Doc Talks

Doc Talks

Share

26/02/2026

🤰 ඔයත් බබෙක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද?

මේ injection එක ගැන දැනගෙනද? 💉👶

Pregnancy plan කරනකොට අපි
Folic acid ගන්නවා. කෑම පාලනය කරනවා. සරු දවස හොයනවා...
ඒත්…

ඔයා Rubella injection එක මතක් වුනාද👀

🔴 Rubella කියන්නේ?
Rubella (German measles) කියන්නේ පොඩි viral infection එකක්.

උණ (Fever) 🤒 +
rash +
කුද්දටි (Lymph nodes swelling) තමයි එන්නේ.

ඒත් pregnancy එකේදී මේක හැදුනොත් නම් මේක සම්පූර්ණයෙන් වෙනස් කතාවක්.

⚠️විශේෂයෙන් 1st trimester එකේ අම්මට Rubella හැදුනොත් බබාට සන්කූලතා එන්න පුලුවන්
👉
Congenital Rubella Syndrome (CRS)
CRS වලින්:
👂 Permanent deafness - බිහිරි වීම
👁️ Cataract / vision loss - පෙනීමේ දුර්වලතා
❤️ Congenital heart defects හදවතේ රෝග
🧠 Mental & developmental delay - මානසික රෝග
🤰 Miscarriage

එක පුන්චි rash එකකින්
මේ තරම් දේවල් වෙන්න පුලුවන්
💉 Solution එක simple!
Rubella prevent කරන්න පුළුවන් vaccination එකෙන්.
සාමාන්‍යයෙන් දෙන vaccine එක 👉
MMR vaccine
🌸 pregnant වෙන්න කලින් තමයි ගන්න ඕනි.
✔️Rubella IgG antibody test එක check කරලා ඔයාට මේ රෝගයත් එක්ක සටන් කරන්න ප්‍රතිශක්තිය තියෙනවද බලන්න පුලුවන්.
✔️ Immune නැත්නම් MMR vaccine එක ආය ගන්න
✔️ ඔයා දැනටමත් pregnant නම් vaccine දිය නොහැක (live vaccine එකක් නිසා)

ඔයා දැනටමත් pregnant ඒත් vaccine එක අරගෙනත් නැත්නම්

Pregnancy එකේදී:
✔️ Rash + fever තියෙන අයව avoid කරන්න
✔️ Hand hygiene තියාගන්න
✔️ රෝගින් ගැවසෙන තැනක රැකියවාක් කරනවනම් extra precautions ගන්න

👶 4️⃣ rash එකක් එක්ක උණ ආවොත්
❗ වහාම රෝහලට යන්න

💡 Important Reminder
Pregnancy එකේදී vaccine දිය නොහැකි නිසා
Best protection = Before conception
Healthy planning කියන්නේ scan dates විතරක් නෙවෙයි…

✨ Final Thought
One small injection before pregnancy 💉
Can protect your baby’s eyes 👁️
Ears 👂
Heart ❤️
And future 🧠✨
Pregnancy plan කරන හැම කෙනෙක්ටම මේ message එක share කරන්න 🤍

16/02/2026

🌸 Ovulation ලක්ෂණ හඳුනා ගන්න… Pregnancy chance වැඩි කරගන්න වැදගත් guide එකක් 🌸

බබෙක් plan කරන couples වලට වැදගත්ම දෙයක් තමයි Ovulation වෙන්නේ කොයි වෙලාවටද කියලා දැනගැනීම.
ගැබ් ගැනීමේ chance වැඩි වෙන්නේ ovulation වෙන්න ආසන්න කාලයේ නිසා, තමන්ගේ ශරීරය දෙන signals හඳුනා ගන්න පුළුවන් නම් pregnancy plan කරන්න ගොඩක් පහසු වෙනවා 😊

🥚 Ovulation කියන්නේ මොකද්ද?

Ovulation කියන්නේ ovaries වලින් මෝරපු බිට් බීජාණුවක් release වෙන process එක.
සාමාන්‍යයෙන් menstrual cycle එකේ මැද කාලයේ ovulation වෙනවා.
Egg එක release වුණාට පස්සේ ජීවත් වෙන්නේ පැය 12–24 පමණයි.
නමුත් s***m කාන්තා ශරීරය තුළ දින 3–5 පමණ ජීවත් වෙන්න පුළුවන්.
ඒ නිසා ovulation වෙන්න ආසන්න දවස් වල pregnancy chance වැඩි වෙනවා.

🌟 Ovulation වෙන්න ආසන්නයි කියලා body එකෙන් දෙන ලක්ෂණ

💧 Vaginal discharge වෙනස් වීම

Ovulation වෙන්න ආසන්න වෙද්දී discharge එක පැහැදිලි, ලිස්සන සහ බිත්තර සුදු වගේ stretch වෙන්න පුළුවන්.
මේ discharge s***m ගමන් කිරීම පහසු කරන නිසා pregnancy chance වැඩි වෙයි.

🌡️ ශරීර උෂ්ණත්වය ටිකක් වැඩි වීම

Ovulation වුණාට පස්සේ basal body temperature ටිකක් ඉහළ යන්න පුළුවන්.
මෙය ovulation වුණා කියලා තහවුරු කරන්න උපකාරී වෙන ලක්ෂණයක්.

⚡ යටි බඩ පැත්තක වේදනාව

සමහර කාන්තාවන්ට ovulation වෙද්දී යටි බඩ එක පැත්තක pain එකක් දැනෙන්න පුළුවන්.

❤️ ලිංගික ආශාව වැඩි වීම

Hormone වෙනස් වීම නිසා ovulation කාලයේ sexual desire වැඩි වෙන්න පුළුවන්.

👙 පියයුරු දැඩි වීම හෝ බඩ පිපීම
සමහර කාන්තාවන්ට breast heaviness, bloating සහ mood changes දැනෙන්න පුළුවන්.

🗓️ Fertile Window කියන්නේ මොකද්ද?
Fertile window කියන්නේ pregnancy chance වැඩිම කාලය.
එයට ඇතුළත් වෙන්නේ:
✔ Ovulation දවස
✔ Ovulationට පෙර දින 4–5
මේ කාලය තුළ in*******se තිබුණොත්
pregnancy chance වැඩි වෙනවා.

📌 සරල උදාහරණයක්

ඔබගේ menstrual cycle එක දින 28ක් නම්,
සාමාන්‍යයෙන් ovulation 14 වෙනි දවසට ආසන්නව වෙනවා.
එවිට fertile window වෙන්නේ 10 වෙනි දවසේ සිට 15 වෙනි දවස දක්වා.
මේ කාලය තුළ alternate days in*******se තිබීම pregnancy chance වැඩි කරනවා

⚠️ මතක තබා ගන්න වැදගත් දේවල්
සෑම කාන්තාවකටම ovulation ලක්ෂණ පැහැදිලිව දැනෙන්නේ නැහැ.
Cycle length වෙනස් වෙන්න පුළුවන්.
Stress, රෝග සහ hormonal imbalance ovulation වලට බලපාන්න පුළුවන්.
Pregnancy delay වෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්.

🌸 Take Home Message
ඔබේ ශරීරය ovulation වෙන්න ආසන්න වෙද්දී signals දෙනවා.
ඒවා හඳුනා ගන්න පුළුවන් නම් pregnancy plan කිරීම පහසු වෙනවා.
එමෙන්ම තමන්ගේ reproductive health ගැන අවබෝධයත් වැඩි වෙනවා ❤️

ඔයත් period cycle track කරනවද?
Ovulation signs ඔබට දැනෙලා තියෙනවද?
Comment කරලා share කරන්න 😊

26/05/2021
13/05/2021

ඉන්දියානු කෝවිඩ් ප්‍රභේදය මාරාන්තිකයි.විශේෂයෙන් අවුරුදු 30 - 40 වගේ වයස් කාණ්ඩවල ඉන්න සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන්ටත්,මීට පෙර නිධන්ගත රෝග කිසිවක් තිබ්බෙ නැති පුද්ගලයන්ටත් මේක ඉතාමත් ඉක්මනින් වැළදිලා නියුමෝනියා තතවයට එන්න පුළුවන් දින දෙක තුනක් ඇතුළත.ඒ තත්වය අපි දැන් දකිනව අපේ සමහර රෝගීනගෙන්.

ඉංදියාවේ කෝවිඩ් තත්වය හා සසඳා බලනවිට ලංකාවේ රෝග ව්‍යාප්තිය ජනගහණයට සාපේක්ෂව වේගවත්. ඒ වගේම රෝගීන් සංඛ්‍යාව වැඩියි. ඔක්සිජන් අවශ්‍යතාවයද ඉහළයි. ඉංදියාවට වඩා දරුණු තැනක රට තියෙන්නෙ.
කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ.
කෝවිඩ් විශේෂ රෝහල හෝමාගම

Want your practice to be the top-listed Clinic in Jaffna?
Click here to claim your Sponsored Listing.

Website

Address


Jaffna