Samma Sati Foundation

Samma Sati Foundation

Share

29/09/2022

තෙරැවන් සරණයි ....🙏🙏🙏

05/08/2022

මහණෙනි, සතරමාර්ග සතරඵල නිර්වාණ සංඛ්‍යාත මේ නවලෝකෝත්තර ධර්මය අල්පේච්ඡ පුද්ගලයාහට ම සම්පාදනය කළ හැකි ය, ලැබිය හැකි ය. මහිච්ඡයාට නො ලැබිය හැකි ය.
මහණෙනි, මේ නවලෝකෝත්තර ධර්මය සිවුපසය පිළිබඳ තෙවැදෑරුම් සන්තෝෂය ඇතියහුට ම සම්පාදනය කළ හැකි ය. අසන්තුට්ඨයාහට සම්පාදනය නො කළ හැකි ය.
මහණෙනි, විවේකය භජනය කරන්නහුට ම මේ ධර්මය සම්පාදනය කළ හැකි ය. පිරිසෙහි සිත් අලවා සිටින්නහුට සම්පාදනය නො කළ හැකි ය.
මහණෙනි, මේ ධර්මය වීර්‍ය්‍යය ක්‍රියාවෙහි යොදවන්නහුට ම සම්පාදනය කළ හැකි ය. අලසයාට නො කළ හැකි ය.
මහණෙනි, සතර සතිපට්ඨානයෙන් පවත්වන්නහුට ම මේ ධර්මය සම්පාදනය කළ හැකි ය. සිහියෙන් තොර වූවහුට නො කළ හැකි ය.
මහණෙනි, සමාධිය ඇතියහුට ම මේ ධර්මය සම්පාදනය කළ හැකි ය. සමාධිය නැතියහුට නො කළ හැකිය.
නුවණැතියහුට මේ ධර්මය සම්පාදනය කළ හැකිය, නුවණ නැතියහුට නො කළ හැකිය.
මහණෙනි, තෘෂ්ණා මාන දෘෂ්ටි ප්‍ර‍පඤ්චයන් නැතියහුට ම මේ ධර්මය සම්පාදනය කළ හැකි ය. ප්‍ර‍පඤ්චයන් ඇතියහුට නො කළ හැකි ය.

28/07/2022
Want your place of worship to be the top-listed Place Of Worship in Homagama?
Click here to claim your Sponsored Listing.

Website

Address


54, Weekanda Road
Homagama
10200