Global One Future Campus

Global One Future Campus

Share

Photos from Global One Future Campus's post 19/05/2026

🇯🇵 GOF Campus Kids Class 🇯🇵

GOF Campus අපේ Kids Class දරුවන් ඉතාමත් ආසාවෙන් හා උනන්දුවෙන් ඔවුන්ගේ ජපන් භාෂා අධ්‍යාපන කටයුතු කරගෙන යනු ලබයි. 🌸📚

කුඩා වියේ සිටම ජපන් භාෂාව නිවැරදිව හා ක්‍රමවත් ලෙස ඉගෙන ගනිමින් ඔවුන්ගේ අනාගතයට ශක්තිමත් පදනමක් සකස් කරයි. ✨

📞 +94 70 175 1858

16/05/2026

🇯🇵 2026.05.16 වන අද දින අළුතින් ආරම්භ කරන ලද JLPT Level N5 ජපන් භාෂා පන්තිය සාර්ථකව පළමු මහලේ ආරම්භ කරන ලදී. දරුවන්ගේ අනාගතයට ශක්තිමත් අත්වැලක් වීමට,ජපන් භාෂා දැනුම සමඟින් ජාත්‍යන්තර අවස්ථා කරා ඔවුන් ගෙන යාමට අප සූදානම්. 🌸✨අනාගත ජයග්‍රහණ සඳහා අද සිටම ශක්තිමත් පියවරක්! 🇯🇵📚. 📞 070 175 1858. JLPTN5

Photos from Global One Future Campus's post 11/05/2026

ජපානයට පැමිණීමට පෙර භාෂාව, සංස්කෘතිය සහ නීති පිළිබඳ දැනුම ලබාගැනීමේ වැදගත්කම

මෙවර මගේ ජපන් සංචාරයේදී ටෝකියෝ, කොබේ, නාගොයා සහ අනෙකුත් ප්‍රදේශවල ජපන් ආයතන නියෝජිතයන්, විශ්වවිද්‍යාල නිලධාරීන්, වෘත්තීය පුහුණු ආයතන සහ ජපන් ජාතික මහත්ම මහත්මීන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණි. එම සාකච්ඡාවන්හිදී ඔවුන් සියලු දෙනාම අවධාරණය කළ වැදගත් කරුණක් වූයේ, ඉදිරි කාලයේදී ජපානයට අධ්‍යාපනය, රැකියා හෝ වෘත්තීය පුහුණුව සඳහා පැමිණෙන සෑම විදේශිකයෙකුම ජපන් භාෂාව, ජපන් සංස්කෘතිය සහ ජපානයේ නීති රීති පිළිබඳ නිසි අවබෝධයකින් සූදානම්ව පැමිණීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.

අතීතයේදී ජපානයට පැමිණීම සඳහා මූලික භාෂා දැනුමක් පමණක් ප්‍රමාණවත් වූ අවස්ථා තිබුණද, වර්තමානයේ ජපානයේ සමාජ පරිසරය, සේවා ස්ථානවල නීතිමය ප්‍රමිතීන් සහ අධ්‍යාපන ආයතනවල අපේක්ෂාවන් විශාල ලෙස වෙනස් වී තිබේ. ජපානයේ ජීවත්වීමට සහ සාර්ථකව කටයුතු කිරීමට භාෂා හැකියාව පමණක් නොව, ජපන් ජනතාවගේ හැසිරීම් රටාව, කාලය පිළිබඳ වගකීම, පිරිසිදුකම, ගෞරවය සහ සමාජ විනය පිළිබඳ අවබෝධයද ඉතා වැදගත් වේ.

විශේෂයෙන්ම ජපන් භාෂාව පිළිබඳ හොඳ දැනුමක් නොමැති විට දෛනික ජීවිතයේදී, රැකියා ස්ථානවලදී සහ අධ්‍යාපන ආයතනවලදී බොහෝ අපහසුතා ඇතිවිය හැකිය. රෝහල් සේවා ලබාගැනීම, දුම්රිය හා ප්‍රවාහන සේවා භාවිතා කිරීම, බැංකු කටයුතු, රාජ්‍ය ලේඛන පිරවීම සහ සේවා ස්ථානයේ උපදෙස් තේරුම් ගැනීම සඳහා භාෂා හැකියාව අත්‍යවශ්‍ය වේ. එබැවින් ජපානයට පැමිණීමට පෙර අවම වශයෙන් JLPT N5 හෝ N4, N3 මට්ටමේ භාෂා දැනුමක් ලබාගැනීම ඉතා වැදගත් බව ජපන් ආයතන නියෝජිතයන් පෙන්වා දුන්නහ.

එසේම ජපන් සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් නොමැතිව කටයුතු කිරීම හේතුවෙන් බොහෝ විදේශිකයන් නොදැනුවත්වම සමාජ ගැටලු ඇතිකරන අවස්ථාද පවතින බව ඔවුන් සඳහන් කළහ. කාලය පිළිපැදීම, නිසි ආචාරශීලීත්වය, පොදු ස්ථානවල නිහඬතාවය, කසළ වෙන්කර බැහැර කිරීම සහ අන් අයගේ පෞද්ගලිකත්වයට ගෞරව කිරීම වැනි කරුණු ජපන් සමාජයේ ඉතා දැඩිව සැලකිල්ලට ගන්නා අංග වේ.

තවද ජපානයේ නීති රීති පිළිබඳ අවබෝධයක් නොමැතිව කටයුතු කිරීමෙන් විදේශිකයන්ට නීතිමය ගැටලු පවා ඇතිවිය හැකි බව ඔවුන් අවධාරණය කළහ. රැකියා නීති, වීසා නීති, සමාජ විනය සහ පොදු ආරක්ෂක නීති පිළිබඳ මූලික දැනුමක් ලබාගෙන සිටීම අනාගතයේදී ඉතා වැදගත් වනු ඇත.

මෙම හේතු නිසා අද වන විට ජපානයේ බොහෝ ආයතන සහ විශ්වවිද්‍යාල විදේශීය සිසුන් සහ සේවකයන් තෝරාගැනීමේදී භාෂා හැකියාව, විනය, සන්නිවේදන කුසලතා සහ ජපන් සංස්කෘතිය පිළිබඳ අවබෝධය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් සිටී.

එබැවින් ජපානයට යාමට බලාපොරොත්තු වන සෑම සිසුවෙකුම සහ තරුණයෙකුම, ජපන් භාෂාව නිසි ලෙස හැදෑරීම, ජපන් සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සහ ජපානයේ ජීවන රටාවට ගැලපෙන ආකාරයෙන් තමන් සූදානම් කරගැනීම කාලෝචිත හා අත්‍යවශ්‍ය කාර්යයක් බව මෙම සංචාරය තුළින් පැහැදිලිව අවබෝධ විය.

තිශාන්ත
GOF campus
Chairman

09/05/2026

🇱🇰GOF Campus 🇯🇵. අපේ සිසුන්ගේ ජපන් භාෂා දැනුම Kobe International University වෙත ඇතුළත්ව ඉතා කෙටි කාලයක් තුළ වර්ධනය වී ඇති ආකාරය දැක අප ඉතා සතුටට පත් වුණෙමු. ✨. නිවැරදි මාර්ගෝපදේශනය, කැපවීම සහ ගුණාත්මක අධ්‍යාපනය සමඟ ජපානයේ අනාගතයට ඔබවත් සූදානම් කරවන්න අප සූදානම්. 🇯🇵📚. 📍 GOF Campus📞 +94 70 175 1858

Want your business to be the top-listed Business in Homagama?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Homagama
10200