Around The Jaffna
29/02/2024
Feel the unlimited beauty of Jaffna🍃
Photo Credits : Kumaran Nadeeshan
No any other place like this❤️ It's like a heaven. "one and only - Jaffna"
Credits to respectful owner🙌
08/10/2023
හැමෝම යන්න කැමති යාපනය😍
17/08/2023
යාපනය බලකොටුව යනු ශ්‍රී ලංකාවේ යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික බලකොටුවකි.වර්ෂ 1618 දී පෘතුගීසින් විසින් යාපනය අල්ලා ගැනීමෙන් පසුව සිය හමුදා රැඳවීම සඳහා පෘතුගීසි ජාතික පිලිප් ද ඔලිවේරා යටතේ මෙම යාපනය කොටුව චතුරස්‍රාකාර ලෙස ඉදිකර ඇත.ලන්දේසී ජාතික රේක්ලොඔප් වැන් ගොයින්ස් යටතේ වර්ෂ 1658 දී ලන්දේසීන් විසින් යාපනය කොටුව අල්ලාගත් අතර පසුව ඔවුන් එය තවදුරටත් පුළුල් කර බැස්ටියන් 5කින් යුක්තව මෙම බලකොටුව ඉදිකර ඇත.අක්කර 56ක් පුරා පැතිරී ඇති යාපනය කොටුව තාරකා කොටුවක හැඩයෙන් නිර්මාණය කර ඇත.
නිරිත දිග අන්තය කලපුවට මායිම් වන ලෙස ඉඩිකර ඇති කොටුව වටා පිටප්‍රාකාර බැම්මක් සහ ඇතුල්ප්‍රකාර බැම්මක්ද ඒ අතර මැද දිය අගලක්ද කොරල් සහ හුණුගල් භාවිතාකොට නිමවා ඇත. දිය අගලට පිටතින් වන පිට ප්රාකාරයට ඇතුළතින් යුගල බැගින් නිර්මිත උමං මාර්ග පහක් දක්නා ලැබේ. මේවායෙහි දොරටු අද දක්නා නොලැබේ. එනමුත් මේවායෙහි උමං දොර තිබූ බවට සාධක දක්නා ලැබේ.
ප්‍රධාන ප්‍රවේශ දොරටුවේ සිට ප්‍රාකාර බැම්මේ ගමන් කරන විට ගිණිකොන දිශාවට මුහුනලා Holland බැස්ටියන් එකද, කොටුවට ඇතුල් වන දොරටුව හා දිය අගල ඊශාන දිශාවට මුහුනලා Gelderland බැස්ටියන් එකද, වයඹ දිශාවට මුහුනලා Utrecht බැස්ටියන් එකද, බටහිර දිශාවට මුහුනලා Friesland බැස්ටියන් එකද, දකුණු දිශාවට මුහුනලා Zeeland බැස්ටියන් එකද,ඉදිකර ඇත. සෑම බැස්ටියනයකම සිව් දිශාවට මුහුණලා කාලතුවක්කු රැදවුම් මධ්‍යස්ථාන පිහිටුවා ඇත.ඇතුල් පවුරේ නිරිත දිශාවට මුහුණලා තවත් උපදොරටුවක් ඉදිකර ඇත. ක්‍රි.ව. 1795දී ලන්දේසීන්ගෙන් මෙම කොටුව ඉංග්‍රීසින් අතට පත්වූ අතර වර්ෂ 1948 වන තෙක් ඉංග්‍රීසි පරිපාලන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇත.
යාපනය කොටුව පෘතුගී්‍රසි, ලන්දේසි හා ඉංගී්‍රසි යුගවල ඉදිවූ ගොඩනැගිලි බොහොමයක් ඒ ඒ යුගවල වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පිළිබිඹු කරයි. ලන්දේසි යුගයට අයත් ශී්‍ර ලංකාවේ දෙවන විශාලතම බලකොටුව වන යාපනය කොටුව පසුගිය 30 වසරක යුධමය වාතාවරණයට සෘජුවම බලපෑමට ලක්වූ පුරාවිද්‍යාත්මක ස්මාරකයක් වශයෙන් හැඳින්විය හැක. එල්ටීටීයි ප්‍රහාරයනට ලක්වූ කොටුපවුරේ මුහුදුබඩ මුහුණතේ කොටසක් විනාශයට ලක්වී ඇතත් සමස්ථයක් ලෙස සැලකීමේදී කොටු පවුර දැඩිව විනාශයට පත් වී නොමැත. කොටු පවුරෙහි ඇතුලත භුමියේ පවතින ස්මාරක සියල්ල යුධ වාතාවරණය හේතුවෙන් විනාශයට පත්ව ඇත. මේ අතරින් අතීතයේදී ක්වීන් පැලස් ලෙස හැඳින්වූ ගොඩනැගිල්ල අනෙක් ගොඩනැගිලිවලට සාපේක්ෂව සැලැස්ම හඳුනාගත හැකි මට්ටමකින් පවතී. මෙහි උපරි ව්‍යුහය සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇත.
මෙම ගොඩනැගිල්ලට පිටුපසින් කොටුපවුරට ප්‍රවේශ වීම සඳහා අලංකාර ගරාදිවැටකින් යුතු මාර්ගයක් දක්නා ලැබේ. එය ලන්දේසි අවධියේදී කොටුපවුර වෙත ආයුධ ප්‍රවාහනය සඳහා භාවිත කරන්නට ඇතැයි අනුමාන කළ හැකිය. මෙම කුවීන්ස් ගොඩනැගිල්ලෙහි ඉදිරිපස ලන්දේසි වාස්තුවිද්‍යා ශෛලියට අයත් නිර්මාණ ලක්ෂණවලින් යුතු යුගල රවුම් කුළුණු සහිත බරාදයක් පැවති බවට සාධක දක්නට ලැබේ.
කොටු පවුර ඇතුළත භුමියේ පිහිටි පැරණි ලන්දේසි පල්ලිය මුළුමනින්ම පාහේ බෝම්බ ප්‍රහාර හමුවේ විනාශයට පත්ව ඇත. මෙම ගොඩනැගිල්ල විධිමත් ලේඛනගත කිරීමක් තුළින් එහි පැරණි ව්‍යුහය හඳුනාගත හැකිවේ. මෙහි පුළුල් බිත්ති හිරිගල් උපයෝගීකොටගෙන නිර්මාණය කර තිබේ.
කොටුපවුරේ මුහුදුබඩ සීමාවට ආසන්නව ලන්දේසි සමයේ ඉදිකළායැයි විශ්වාස කළ හැකි ලිදක් හා ඊට පසුකාලීනව ඉදිකරන ලද කුඩා කෝවිලක් දක්නට ලැබේ.
Photo Credits goes to respective Owners.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Main Street
Jaffna