Tippas Kitchen
01/05/2026
සුභ වෙසක් මාසයක් වේවා හැම දෙනාටම ❤️🌸
අවුරුදු ඉවරවෙලා හැමෝම මග බලන් ඉන්න වෙසක් මාසෙත් ආවා ඔන්න. ඉස්සර මාතර හිටිය පොඩි ගෑණු ලමයෙක්. වෙසක් මාසෙ පටන් ගත්ත දවසෙ ඉඳලම වෙසක් කූඩු හදන්න ඕනි කියල අම්ම තාත්තා පස්සෙන් දැවටෙන ළමයෙක්. කාඩ් බෝඩ්, දිලිසෙන ටොෆි කොළ, රත්තරන් පාට චොක්ලට් කොළ අරගෙන චූටි චූටි කූඩු හදන ළමයෙක්.
දැන් ඒ ළමය වැඩිහිටියෙක් වෙලා පුංචි පුතාල දෙන්නෙක් එයා කරපු ඒවම කරන විදිය හොරැහින් බල් බලා ඉන්නවලු. ❤️ ඉතින් මේ එන්නෙ දවසකට කීප වතාවක්, අපි කූඩු හදමු, අපි වෙසක් බලන්න යමු, අපි දන්සල් වඳින්න යමු කියන මාසයයි.
ඉතින් ඔයාල හැමෝගෙම බලාපොරොත්තු ඉටු වන ලස්සන ආදරණීය මාසයක් ප්‍රාර්ථනා කරනවා ❤️
අද උදේම මගෙ පුංචි ගෙමදුලෙන්ම කඩා ගත්ත මොණරකුඩුම්බිය , හාතවාරිය, වැල්පෙනෙල දාල, කතරගමින් ගෙනාපු මෙනේරි ඇටත් දාල හදා ගත්ත කොළ කැඳ එක්ක කුරක්කන් රොටි. රොටි කන්න තියෙන්නෙ ඉතුරු බිතුරු ගෙදර හදපු සැමන් එක්ක සෝයාමීට් කරි දෙකක් එකට දාල ගත්ත කරි එකක්. දැන් බණ්ඩි ෆුල්. ලොකු පුතා සිල් ගත්ත නිසා මල්ලි එක්ක රණ්ඩු සද්ද නැති නිසා නිදා ගන්නවද, නැත්නම් මේ මාසෙට අතට ගත්ත පොත කියවනවද 😀 මොකද කියන්නෙ ඔයාලා 🤫
24/04/2026
ඔයාල ආස බටර් කේක් උණු උණුවෙම කන්නද? මම නම් ආස කේක් එක බේක් කරන වෙලාවට එන සුවඳ පිරුණු මුලුතැන්ගෙයි ඉඳලම උණුවෙන්ම කන්නයි. එතකොට දැනෙන්නෙ අමුතුම සතුටක්.
හැමදාම අවුරුදු මේසෙට කේක් හදල පරිස්සම් කරන්න ගියාම තමයි දෙවන ලෝක යුද්ධෙ පටන් ගන්නෙ 😀 වෙනදට එක පුතෙකුගෙන් පරිස්සම් කරන්න වුනු කේක් එක දැන් පුතාල තුන් දෙනෙක්ගෙන් පරිස්සම් කරන්න එපැයි 🤣ඒ මදිවට මට මෙගෙන් පරිස්සම් කර ගන්නත් බෑ. ඔන්න ඉතින් මේ සැරේ යුද්ධ ඕනි නෑ කියල අවුරුද්දට කලින් දවසෙ පොඩි කේක් දෙකක් බේක් කලා. එකක් ඉතින් උණුවෙන්ම වාශ්ප වුණා 🎷🎷🎷
අපේ පුතාල නෑදෑ ගෙවල් වලට ගියාම කේක් එපා කිව්වා. ඒ තරමට අම්මිගෙ කේක් එක රසද? නැත්නම් කේක් එපා වෙලාද? 🙈 ප්‍රශ්නෙට උත්තරේ එක කියල හිතාගත්තාම හැමෝම සතුටින් නේ 😀
ආ තව දෙයක්, ඔය මගේ චෙරි ගහේ ගෙඩි 😍
කේක් කතාව ඉවරාරාරාරායි 🌸
හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.
මම,
Tippa
23/04/2026
මධ්‍යම කඳුකරේ සිරි නරඹන්න පුංචි සවාරියක් ගියපු වෙලාවක තමයි මේ පිංතූරෙ ගත්තෙ. අපේ ජීවිතේ පුංචිම පුංචි මතකවල මිහිරියාව කාලයත් එක්ක මතකයෙන් ඈත් නොවී තියා ගන්න මේ පිංතූර අපිට කොයි තරම් නම් මතක් වෙනවද. හරියට ඒ මොහොතක තියන මිහිර පිංතූරෙ ඇතුලට කා වැදිල වගේ.
මං හදපු කෑම නොවුනත් ඒ සොඳුරු මොහොත වෙනුවෙන් මන් සරසපු ප්ලැටර් එක ❤️
📍Galaha-Kandy
02/04/2026
🥗 හත් මාලුව
ඔයාලත් අවුරුදු කෑම මේසෙට හත්මාලුව හදනවද? අවුරුදු කෑම මේසෙ රස කරන තවත් වටිනා සාම්ප්‍රදායික කෑමක්. ඉතාම රසවත් වගේම පෝෂණය ඉහල සමබල වෑංජනයක්.
කවුද කැමති හත්මාලුව හදන වීඩියෝ එකක් බලන්න? 😍
අද හිඟුරල වගයක් විකුනන්න තියනවා දැකලා හත්මාලුව මතක් වුනා. ඉතින් ගෙදර ආපු ගමන්ම හත්මාලුව ලිපිය හෙව්වා.
අවුරුදු 6කට කලින් ලියපු ලිපියක්. කාලය කොයි තරම් ඉක්මනින් යනවද හිතුනා ලිපිය ලියපු දවස දුටුවාම ☺
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Website
Address
Kadawata