Pathum Ekanayaka
01/11/2022
'මිනිස්සු හරි වෙනස්' 🤔🤔
ඔයා කවදා හරි කාගෙන් හරි මේ කතාව අහල තියෙනවද?
කාවුරුහරි මෙහෙම කියන්නෙ ඇත්තටම මිනිස්සු පෙනුමෙන් වෙනස් හින්ද නෙවෙයි. අපි ලගින් ඉන්න අයගෙ ආකල්ප හිතාගන්න බැරි විදිහට වෙනස් කියල දැනුනහම අපිට ඉබේටම මෙහෙම කියවෙනව. එතකොට අපිට තේරෙනව අපි කරන්න ඕනේ මිනිස්සු එක්ක ජීවත් වෙනවට වඩා මිනිස්සු අදුරගෙන ජීවත් වෙන එක.
කෙනෙක් ගොඩක් ආශාවෙන් යම් කිසි දෙයක් ගොඩනගන මොහොතක ඒ හැම දෙයක්ම නැති කරන්න ඊටත් වඩා ආශාවක් එයා ලගින්ම ඉන්න අයට තියෙනව කියල දැනගත්තහම රිදෙන තරම වචන වලින් කියන්න බෑ... හැබැයි එයාල දන්නෙ නැති දෙයක් තියෙනව. ඒ තමයි, එයාලට පුලුවන් ඔයාට රිද්දන්න විතරයි. වට්ටන්න හීනෙකින්වත් බැහැ.
අඩන්න හේතු ගොඩක් මැද හිනා වෙන්න තියෙන එක හේතුව හොයා ගනින්. එතකොට තේරෙයි ජීවීතේ කියන්නෙ මොකක්ද කියල.
ඔයාව රිද්දන තරමට, අඩවන තරමට, ප්‍රතික්ශේප කරන තරමට මිනිස්සු නොහිතන තරම් ශක්තිමත් වෙනව. වැරදි නොකර වැරදි කාරයෙක් වෙන තරමට හොදට දරා ගන්න ශක්තිය ලැබෙනව. එහෙම ශක්තිමත් වුනු ඔයා එයාලට පේන්නත් එක්කම ලොකු ගමනක් යන්න ඕනෙ.
මිනිහෙක්ට පිස්සු හැදෙන්න ඔන්න මෙන්න මොහොතට එන්න ඕනෙ....
ජීවිතේට නොහිතපු විදිහෙ ප්‍රතික්ශේප වීමක් වෙන්න ඕනෙ....
දැන් මොකද කරන්නෙ කියල හිතාගන්න බැරි මොහොතක් එන්න ඕනෙ....
මට මොකද මේ වුනේ කියල හයියෙන් අඩන්න වෙන මොහොතක් එන්න ඕනෙ...
ජීවත් වෙනවද නැද්ද කියන තීරණේ වැට උඩ ඉදල තියෙන්න ඕනෙ...
මෙතනින් පස්සෙ තමයි ඔයාගෙ ජීවිතේ ලස්සන කතාව පටන් ගන්නෙ.
එන ඕන දේකට මූණ දීලා ඉන්න පුරුදු වෙන්නෙ.
🏆🏆🏆සාර්ථක මිනිහෙක් බිහිවෙන්නෙ. 🏆🏆🏆
26/06/2022
ඔබට ඇත්තටම මොකක් හරි ප්‍රශ්ණයක් ඇති වුණු වෙලාවට හොදට හිතල බලන්න ඒක ඇත්තටම ප්‍රශ්ණයක්ද කියල. මොකද ඒ ප්‍රශ්ණය ඇත්තටම ප්‍රශ්ණයක් වෙන්නෙ බොහොම කලාතුරකින්. ඔබ ප්‍රශ්ණ කියල හිතාගෙන ඉන්න දේවල් වලින් බහුතරයක් ඔබ ඔබේ හිතින් හදාගත්ත දේවල්. ඔබ ඔබේ ජීවිතයේ යම් කිසි දේකට සිතුවිලි වලින් අවදානමක් මවාගෙන ඒ ගැන ඕනවට වඩා හිතනව. ඇත්තටම ඒ දෙයට කිසිම අවදානමක් නැතත් ඔයා හිතනව.
ඊට පස්සෙ ඒකට ඔයාගෙ හැගීම් එකතු කරගෙන ඒක මහා ලොකු සාoකාවක් බවට පත් කර ගන්නව. ඔබ හැම තිස්සෙම බයකින් සහ සැකයකින් ජීවත් වෙන්නෙ එහෙම වුනාම. නිකමට හිතල බලන්න ඒක අපිට කොච්චර හිසරදයක්ද කියල.
ඔබ ඔබේ ශක්තිමත් සිතුවිලි මේ වගේ දේවල් වලට වැය කලහම ඔබට අළුත් පාරවල් හොයා ගන්නවත්, අළුත් දේවල් පටන් ගන්නවත් බැරි වෙනව. ඇත්තටම බැරි වෙනව නෙවෙයි, ඔබ විසින්ම ඔබේ සිතුවිලි නරක අත්දැකීම් පැත්තට හරවනව.
ඇත්තටම ඔබට මේ දේවල් වලින් මිදෙන්න ඕනෙනම්, මේ වගේ ඇත්තටම සිදුවෙලා නැති, සිදු වෙන්න කිසිම අවදානමක් නැති දේවල් වලින් ඔබේ සිතුවිලි වලින් ඉස්මතු වෙනව කියල තේරුනොත් ඒ මොහොතෙම ඒ සිතුවිලි වලින් ඈත් වෙන්න. ඒ සිතුවිලි සිතුවිල්ලක් විතරක් කරන්න. යථාර්තයක් වෙන්න දෙන්න එපා. මේ මොහොතට එන්න. වෙන්ත් දෙයක් ගැන හිතන්න. ජීවිතයේ සිදු වුණු රසවත් සුන්දර දෙයක් ගැන හිතන්න.
ඕනෙම දෙයක් ගැන ඕනවට වඩා හිතුව කියලවත්, පසුතැවුන කියලවත් අපිට අපේ අතීතය හෝ අනාගතය වෙනස් කරන්න බැහැ. ජීවිතයේ සැනසීම තියෙන්නෙ අපිට අපි වෙන්න පුළුවන් වුණු තැන් වල.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
No 99/1 Madelgamuwa
Gampaha
11011