Jay

Jay

Share

09/01/2025

දුරු අඳුරු
නුබ සරන

නුඹ ගැනම
හිත පෙලන

මා වවුලෙකිය මා ...........................

රැය පුරා නුඹ සොයන

09/10/2024

ගිනි අවුවේ ඇබිත්තං කොල දෙකක් වේලා
කූරකට ඔතනකොට උඹ ගැනත් හිතුනා

උපුලාගේ ජම්බු ගහ යට ටිකක් නැවතිලා
මීවිතක් තොල තෙමුවා හැන්දෑවේ සෙට්වෙලා

බීඩියක කහට රහ තිබුනේ දුම අස්සේ
ඒ උනත් සුන්දරයි කොල දෙකක අරුමේ
ගින්දරත් සැපයි බං පිච්චුනත් මුල්ලේ
පිල්⁣ටරේ තිබුනේ නෑ අපි ඔතපු කූරේ

අබිං තිත්තයි කෙල්ලේ පැණි රසයි ආලේ
හිනාවක් තිබුනේම සෙවණගල මානේ
පෙති දෙකක් නිදි නැතුව ලාච්චුවෙ තනියේ
හෙට අලුත් දවසකට තව පැයයි මිතුරේ
..........................................................

අදයි අන්තිම දවස අමාරුම කාලේ
තියේනම් ලයිටරේ මට දියන් ආයේ.........................................................

✍️ අංජන පෙරේරා ෴

08/09/2024

මොරගහකන්ද ජලාශයෙන් යටවූ අතීත මතකයන් වසර ගණනාවක⁣ට පසු මතුවෙච්ච මොහොතක ඒ පාසැල්, ඒ රෝහල, ගෙවල් දොරවල් මේ හැමදේම අත් හැරපු කී දෙනෙක්නම් සිටින්නට ඇතිද. ඒ පාසලෙන් බිහිවුන කලාකරුවන්,වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්,ව්‍යාපාරිකයින්, ගම්වැසියන් මේ හැමදේනාගේම මේ වගේ කතා ගොඩාක් ඇති. මේ එකම එක පුංචි කතාවක් විතරයි.

ආයෙමත් වාරයක්
Voice Sanka Janaranajana
LYRIC BY Anjana Perera ( A-Jay ) & Samantha Kumara ​
MUSIC BY “Massina” Music Band
CAMERA & EDITOR PULATHISI MADUBASANA
VISUAL DIRECTOR SAMANTHA KUMARA (THANIALIYA)

https://youtu.be/NDpk4y5ahnI?si=2AYantY4RINbqLl7

04/09/2024

ඈ නම් ඇය..................

විශ්වීය හැඟීමකි
විටින් විට හිත දවන

නිශ්ක්‍රීය යමහලකි
නිම්නයේ මල් පිපෙන

Toxic මීවිතකි
ප්‍රේමයෙන් සැන්ඩි කල

Dose එක ඉක්මවා
යාම දිවි තොර කරන

07/08/2024

මැරුනත් නොමැරුනත්
ප්‍රේමය හද රන්දා

සිරා නමට බෝධියේ
පැන් කල නැව්වා

රන් මැනිකාට පාලුද
මම නැති හන්දා

බිත්තියේ කුරුටු කවියක
උඹේ නම ලිව්වා

Want your public figure to be the top-listed Public Figure in Kalutara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kalutara