Rewatha Media Unit
05/05/2026
🏆️මෙවරත් ශූරතාවය දිනූ රේවතානුවෝ
2026 වර්ෂයේ 50වන ජාතික මහා ක්‍රීඩා උලෙළට සමගාමීව පැවති, මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ක්‍රීඩා සමාජ තරගාවලියේ
🔴 සමස්ත ශූරතාවය
රේවත ක්‍රීඩා සමාජය දිනා ගත් බව සතුටින් දන්වා සිටිමු.
🔹එල්ලේ බාලිකා ශූරතාව ,
🔹වොලිබෝල් බාලිකා ශූරතාවය ,
🔹නෙට්බෝල් බාලිකා ශූරතාවය,
🔹 කබඩි බාලිකා අනුශූරතාවය .
ඇතුළු මලල ක්‍රීඩා ජයග්‍රහණ රැසක් දිනා ගත් රේවත ක්‍රීඩා සමාජයට අපගේ උණුසුම් සුබ පැතුම්..!!! 💐
02/05/2026
වෙසක් මස පොහෝ දිනට සමගාමීව බප/හො/ නාහල්ල ශ්‍රී රේවත මහා විද්‍යාලයේ ගරු නියෝජ්‍ය විදුහල්පතිතුමියගේ මගපෙන්වීම මත, නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති , පූජ්‍ය අවසරයි ඔක්කම්පිටියේ විනීත ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පසුගිය දා (04/30) පැවැත්වුණු, පෙර පෝදා ධර්ම දේශනාව..🌿
🙏දේශකයාණෝ :- වරකාගොඩ ගල්ලෙන රජමහා විහාරස්ථානයේ විහාරාධිපති , නැගෙනහිර පස්යොදුන් කෝරළයේ උප ප්‍රධාන සංඝනායක , මදුරාවල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති,රාජකීය පණ්ඩිත ,ශාස්ත්‍රපති, පූජ්‍ය අවසරයි, පෝරුවදණ්ඩේ සුමන නායක ස්වාමීන් වහන්සේ.
01/05/2026
⚜️රේවත නෙට්බෝල් අනුශූරියෝ...
බුලත්සිංහල කොට්ඨාස ක්‍රීඩා තරග මාලාවේ, නෙට්බෝල් තරගාවලියේ අවුරුදු 18න් පහළ තරග අංශයේ අනුශූරතාවය දිනා ගැනීමට බප/ නාහල්ල ශ්‍රී රේවත මහා විද්‍යාලයේ ක්‍රීඩිකාවන්ට හැකි විය. මෙම ජයග්‍රහණය ලැබූ රේවත ක්‍රීඩා අංශයට විද්‍යාලයීය හදපිරි සුභාශිංසන ..💐
14/04/2026
08/04/2026
⚜️ නාහල්ල රේවතයේ සිත් රූ’’⚜
----------------------------------
⛔ උපුටා ගැනීමකි :-
අරුණ පුවත්පත (2026/04/07)
වාර්තාකරු :- ඉන්දික සංජීව විතාන මහතා
සිසුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් ප්‍රදර්ශනය කිරීම කියන්නේ ඔවුන්ගේ නවෝත්පාදන චින්තනය, කලාත්මක කුසලතා සහ විද්‍යාත්මක, තාක්ෂණික හෝ කලාත්මක ප්‍රායෝගික නිපුණතා මහජනයා හෝ සම වයස් කණ්ඩායම් ඉදිරියේ තැබීමය. මෙය පාසල් ව්‍යාපෘති, ප්‍රදර්ශන, කලා උත්සව හෝ තරග හරහා සිසුන්ගේ ස්වාධීන චින්තනය සහ ආත්ම විශ්වාසය වර්ධනය කරන වැදගත් අධ්‍යාපනික උපාය මාර්ගයක් බව කිව හැකිය. මෙමගින් අනාගත ලෝකයේ අභියෝගවලට මුහුණ දිය හැකි නිපුණතා සහිත පරපුරක් නිර්මාණය කිරීමට මග පෑදෙන්නේය.
මේ ආකාරයට සිසුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් ප්‍රදර්ශනය කළ අවස්ථාවක් අපට හමුවන්නේ බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ නාහල්ල ශ්‍රී රේවත මහා විද්‍යාලයෙන්ය. එය නම් කර තිබුණේ “සිත්රූ’’ නමින්ය. විදුහල්පතිනි වී.ඩී.අයි. ෂර්මිලාගේ උපදෙස් සහ මගපෙන්වීම මත ගෘහ විද්‍යා විෂය භාර තිළිණි හෙට්ටිආරච්චිගේ ව්‍යාපෘති භාරකාරත්වය යටතේ මෙම ප්‍රදර්ශනය පැවැත්විණි.
දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා ප්‍රවර්ධනය කිරීම, ඔවුන්ගේ ස්වයං විශ්වාසය හා ඉදිරිපත් කිරීමේ කුසලතාව වර්ධනය කිරීම, කණ්ඩායම් වැඩ වගකීම් හා නායකත්ව හැකියාවන් වර්ධනය, ප්‍රායෝගික ඉගෙනුම් ප්‍රවර්ධනය කිරීම, මව්පියන් හා පාසල අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම යන අරමුණු මේ සඳහා උපයෝගී වී ඇත්තේය.
මෙම අත්කම් ප්‍රදර්ශනය ප්‍රායෝගික තාක්ෂණ කුසලතා ඒකකය සහ ගෘහ විද්‍යා ඒකකය මගින් සංවිධානය කර විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පවත්වන්නට යෙදුණේ පාසලේ දෛනික ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට කිසිදු බාධාවක් නොවන ආකාරයටය. එමෙන්ම ගාහ විද්‍යා විෂය හදාරන සිසුන් පොළක් පවත්වා මේ සඳහා අරමුදල් සම්පාදනය කරගැනීම ද මෙහි විශේෂත්වයක්ය.
මෙම ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙසින් ගෝවින්න මහා විද්‍යාලයේ විදුහල්පති සමන් කරුණාරත්න සහ වරකාගොඩ දීපාලෝක මහා විද්‍යාලයේ විදුහල්පතිනි ඩී.එල්. හර්ෂණි ප්‍රියන්තිකා සහභාගි වූහ.
ඉන්දික සංජීව විතාන -2026.04.07 අරුණ
20/03/2026
⚜️රේවත සිසු නයු අභිසෙස්
-2026-
බප/හො/ නාහල්ල ශ්‍රී රේවත මහා විද්‍යාලයේ 2026 වර්ෂය සදහා නවක ශිෂ්‍ය නායක, නායිකාවන් වෙත නිල ලාංඡන පැළදවීමේ හා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය දා (03/13) , සම්භාවනීය ආරාධිත භවතුන් රැසකගේ සහභාගීත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.
15/03/2026
🏳️🌈 රේවතයට තවත් සුවිශේෂී පළාත් ජයක්...🎨
ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් සංවිධානය කරනු ලැබූ බස්නාහිර පළාත් චිත්‍ර තරගාවලිය පසුගියදා (07) කොළඹ ලුම්බිණි විද්‍යාලයේ දී පැවැත්විණි.මෙහිදී පාසල් විශාල ප්‍රමාණය අතරින් විශිෂ්ට කුසලතා සහතික ජයග්‍රහණයක්, ලබා ගැනීමට බප/ හො/ නාහල්ල ශ්‍රී රේවත මහා විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඩී.එල්. හෂිත කේෂාන් පුතණුවන් සමත් විය.
රේවත කලා අංශයට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම්..🏆️🤝
14/03/2026
🙏..සුඛී දීඝායුකෝ භව..🙏
නාහල්ල ශ්‍රී රේවත මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධුරය හොබවන, මැද්දකන්ද සිරි විජිතාරාම විහාරයේ විහාරධිකාරී ,ශාස්ත්‍රපති අතිපූජ්‍ය අවසරයි ඔක්කම්පිටියේ විනීත ස්වාමීන් වහන්සේගේ 51 වන ජන්ම දිනය අදට (14) යෙදී ඇත.
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුපින්බර ජන්ම දිනයක් වේවා..දීර්ඝායු සම්පත් උදා වේවා..!!!🙏 ඔබ වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර චිරාත් කාලයක් සිදු කිරීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවායි , නාහල්ල ශ්‍රී රේවත මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇතුළු සියලුම අධ්‍යන අනධ්‍යන කාර්‍ය මණ්ඩලයත්, සිසු දරු දැරියනුත් මෙලෙසින් සුභාශිංසන එක් කර සිටිමු.
12/03/2026
⚜️රේවත සිසු නයු අභිසෙස්⚜️
-2026-
බප/ හො/ නාහල්ල ශ්‍රී රේවත මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලංඡන පැළදවීමේ උත්සවය..
💠 2026 මාර්තු මස 13 වන දින
පෙ.ව.8.30ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ.
11/03/2026
⚜️පළාත් ප්‍රථම ස්ථානය රේවතයට...🏆️
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ සිංහල භාෂාව හා සාහිත්‍යය තරගාවලිය -2025
පද්‍ය නිර්මාණය හා අවබෝධය තරගයේ ද්විතීයික අංශය නියෝජනය කරමින් බස්නාහිර පළාත් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට බප/ හො/ නාහල්ල ශ්‍රී රේවත මහා විද්‍යාලයේ ආර්.ඒ.තනුෂ්මි රිසදිමා ශිෂ්‍යයාව සමත් වූ බව සතුටින් දැනුම් දෙමු.
ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්..!!!💐
16/02/2026
💫 Good luck, dear students,
For your O/L exam!
Shine bright and do your best! 🌟
Click here to claim your Sponsored Listing.
Website
Address
Nahalla
Horana