lasitha_ranasinghe_official
31/12/2025
🎍🌅 ජපානයේ නව වසර – අලුත් ආරම්භයක්🌅🎍
ජපානයේ නව වසරට お正月(Oshōgatsu) කියනවා.
මේ දවස ජපාන ජනතාවට සාමාන්‍ය උත්සවයක් විතරක් නෙවෙයි.
එය හිත, නිවස, ජීවිතය—සියල්ලම නැවත පිරිසිදු කරන දවසක් ලෙස සැලකෙනවා.
නව වසරට පෙර දවස්වල මිනිස්සු ගෙවල් හොඳට පිරිසිදු කරනවා.
මෙයට 大掃除(おおそうじ) කියනවා.
ජපන් ජාතිකයන් හිතන්නෙ, මෙහෙම නොකලොත් 年神様(Toshigami-sama) කියන නව වසරේ දෙවියන් ගෙදරට එන්නේ නෑ කියලා.
ගෙවල් ඉදිරියේ 🎍門松(Kadomatsu) වලින් සරසලා,
දෙවියන්ට “අපේ ගෙදරට එන්න” කියලා ආරාධනා කරනවා.
年神様 එන ගෙදරට
👉 සෞඛ්‍යය
👉 වාසනාව
👉 සාර්ථක වසරක්
ලැබෙනවා කියලා විශ්වාස කරනවා.
නව වසරට පෙර රෑ, ආගමික ස්තාන වල 🔔
除夜の鐘(Joya no Kane) කියලා ඝාණ්ඨාරය 108 වාර නාද කරනවා.
මේ 108 වාරය මිනිස් හිතේ තියෙන
කෝපය, ඊර්ෂ්‍යාව, ලෝභය, දුක වගේ
නරක සිතිවිලි 108ක් අතහැරලා,
අලුත් වසරට පිරිසිදු හිතකින් පිවිසෙන්න කියන සංකේතයක්.
නව වසරේ පළමු රෑ දැක්ක සිහිනයට
初夢(Hatsuyume) කියනවා.
1️⃣ 富士山(ふじさん / Fujisan) 🗻
→ ජපානයේ උසම කන්ද
→ “උසස් සාර්ථකත්වය, මහත් ඉලක්ක” කියන අර්ථය
2️⃣ 鷹(たか / Taka) 🦅
→ Eagle / Hawk
→ “බුද්ධිය, බලය, ඉක්මන් අවස්ථා අල්ලාගැනීම”
3️⃣ 茄子(なす / Nasu) 🍆
→ Eggplant (බාදන්)
→ ජපානයේ “සාර්ථක වීම / දෙයක් ඉටු කිරීම” කියන වචන අර්ථයට සම්බන්ධ
මේවා දැක්කොත්
“ඉතාම වාසනාවන්ත වසරක්”
ලැබෙනවා කියලා කතාවක් තියෙනවා.
අලුත් වසරේ දවසට
පවුලේ අය එකට එකතු වෙලා
🍱 おせち料理 (Osechi Ryori) ආහාරයට ගන්නවා,
ළමයින්ට 💌 お年玉(Otoshidama) දෙනවා.
ඒ හැමදේම කියන්නේ
“මෙම වසර පවුල, ආදරය, එකමුතුව අමතක නොකර ජීවත් වෙමු”
කියන අදහසයි.
🌸 ජපානයේ නව වසර අපට කියන පණිවිඩය සරලයි.
පරණ දේ අතහැරලා,
අලුත් හිතකින්,
අලුත් බලාපොරොත්තුවකින්,
අලුත් වසරට පියඹමු.
✨🎉 ඔබටත් සුභ නව වසරක් වේවා! 🎉✨
-Lasitha Ranasinghe
#සිංහල 🎍🌅
15/12/2025
🇯🇵 N3 ජපන් පාඩම්: "あげる" (Ageru) කියන්නේ "දෙනවා" විතරක් නෙවෙයි! 😲
අපි හැමෝම මූලික මට්ටමේදි ඉගෙන ගන්නේ "あげる" කියන්නේ "දෙනවා" කියන එකනේ. (උදා: プレゼントをあげる - තෑග්ගක් දෙනවා).
හැබැයි JLPT N3 level එකේදි මේක ඊට හාත්පසින්ම වෙනස් grammar point එකක් විදිහට අපිට හම්බවෙනවා.
✅ Grammar Point: Verb (ます stem) + あげる
මේකෙන් අදහස් වෙන්නේ යම්කිසි ක්‍රියාවක් සිඳුකර අවසන් කරනවා / සම්පූර්ණ කරනවා කියන එකයි. නිකන්ම කරනවා කියනවට වඩා, යම් මහන්සියක් දරලා හෝ යම් කාලයක් අරගෙන වැඩේ "ඉවරයක් කරා" කියන අදහස මේකෙන් එනවා.
🔸 හදන විදිහ:
ක්‍රියාපදයේ ます ආකාරය අරගෙන, 'ます' ඉවත් කරලා එයට 'あげる' එකතු කරන්න.
* 食べます (කනවා) ➡️ 食べ + あげる ➡️ 食べあげる (කාලා ඉවර කරනවා/සම්පූර්ණ කරනවා)
* 書きます (ලියනවා) ➡️ 書き + あげる ➡️ 書きあげる (ලියා අවසන් කරනවා)
මේ උදාහරණ දෙක බලන්නකෝ. මේ grammar එක පාවිච්චි වෙන හැටි හොඳටම තේරෙයි. 👇
1️⃣ Love Letter එකේ කතාව 🫣💌
හිතේ ඉන්න කෙනාට love letter එකක් ලියන්න හදනවා. කොච්චර try කරත් අදහසක් එන්නෙ නෑ. අන්තිමට නිදිමරාගෙන කොහොම හරි ලියලා ඉවර කරා!
> 「彼は彼女のために、徹夜(てつや)でラブレターを書き上げた。」
> (කරේ වා කනොජො නො තමෙ නි, තෙත්සුයා දෙ රබුරෙතා ඔ කකිඅගෙතා.)
> "ඔහු ඇය වෙනුවෙන් රාත්‍රිය පුරාවට love letter එක ලියා අවසන් කරා." 🥹
2️⃣ Boot එක කාපු යාලුවාගේ කතාව 💔🥱
යාලුවෙක් ඉන්නවා ලොකු boot එකක් කාලා. දවස් ගාණක් තිස්සේ එකම දේ කියවනවා. ඔන්න යාලුවො සෙට් එක හම්බුන වෙලාවෙත් අයෙත් පටන් ගත්තා. අන්තිමේදි පැය 3කට පස්සෙ මිනිහා කතාව ඉවර කරා.
> 「彼は別れ話を、3時間かけて話し上げた。」
> (කරේ වා වකරෙබනෂි ඔ, සන්ජිකන් කකෙතෙ හනෂිඅගෙතා.)
> "ඔහු වෙන් වුන කතාව, පැය 3කට පසුව කතා කරල ඉවර කරා." 😁
පැහැදිලියි නේද? මේ වගේ පුංචි වෙනස්කම් වලින් තමයි භාෂාව ලස්සන වෙන්නේ.
ඔයාලත් මේ වගේ අමාරුවෙන් "කරලා ඉවර කරපු" (~あげる) වැඩක් ගැන comment එකක් දාගෙන යන්න! 👇👇
Original Lesson by: Lasitha Ranasinghe
#ජපන්_පාඩම්
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Address
Kandy
20000
Opening Hours
| Monday | 21:00 - 09:00 |
| Tuesday | 21:00 - 09:00 |
| Wednesday | 21:00 - 09:00 |
| Thursday | 21:00 - 09:00 |
| Friday | 21:00 - 09:00 |
| Saturday | 21:00 - 09:00 |
| Sunday | 21:00 - 09:00 |