Dream Language Academy

Dream   Language Academy

Share

18/03/2026

▪️ Exam Registration : https://exam.jlea.lk/

✍ විභාගයට ඉල්ලුම් කරන දරුවෝ පහත කාරනා පිළිබඳව ඔයාලාගේ අවදානය යොමු කරන්න.

▪️ photo එක 4x3 cm ප්‍රමාණය විය යුතුයි.
▪️ 1 MB ට වඩා අඩුවිය යුතුයි.
▪️ අනන්‍යතාව තහවුරු කිරීම සදහා ලියවිලි අනිවාර්යයි.
▪️ සියළුම තොරතුරු නිවැරිදි විය යුතුයි.
▪️ මාර්තු 15 - 28 අතර ඉල්ලුම් කල යුතුයි.
▪️ ඔබගේ password එක සහ refference number එක අනිවාර්යයෙන් save කර තබා ගත යුතුයි.

✍ ඔබට යම් ගැටලුවක් ඇතිවුවහොත් එම ආයතනය සම්බන්ද කරගැනීමට පහත දුරකතන අංකය භාවිතා කරන්න.
011 233 18 94

Photos from Dream   Language Academy's post 18/03/2026

ජපාන කාලගුණ විද්‍යා වාර්තා අනුව, මෙවර වසන්ත සෘතුවේ ප්‍රථම සකුරා මල් පිපීම කෝෆු, ගිෆු සහ කෝචි යන නගරවලින් වාර්තා වී ඇත. මෙය ජපානය පුරා සකුරා මල් පිපීමේ සෘතුව නිල වශයෙන් ආරම්භ වීම සනිටුහන් කරයි.😍

18/03/2026

අයදුම්පත්‍රය -https://www.slbfe.lk/wp-content/uploads/2026/03/application-TITP.pdf
වැඩි විස්තර -https://www.slbfe.lk/wp-content/uploads/2026/03/Automobile-Add-sinhala.pdf

ජපානයේ රැකියා සිහිනය සැබෑ කර ගැනීමට
ඔබට අනගි අවස්ථාවක්...

මෝටර්රථ කාර්මික නඩත්තු ක්ෂේත්‍රය
(Automobile) – (පිරිමි)

IM Japan තාක්ෂණික සේවාස්ථ පුහුණු වැඩසටහන (TITP) යටතේ මෝටර්රථ කාර්මික නඩත්තු ක්ෂේත්‍රයේ - පිරිමි (Automobile -Male) රැකියා සඳහා අයදුම්කරුවන් දැනුවත් කිරීමේ හා බඳවාගැනීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී පැවැත්වේ.
ඒ සඳහා පහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් අදාල සහතිකපත් හා ලිපිලේඛන ද සහිතව 2026.03.23 දින පෙ.ව.9.00 ට අංක 234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල ලිපිනයේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරය වෙත පැමිණෙන්න.

(සැ.යු.මින් පෙර ජපානය සඳහා වීසා අයදුම්කර ප්‍රතික්ෂේප වී ඇති අයඳුම්කරුවන් මේ සඳහා අයඳුම් කිරීමෙන් වලකින්න)

අවශ්‍ය මූලික සුදුසුකම්.
- වයස අවු.18-30 අතර විය යුතුය.
- ශරීරයේ Tattoos නොතිබිය යුතුය.
- අ.පො.ස (උ.පෙළ) විභාගය සඳහා පෙනී සිට තිබිය යුතුය. (රජයේ පාසලක හෝ පෞද්ගලික පාසලක වසර 13 ක කාලයක් අධ්‍යාපනය සම්පූර්ණ කර තිබිය යුතුය.)
- වෘත්තීය පුහුණු ආයතනයකින් හෝ කාර්මික විද්‍යාලයකින් මෝටර්රථ ඉංජිනේරු ක්ෂේත්‍රය (Automobile Engineering) පිළිබඳ වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරා අදාල පාඨමාලාව සම්පූර්ණ කර තිබීම.
- මෝටර්රථ ඉංජිනේරු ක්ෂේත්‍රය (Automobile Engineering) පිළිබඳ NVQ සහතික ලබා තිබීම සහ ප්‍රායෝගික පුහුණුව සම්පූර්ණ කර තිබීම.
- ජපන් භාෂා N5 ප්‍රවීනතාවය ලබා තිබීම ප්‍රමුඛතාවය හිමිවීමට හේතුවක් වේ.
- උස 160 cm හෝ ඊට වැඩිවිය යුතුය.
- බර 50 Kg හෝ ඊට වැඩිවිය යුතුය.
- දෘෂ්ඨි ආබාධ නොතිබිය යුතුය. (ජපන් දෘෂ්ඨි අගය 0.7 ට වඩා වැඩි හා ශ්‍රී ලංකා දෘෂ්ඨි අගය 6/9 වඩා වැඩි)

අවශ්‍ය ලිපිලේඛන.
• සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රය (අයදුම්පත්‍රය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියේ පලකර ඇත)
• පාසැල් හැරයාමේ සහතිකය
• අ.පො.ස (උ.පෙළ) ප්‍රතිඵල සහතිකය
• ජාතික හැඳුනුම්පත
• මෝටර්රථ ඉංජිනේරු ක්ෂේත්‍රය (Automobile Engineering) පිළිබඳ NVQ සහතික, වෘත්තීය සහතික සහ සේවා සහතික

වැඩි විස්තර සඳහා 1989 අමතන්න
(බඳවාගැනීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පමණි.)

10/03/2026

The Future Begins Here🇯🇵
අනාගතය මෙතනින් ආරම්භ කරන්න එන්න 🌼🇯🇵
ඔයත් ජපන් හීනය පාට කරන්න කතාකරන්න 😍
070 1000176 අංකයට whatapp පණිවිඩයක් එවන්න 😍😍

, #♡ Umeshi Sense 🦋🎓❤️
Dream language Academy 🇯🇵🏅

Want your school to be the top-listed School/college in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Gampaha
GAMPAHA