SAY on TV
ෆින්ලන්තයේ කෝපි කලාව ගැන ඔබ නොදන්නා දේ දැනගන්න මෙතැනින්
https://rb.gy/1m38d
03/08/2023
"ඔය ඉතින්, ආච්චිට හාල් ගරනවා නේ" 😁
මේක කුණුහරුපයක් වගේ කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් ඇත්තටම මේ යෙදුම භාවිතයට ආවේ කොහොම ද?
මේ සම්බන්ධ මත දෙකක් තියෙනවා.
එකක් තමයි: ආච්චි කියන්නේ කටේ දත් නැති කෙනෙක්. ඉතින් ආච්චිට හාල් ටික ගරලා තිබුණත් එකයි, නැතත් එකයි. මොකද බත් කනකොට ගල් හැපෙන්නෙ නැති නිසා. ඒ නිසා කෙනෙක් අනවශ්‍ය දෙයක් කරනකොට අපි කියනවා "ආච්චිට හාල් ගරන්නෙ නැතිව පැත්තකට වෙයන්" කියලා.
අනෙක් මතය, එක්දාස් අටසිය ගණන් වල නානු ඔය දක්වා ගමන් කළ රාත්‍රී තැපැල් දුම්රිය මීයන් ඇල්ල (මියන්ගල්ල) ප්‍රදේශයේ දී මහ වැස්ස හේතුවෙන් ගල් පෙරලී විත් වැදීමෙන් අනතුරට පත් වුණා. එහි දී මෙම දුම්රියෙ හි රැගෙන ගිය හාල් ගෝනි විශාල සංඛ්‍යාවක් හානියට පත් වී තිබෙනවා. මෙම හාල් ගෝනි නැවත පටවාගෙන යාම අසීරු වූ නිසා අත්හැර දැම්මා. පසුව ගමේ වයසක කාන්තාවන් පැමිණ මෙම සහල් තමන්ගේ පරිභෝජනයට රැගෙන ගිය අතර ගල් සහ පස් මිශ්‍ර වූ සහල් ගැරීම සඳහා තරුණ පිරිස් ආච්චිලාට සහය වී තිබෙනවා. ඒ සිදුවීමත් එක්කම මේ කියමන ආරම්භ වුණා කියලත් මතයක් තිබෙනවා.
ඔබේ අදහසත් comment කරන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
23/1, Maddegoda
Ganemulla
0