Vikings Studio

Vikings Studio

Share

Photos from Vikings Studio's post 15/05/2026

Chinthaka D Bandara "ආතුරාදරයක්" ෆිල්ම් එකේ කැමරා අද්‍යක්ෂකවරයා( Cinematographer)... ලාබාල වයසක කෙනෙක් වුණත් වැඩ එහෙම නෑ.. වෙළදදැන්වීම් ක්ෂෙත්‍රයේ විශාල අත්දැකීම් තියන DOP කෙනෙක්, කෙටි චිත්‍රපට කිහිපයක කැමරාකරණය සම්බන්ධයෙන් දේශීය හා විදේශීය සම්මන ගත්ත ශිල්පියෙක්.

අපේ මුල්ම කෙටි චිත්‍රපටය Cash On Delivery, ඒ නිර්මාණයෙ DOP වෙන්නෙ ඔහු. ඒ ෆ්‍රේම්ස් වල ලස්සන Youtube තියනවා බලන්න පුලුවන්. ඊට පස්සේ අපිත් එක්ක එකතු වෙලා පොඩි Experimental වැඩක් කරනවා " Dear දිගැසි" කියලා කෙටි චිත්‍රපටයක්. ඒක තාම රිලීස් වුනේ නෑ. ඒකත් ලගදිම බලන්න පුලුවන් වෙයි.

ඊට පස්සේ අපේ පළමු Feature Film එකේ Cinematographer වෙනවා. Tight schedule එකක් ඇතුලෙ ඒ ස්ටෝරි ලයින් එකට අවශ්‍ය කරන රූප ටික ඒ මූඩ් එකට ගැලපෙන විදිහට කැප්චර් කරගන්න ගත්ත උත්සහයේ සාර්ථකත්වය හැම ෆ්‍රේම් එකක් පුරාවට පේනවා. මේ වෙද්දි අපේ කණ්ඩායම ඒ රූපටික අර්ථවත් විදිහට පෙළ ගස්වමින් ඉන්නවා.

ක්ෂෙත්‍රයේ තුල විශාල අනාගතයක් ඇති ශිල්පියෙක්, විනයකින් යුතුව කටයුතු කරන ශිල්පියෙක්. ඔහුගේ හැකියාව "ආතුරාදරයක්" හරහා බොහෝ පිරිසක් හදුනා ගනීවි කියලා අපි විශ්වාස කරනවා.

Chinthaka D Bandara ඒ තමයි " ආතුරාදරයක් " කැමරාවෙන් හැඩ කරන ශිල්පියා ❤️🫶

ආතුරාදරයක් | A Story Beyond Romance

Coming2026

#ආතුරාදරයක්

12/05/2026

එකිනෙකට වෙනස් ජීවිත හතරක්, එක්තරා දීර්ඝ සති අන්තයක්, අහඹු හමුවීමක්?, අනිපේක්ෂිත සිදුවීම් පෙළක්.......

Long Weekend සීරීස් එක දැන් නැරඹිය හැකියි.👇

- හෙළකුරු - හෙළරූ
- ⁠ITNmax
- ⁠රූපහල
- ⁠Flickoo

Photos from Vikings Studio's post 11/05/2026

ප්‍රියන්ත දිසානායක.... ආතුරාදරයක් ෆිල්ම් එකේ වේශ නිරූපණ ශිල්පියා...

ෆිල්ම් සෙට් එකේ හිටපු අත්දැකීම් වැඩිම, ජ්‍යෙෂ්ඨතම ශිල්පියා, සම්මානනීය ශිල්පියෙක්, චිත්‍රපට, වෙළද දැන්වීම් ,වේදිකා නාට්‍ය විශාල ප්‍රමාණයකට දායකවී ඇති ශිල්පියෙක්. විශේෂයෙන්ම වේදිකා නාට්‍ය වේශනිරූණය සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් සහ ඒ සම්බන්ධව කතාකරන ශිල්පියෙක්, එකිනෙකට වෙනස් මාධ්‍යයන් තුනක සාර්ථකව කටයුතු කිරීම ලේසි කටයුත්තක් නෙමෙයි. මේ වෙනකොට එම තාක්ෂණික, ශිල්පීය දැනුම නව පරම්පරාවකට බෙදා දෙමින් සිටින ශිල්පියෙක්.

ඔහු අපේ පළමු Feature Film එකට එකතු වීම , නිර්මාණයට එකතු කල අගය , ඔහුගේ අත්දැකීම් බෙදා ගැනීම මේ හැම දේම මුදලින් මැනිය හැකි දේවල් නෙමෙයි. සමහර අවස්ථාව වල මූල්‍යමය පාඩුත් කරගෙන නිර්මාණයේ ගුණාත්මක භාවය වෙනුවෙන් කරපු දේවල් වලට සාධාරණයක් වෙන්නෙ චිත්‍රපටයේ outcome එක ඉතා හොද මට්ටමකට ගෙන ඒමෙන් බව අපි විශ්වාස කරනවා.. ඒ වෙනුවෙන් අපේ කණ්ඩායම මේ දින වල වෙහෙසෙමින් ඉන්නවා.

Makeup නොකර Makeup කරන හැටි බලන්න පුළුවන් "ආතුරාදරයක්" ෆිල්ම් එකේ. මේ වැඩේදි ප්‍රියන්ත අයියගෙ සහයකයා වුණු Avishka Chathuranga මතක් කරන්න ඕනෙ. අවිශ්කගේ Hairdressing 🫶❤️

ආතුරාදරයක් | A Story Beyond Romance

Coming2026

#ආතුරාදරයක්

07/05/2026

හැමෝගෙම ඇග හිරිවට්ටපු සීන් එකෙන් පස්සෙ....

ආතුරාදරයක් | A Story Beyond Romance

Coming2026

#ආතුරාදරයක්

05/05/2026

C🍎 D to ආතුරාදරයක්

CASH ON DELIVERY ශෝට් ෆිල්ම් එක කරලා අදට අවුරුදු 3ක් වෙනවා. COD ලියන්නෙ Feature Film එකක් විදහට. නමුත් ඒ මොහොතේ දිගු චිත්‍රපටයක් වෙනුවෙන් නිෂ්පාදකයෙකු සොයාගැනීමේ අපහසුතා නිසා අපි තීරණය කරනවා මේක කෙටි චිත්‍රපටයක් විදිහට කරන්න. දිගු කතාවක ඉතා කුඩා අවස්ථාවක් කෙටි චිත්‍රපටය විදිහට අරගෙන, එකට Cash On Delivery කියලා ටයිටල් එක දානවා. අපි කරන්නෙ අර දීර්ඝ කතාවට අදාල පොඩි පොඩි හින්ට් කෙටි චිත්‍රපටය ඇතුලට ගේන එක. මේ නිසාම චිත්‍රපටය තේරුම් ගන්න අපහසුයි කියලා පිරිසක් YouTube අවකාශයේ ප්‍රතිචාර දක්වලා තියනවා. මේ වෙනකොට Youtube වලින් ලක්ෂ 9 කට ආසන්න ප්‍රමාණයක් නරඹලා තියනවා වගේම කියන්න සතුටුයි විශාල පිරිසක් දීර්ඝ කතාවට අදාල ඩීටෙල්ස් තේරුම් අරගෙන ඉතා හොද ප්‍රතිචාර කෙටි චිත්‍රපටය වෙනුවෙන් එකතු කරලා තියනවා.

මේ ලින්ක් එකෙන් ෆිල්ම් එක බලන්න පුල්වන් 👇
https://youtu.be/aKg9b2aQzxw?si=cEGy4RbzqGVzPbg5

ඉතින් ඔහොම වෙලා අවුරුද්දු තුනකට පස්සෙ Feature Film එකක් විදිහට මේ කතාව කරන්න අපට පුලුවන් වුනා. "ආතුරාදරයක්" Movie Title එක. මේ වෙද්දි වැඩ අවසන් වෙමින් තියන "ආතුරාද‍රයක් - A Story Beyond Romance " චිත්‍රපටය ලගදිම බලාගන්න පුලුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඊට කලින් ශෝට් ෆිල්ම් එක බලා නැත්නම් බලන්න, ප්‍රතිචාර දක්වන්න. 🍎🍎

ආතුරාදරයක් | A Story Beyond Romance

Coming2026

#ආතුරාදරයක්

03/05/2026

සීන් එකේ සාර්ථකත්වයේ තරමට සතුටත් ඊට අනුලෝමව සමානුපාතික වේ....💯 🎬

ආතුරාදරයක් | A Story Beyond Romance

Coming2026

#ආතුරාදරයක්

Photos from Vikings Studio's post 01/05/2026

"ආතුරාදරයක්" සංස්කරණ කටයුතු මේ වෙනකොට නිමවෙමින් පවතිනවා. Vikings Studio අපට මේ සංකරණයේ විශේෂත්වයක් තියනවා. අපිට ඉන්න ජේෂ්ඨම සංස්කරණ ශිල්පියෙක් තමයි මේ කටයුත්ත කරන්නෙ....

එල්මෝ හැලිඩේ, ලාංකීය සිනමාවේ ස්වර්ණමය යුගයක (70/80 දශක වල) වැඩ කරපු ශිල්පියෙක්, විදේශීය චිත්‍රපට සංස්කරණය කල ශිල්පියෙක්, දේශීය සිනමාවෙ දැවැන්තයින් සමග වැඩ කල ශිල්පියෙක්, ලීනිය එඩිටින් ඉදලා , ඒ කියන්නෙ රීල් කපල ටේප් අලවලා එඩිට් කරන ක්‍රමයේ ඉදන් දැන් තියන ඩිජිටල් එඩිටින් දක්වා මාරු වුන එකම ශිල්පියා , Vikings Studio අපේ පළමු චිත්‍රපටයේ සංස්කරණ කටයුතු කරනවා....

සංස්කරණය කියන්නෙ Editing Software එකේ Tools හොදින් හසුරුවන්න හැකිවීම විතරක් නෙමෙයි, ඊට එහා ගිය දෙයක් බව ඔහු ඔප්පු කරමින් සිටිනවා...

අතීත සිනමාවෙ රස කතා අහන ගමන් ෆිල්ම් එකක් එඩිට් කරනවා කියන්නෙ වෙනමම ආතල් එකක්......☺

ආතුරාදරයක් | A Story Beyond Romance ✨

Coming2026

#ආතුරාදරයක්

14/04/2026

සතුටින් පිරි , ආතුර වලින් තොර සුබ අලුත් අවුරුද්දක් වේවා ! ❤️✨

ආතුරාදරයක් | A Story Beyond Romance

Coming2026

#ආතුරාදරයක්

12/04/2026

ආතුරාදරයක් | A Story Beyond Romance

Stories are written twice.once on paper,once in the edit. 🎬

Coming2026
#ආතුරාදරයක්

Photos from Vikings Studio's post 09/04/2026

ආතුරාදයක් Podcast Series ....

ආතුරාදරයක් | A Story Beyond Romance
Coming2026
#ආතුරාදරයක්

Want your public figure to be the top-listed Public Figure in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Weliweriya
Gampaha
11710