් දමා මිශ්‍රකර මුහුණ ඇතුළු ශරීරයේ ආලේප කරන්න. කැමැති නම් රාත්‍රි නින්දට යෑමට පෙර මෙය කළ හැකිය. මෙය දිනපතා කළ හැකි නම් එමඟින් සම නිරෝගී වී තරුණ පෙනුමක් ලබාදෙයි.
✅දොඩම් ඉස්ම සමේ පැහැපත්බව වැඩිකරයි. පිරිසුදු නැවුම් ෙදාඩම් ඉස්ම මුහුණේ ආලේප කළ හැකිය. එසේම පැසුණු ෙදාඩම් බික් පවනේ වියළා කුඩුකර සාදා ගන්නා ආලේපය රාත්‍රි නින්දට පෙර ආලේප කිරීමෙන් සම පැහැපත් වේ. එමෙන්ම කුරුළෑ ඉවත් වෙයි.
✅පැණිකොමඩු ඉස්ම සමේ ඇති කුණු ඉවත් කිරීමට යොදයි. මේවා සමේ ආලේපකර විනාඩි 15ක් පමණ තිබෙන්න හැර මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
✅ඉදුණු තක්කාලි ඉස්ම මුහුණේ ආලේපකර පැයකට පමණ පසුව මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙය දිනපතා කළ හැකි නම් හම පැහැපත් වේ.
✅• පිපිඤ්ඤා ගෙඩියක් පොඩිකර මුහුණ, නළල, බෙල්ල ආදී ස්ථානවල ආලේපකර විනාඩි 20කට පමණ පසුව සෝදා හරින්න. මෙයින් සමේ වියළි බව තුරන් වේ. කුරුලෑ, ලප, කැළැල් ආදිය ඉවත් වෙයි.
✅• කොට්ටම්බා ඇට, අමු රෝස කැකුළු එළකිරෙන් අඹරා ආලේප කරන්න. මේ මඟින් සම පිරිසුදු වේ. සමට පෝෂණය ලැබේ. සම වියළීම වළක්වා තරුණ පෙනුම ලබාදෙයි.
✅• මීකිරි ස්වල්පයක් ගෙන උදෑසන මුහුණේ (ශරීරයේ) ආලේප කරන්න. පසුව විනාඩි විස්සකින් පමණ ඉවත් කර සිසිල් ජලයෙන් සෝදා හරින්න. මෙමඟින් සම පැහැපත් වේ. මීකිරිවලට දෙහි ඇඹුල් ස්වල්පයක්ද එකතු කළ හැකිය.
✅• රතු පරිප්පු ස්වල්පයක් පොඟවා මීකිරි සමඟ අඹරා මුහුණේ ගනව ආලේප කර විනාඩි 20ක් පමණ තබා ඉවත් කරන්න. මෙමඟින් සම පිරිසුදුවී, දීප්තිමත් බවක් ඇතිවේ. ලප කැළැල් ඉවත් වේ. මෙම මිශ්‍රණයටම කොහොඹ කොළ ඉස්ම ස්වල්පයක් එක්කරන්නේ නම් එමඟින් කුරුලෑද සුවවේ.
✅• මීපැණි, ඔලිව් තෙල්, සුදු හඳුන් කුඩු හා කහකුඩු මිශ්‍රණය ආලේප කිරීමෙන් සම ප්‍රාණවත් වේ. මෙමගින් සමේ මියගිය කොටස් ඉවත් වී පිරිසුදු වේ. සම පැහැපත් වේ.
මේ ආකාරයට ස්වාභාවික ද්‍රව්‍ය යොදා ගනිමින් නිරතුරුවම සමට සත්කාර කරන්නේ නම් සම දිරාපත්වීමේ ක්‍රියාවලීන් ප්‍රමාද කර සම පැහැපත් වේ. නිරතුරුවම පිරිසුදුව සිටීමද, පෝෂ්‍යදායී ආහාර ගැනීමද සම නිරෝගීව තබා ගැනීමට මෙන්ම සම වයසට යෑම ප්‍රමාද කිරීමට හේතු වේ.
මුල් අයිතිය -
ආචාර්ය එස්.එම්.එස්. සමරකෝන්
ජේයෂ්ඨ කථිකාචාර්ය
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය
කැලණිය විශ්වවිද්‍යාලය
උපුටා පල කිරීමකි..
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy