WandS - Chartered Engineers
14/08/2021
08/05/2021
බේස් වලක දිග, පළල, උස හා යෙදියයුතු කම්බි ප්‍රමාණ දැනගන්නේ කෙසේද?
ගොඩක් ඉදිකිරීම් සම්බන්ධ ඇති ෆේස්බුක් පිටු වල මීට සමාන ප්‍රශ්න නිතරම අහනවා. බොහෝ පුද්ගලයින් මේ කාර්යය පවරන්නේ ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුට හෝ බේස් වලවල් කරන්න භාරදුන්නු මේසන් බාස්ට. නිවසක හෝ ගොඩනැගිල්ලක ඉතාමත්ම වැදගත් ව්‍යුහ සැකසුම කොලම් බේස් එකයි. මොකද මේ ඉදිකරන සම්පූර්ණ ගොඩනැගිල්ලේ බර පොළවට යොමු කරන්නේ මේ කොලම් බේස් එක හරහායි. කොලම් බේස් එකේ මාන තීරණය කිරීමට පසෙහි ස්වභාවය පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුයි. විවිද පස් ස්වහාව අනුව එහි වර්ග ඒකකයකට දරාගතහැකි බර වෙනස් වෙනවා. වැඩි බරක් දරාගතහැකි පසක් නම් බේස් වලේ ප්‍රමාණය අඩු වෙනවා. මීට අමතරව කොලම් එක මතට එන සම්පූර්ණ බර ප්‍රමණය මත මේ බේස් වලේ ප්‍රමාණය අඩු වැඩි කරන්න වෙනවා.
මීට අමතරව භූගත ජල මට්ටමද වැදගත් සාධකයක්. කොලම් බේස් එකක් ෆේල් වෙන්නේ කොහොමද? කොලම් බේස් එකක් ෆේල් වෙන්න ක්‍රම කීපයක් තියෙනවා.
ස්ථායීතාව බිඳ වැටීමකින්(stability), පසෙහි දරාගැනීමේ හැකියාව බිඳවැටීමකින් (bearing failure), පාදම ලිස්සා යෑමකින් (sliding), ව්‍යුහාත්මක බිඳවැටීමකින්(structural failure) හෝ මේ සියල්ලේ එකතුවක් ලෙස කොලම් බේස් එකක් ෆේල් වෙන්න පුලුවන්. ඉංජිනේරුවෙක් පාදමක් ඩිසයින් කරනකොට ඉහත සියලු දත්ත(loads & soil parameters) සහ පාදමක් බිඳවැටියහැකි ආකාර (failure modes) සියල්ලත් එකින් එක සැලකිල්ලට ගෙන ගණනය කිරීම් කරනවා.
ඉතින් මිලියන ගණනක් වියදම් කර හදන ඔබේ නිවසේ හෝ ගොඩනැගිල්ලේ කොලම් බේස් සැලසුම් කිරීම කුමන පුද්ගලයෙකු ලවා කරගන්නේද යන්න දෙවරක් සිතා බලන්න.
චායාරූප අන්තර්ජාලයෙනි.
By © WandS - Chartered Engineers
Structural Designs, Consultancy & Green Building Solutions
12/11/2020
Retaining walls (පනා බැම්ම හෙවත් රැඳවුම් බැම්ම) පිළිබඳ ඔබ නොදත් දේ....
ඕනෑම බෑවුම් සහිත භූමියක ඉදිකිරීමක් සිදු කරනකොට අපිට retaining wall එකක් දාන්න වෙනවා. අපි ඉදිකිරීම පොළවේ හැඩය අනුව සිදුකරනවනම් සමහර retaining walls ගොඩනැගිල්ලේ කොටසක් ලෙස එකතු වෙනවා. මෙවැනි අවස්තාවක නම් සාමාන්‍ය retaining wall එකකට වඩා අමතර කරුණු කීපයක් සලකා බලන්න සිදු වෙනවා.
නමුත් මේ ලිපියෙන් කතා කරන්නෙ සාමන්‍ය retaining wall එකක් ගැන.
ඉදිකිරීම් කර්මාන්තයේදී විවිධාකාර Retaining walls වර්ග යොදා ගත්තත් බොහෝ නිවාස ආශ්‍රිත ඉදිකිරීම් වලදී අපි කළු ගල් බැම්මක් හෝ කොන්ක්‍රීට් බැම්මක් යොදා ගන්නවා. වියදම මෙන්ම අවශ්‍යතාවය මත මෙම ආකාර දෙකෙන් ගැලපෙන ආකාරයක් තෝරගත යුතු වෙනවා. නිවැරදි ආකාරයෙන් සැලසුම් නොකර ඉදිකරන ලද retainin walls fail වීම නිසා දේපල මෙන්ම ජීවිත හානි වීම් පිළිබඳ අප බොහෝ පුවත් අසා ඇති නමුත් අද බොහෝ දෙනෙක් retaining wall එකක් ඉදිකිරිමේදි තාක්ශණික දැනුම ඇති අයකුගේ සහය ලබාගන්නේ නෑ.
Retaining wall එකක් ලිස්සීමෙන් (Slip), පෙරලීමෙන් (overturn) හෝ ව්‍යුහ සැලසුම් ප්‍රමාණවත් නොවීමෙන් (structural failure) විනාශ වී යා හැකියි. මම පෙන්වන්නම් ඔබ retaining wall එකක් සැලසුම් කිරීමට පෙර කුමන පරාමිතියන් සළකා බැලිය යුතුද යන වග.
1. බිම් මට්ටම් දෙක අතර උස
2. ඉහල බිම් මට්ටමේ බෑවුම් ප්‍රමාණය
3. ඉහල මට්ටමේ බිම මත් යෙදෙන බර සහ බර යෙදෙන ආකාරය (point load, uniformly distributed loads or point loads)
4. පසෙහි ස්වභාවය ( soil friction, density,ets)
5. භූගත ජල මට්ටම
6. වර්ශාව නිසා ඉහල යන ජල මට්ටමින් ඇතිවන තෙරපුම අවම කිරීමට යොදන උපක්‍රම
නිවැරදි ව්‍යුහ සැකසුමක් ලබා ගැනීම තුලින් අනවශ්‍ය මුදල් නාස්තිය වලක්වා ගත් හැකි සේම දේපල හා ජීවිත හානි පවා සිදුවිය හැකි අනතුරු වලක්වාගත හැක.
චායාරූප අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී
By ©WandS Chartered Engineers
WandS - Chartered Engineers
Structural Designs, Consultancy Services and Green Building Solutions
මේ හා සම්බන්ද ඔබේ අත්දැකීම්ද අප සමග බෙදාගන්න...
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
154/3/D, Magammana
Homagama