Tourism Web Site Design
31/01/2022
🙏 Welcome to the paradise island of Sri Lanka. As we open our doors to the world once again with https://amithtoursrilanka.com/
06/04/2020
රු 5000 දීමනාව සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින අයටද ලබා දීම..
කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය නිසා ආර්ථික අපහසුතාවයට පත්ව සිටින අයට ලබා දෙන රු 5000 දීමනාව සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින අයටද ලබා දීමට රජය තීරණය කල බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් මත ජනාධිපති කාර්යය සාධක බලකාය මෙම තීරණයට එළඹී බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ නිරත මේ වන විට රට තුල පවතින තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අයට ප්‍රදේශයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී , ග්‍රාම නිළධාරීගෙන් සමන්විත කමිටුව වෙත අදාල ඉල්ලීම ඉදිරිපත් කල හැකිය. මෙම රුපියල් 5000 දීමනාව ලබා දීම සම්බන්ධයෙන් අදාල පුද්ගලයන් තෝරාගැනීම සිදු කෙරෙන්නේ එම කමිටුව මගිනි. අදාල කමිටුවට මේ සම්බන්ධ නිර්නායක රජය විසින් පැහැදිලිව දැනුම් දී ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.
මේ වන විට කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිදවැටී තිබේ. මේ නිසා සෘජුවම සංචාරක ක්ෂේත්‍රයේ රැකියා වල නිරතව සිටි විශාල පිරිසක් ආර්ථික අපහසුතාවයන්ට ලක්ව තිබේ. වක්‍රව සංචාරක ක්ෂේත්‍රයේ යැපෙන විශාල පිරිසක්ද ඒ අතර වේ. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹ බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
සියලු සංචාරක මගපෙන්වන මහත්වරුනි මේවන විටත් ලංකාව හැරදමා නොගිය තමන් සමග සිටින සංචාරකයාගේ Video Cut එකක් ඔබ සතු ජංගම 📲 දුරකතනයෙන් ලබා ගන්න, ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න 'ලංකාව විශ්වාසයි, ලංකාවේ මිනිස්සු විශ්වාසයි අපි ලන්කාව 🇱🇰 දාල යන්නෙ නෑ' යන වචන ටික ලබාගන්න එය Facebook වල Post කරන්න, එකතුවෙන්න නැවත සංචාරක විශ්වාසය ගොඩනගමු, මතක තියාගන්න තවමත් රට තුල 60%ක සංචාරක පිරිසක් තමන්ගේ සංචාරය තුල දිගටම සිටීමට තීරනය කර ඇති බව.
හැකි තරම් Share කරන්න. 🙏
Click here to claim your Sponsored Listing.
Category
Address
Waskaduwa
Kalutara
Opening Hours
| Monday | 09:00 - 22:00 |
| Tuesday | 09:00 - 22:00 |
| Wednesday | 09:00 - 22:00 |
| Thursday | 09:00 - 22:00 |
| Friday | 09:00 - 22:00 |
| Saturday | 09:00 - 22:00 |
| Sunday | 09:00 - 21:00 |