Creative Innovation
04/08/2025
Residence for Mr. Athula
Group floor - master bed room, 2 bed rooms, wash room, living area, dining area, kitchen, store room, vehicle yard, verandah & courtyard.
Total floor area - 1350sqft
සම්පූර්ණ නිවැරදි වාස්තුවිද්‍යාව සමග කැටි වූ නවීන පන්නයට අනුව නිර්මාණය කරන ලද කාමර තුනකින් යුතුව, බෑවුම් සහිත භූමියකට සරිලන ලෙස මට්ටම් කිහිපයක් ඇතිව නිර්මාණය වුණු පුංචි නිවස...
එම සිහින නිවහන යථාර්ථයක් කරමින් 2025.08.04 වන අද දින සුභ මොහොතින් හික්කඩුව ආරච්චිකන්ද ප්‍රදේශයේදී මහා සංඝරත්නයේ ආශීර්වාද ඇතිව ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණි.
ඔබගේ සිහින නිවහන ඉතා මිත්‍රශීලීව සහ කාර්යක්ෂමව යථාර්ථයක් කර ගැනීමට අප හා එක්වන්න.
Join us to making your dream home a reality in a very friendly and efficient manner.
உங்கள் கனவு இல்லத்தை மிகவும் நட்பான மற்றும் திறமையான முறையில் நனவாக்க எங்களுடன் சேருங்கள்.
අපගේ සේවා ස්ථානයට පැමිණීම ප්‍රථම දුරකථනය මගින් වේලාවක් වෙන් කර ගැනීමට කාරුණික වන්න.
Please make an appointment by phone before visiting our office.
எங்கள் அலுவலகத்திற்குச் செல்வதற்கு முன் தொலைபேசி மூலம் சந்திப்பை மேற்கொள்ளவும்.
Contact us (hotline) - 0716188715
Whatsapp - 0723634088
e mail - [email protected]
Whatsapp - https://wa.me/message/QNUZBOJNRMLNI1
Website - http://creativeinnovationlk.com
Location - https://goo.gl/maps/enfm1WnHdcErnUyCA
15/01/2025
නිවසක ප්‍රාණය හා සම ප්‍රධාන දොරටුව...
ප්‍රධාන දොරටුව හෝ පිවිසීම සෞක්‍ය, ධනය, සමෘද්දිය, සතුට සහ වාසනාව යන ශුභ ශක්තීන් නිවස තුල හොඳින් තුලනය වීමට ප්‍රධානම වැදගත් කමක් ගනී.
ඒ වගේම නිවසක ගෘහ මූලිකයව නියෝජනය කරන ප්‍රධානම අංගය විදියටත් නිවසක ප්‍රධාන දොරටුව හඳුන්වන්න පුලුවන්.
ඉතින් මේ ප්‍රධාන දොර බලවත් කරනවා කියන්නෙ ගෘහ මූලිකයාව බලවත් කරනවා හා සමාන දෙයක්.
අන්න ඒ නිසාම නිවසක ප්‍රධාන දොර නිර්මාණය කරන විට පහත කරුණු ගැන හොඳින් සැලකිලිමත් වෙන්න...
1. නිවසක ප්‍රධාන දොර අනෙක් දොරවල් වලට වඩා විශාල විය යුතුයි.ඒ වගේම පළල වගේ දෙගුණයක් උස විය යුතුයි.
2. ප්‍රධාන දොර යොදන විට ප්‍රධාන දිශා 4 අනුව යොදන්න පුළුවන් නම් වඩාත් සුබදායකයි. එවිට ශුභ ශක්තීන් නිවසට හොඳින්ම ලැබෙනවා. ඒ හා සමානවම ප්‍රධාන දොරට ගැලපෙන ලෙස නිවසේ අනෙක් දොරවල් දිශා ගත කරන්නත් වග බලා ගන්න... මොකද එහෙම උනොත් තමයි මං අර කලින් කිව්ව ශුභ ශක්තීන් නිවස තුල නිසි ආකාරව ගලා යන්නෙ...
3. සාමාන්‍යයෙන් ප්‍රධාන දොර බටහිරට යෙදීම පිලිබඳව බොහෝ දෙනා අකමැත්ත ප්‍රකාශ කරනවා. නමුත් වාස්තු ශාස්ත්‍රයේදී මෙයට ගැටලුවක් නොමැති අතර ඉඩමේ ඉදිරිපස එහෙමත් නැත්නම් නිවසට පිවිසෙන ප්‍රධාන මාර්ගය බටහිර දෙසට යොමු වී ඇති විට ප්‍රධාන දොර බටහිරට සැලසුම් කිරීම ගැටලුවක් නොවේ..
4. නිවසේ ප්‍රධාන දොර පියන් දෙකක දොරක් ලෙස නිර්මාණය කිරීම සාර්ථක ක්‍රමයක්.. මේ නිසා නිවසට හොඳ පෙනුමක් ලබා ගන්නත් පුළුවන්. නමුත් නිවැසියන් පිටත සිට නිවසට පැමිනෙණ විට පළමුව දකුණු පස දොරටුව විවෘත වන ලෙස නිර්මාණය කල යුතුයි.
5. තවත් කරුණක් නම් ප්‍රධාන දොර දක්ශිණාවර්තව එහෙමත් නැත්නම් ඔරලෝසුවේ කටු කැරකෙන අතට විවෘත වේ නම් වඩාත් සුබ දායක වේ.
6. ඒ වගේම ප්‍රධාන දොරට ඉදිරියෙන් පිටවීමේ දොරටුවක් හෝ ජනේලයක් පිහිටා තිබීම ගැටලුකාරී වෙනවා. මොකද නිවස තුල ශුභ ශක්තීන් ගලනයට මෙය බාධාවක් වෙන නිසා. තවද නිවසේ උණුසුම පාලනය කර ගැනීමටත් මෙය බාධා වෙනවා.
7. තවත් කරුණක් තමයි ප්‍රධාන දොර අවහිර වෙන විදියට කනු පිහිටා තිබීම දෝෂ සහිතයි. එය අපි ස්ථම්භ වේද දෝෂ කියලා හඳුන්වනවා. දොරටුව අවහිර වෙන අනිත් කරුණ නම් ගෘහ උපකරණ... උදාහරණයක් විදියට දොරටුව ඉදිරියෙන් ආලෝකය පරාවර්තනය වන දර්පන කබඩ් වැනි දේ තැබීම නොකළ යුතුයි. මෙම හේතු නිසා නිවසට ගලා එන ශුභ ශක්තීන්ට නිවස තුල ගලා යාමට බාධා ඇති වෙනවා..
ඉතින් මෙන්න මේ වගේ කරුණු කාරණා ගැන සැලකිලිමත්ව නිවසක ප්‍රාණය හා සමාන ප්‍රධාන ද්වාරය නිවැරදිව සැලසුම් කර ගත යුතුමයි.
නිවසේ ප්‍රධාන දොරටුව වගේම නිවසින් පිටවන දොරටු පිහිටුවීම ගැනත් හොඳින් සැලකිලිමත් විය යුතුයි. මේ පිළිබඳ කරුණු මීලඟ ලිපියෙන් සාකච්ඡා කරමු...
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No: 619/1, Right Place Road, Arachchikanda
Hikkaduwa
80240
Opening Hours
| Monday | 08:30 - 20:30 |
| Tuesday | 08:30 - 20:30 |
| Wednesday | 08:30 - 20:30 |
| Thursday | 08:30 - 20:30 |
| Friday | 08:30 - 20:30 |
| Saturday | 08:30 - 20:30 |
| Sunday | 08:30 - 20:30 |