Pramu
27/08/2023
ආදරය!
+ ඇත්තටම ආදරය කියල දෙයක් තියනව ද?
- ඔව්. ආදරේ කියන්නෙ චුට්ටක්වත් ලෝබ නැතුව පාට පාට හීන බෙදන හරි අපූරු බන්ධනයක්.
+ ඉතිං ඔයා ඒ බන්ධනයට බැඳිල තියනවද දවසක් හරි?
- ඇත්තෙන්ම ඔව්. මම තවමත් ඉන්නෙ ඒ බන්ධනය ඇතුළෙ.
+ එහෙනම් ඔයාට හරි අපූරු පෙම්වතෙක් ඇති නේද?
- ඔව්. එයා තමයි මේ ලෝකෙ ඉන්න හොඳම ප්‍රේමවන්තයා.
+ ඇයි ඔයා එහෙම කියන්නෙ?
- එයා හරිම ආදරණීය චරිතයක්.
+ එතකොට ඔයා?
- මමත් එයාට හරි ආදරෙයි. මම හිතන විදියට මේ ලෝකෙ ඉන්න හොඳම ප්‍රේමවන්තිය මම.
+ එයාගෙ ආදරණීයත්වය ශූන්‍යක් වුණොත් එදාටත් ඔයා මේ විදියටම එයාට ආදරේ කරයිද?
- ම්ම්ම්ම්ම්……... අනේ මන්දා. මට සෑහෙන්න කලකිරෙයි.
+ ඇයි ඒ කලකිරෙන්නෙ?
- මම එයාට මේ තරමටම ආදරේ දෙද්දිත් එයාට මාව නොදැණුන නිසා.
+ ඉතිං, දැනුත්, තවදුරටත් ඔයා කියනවද “ආදරය” කියල දෙයක් තියනවා කියල? දැන්වත් තේරුම් ගන්න; ආදරේ කියන්නෙ පැහැදිලිවම තනි ආත්මාර්ථකාමී හැඟීමක්. පැහැදිලි ගනුදෙනුවක්. කවුරු කොහොම මොනව කිව්වත්, ආදරේදි පින් තකා පින් සලකා ආත්මය පාවා දෙන්න ඔයත් කැමති නෑ මමත් කැමති නෑ. ඒකයි මම කියන්නෙ, වෙන කෙනෙක්ට ආදරේ කරනවට වඩා ලේසියි, තමන් තමන්ටම ආදරේ කරන එක. එතකොට, ගනුත් තමන් - දෙනුත් තමන්!
-ප්‍රමූ 🤍
04/05/2023
හිතවත,
අවැසිනම් නුඹට
කියවන්න මාව
දකින්න
මේ සුදු මල.
බලන්න.
හැබැයි,
එපා නෙලන්න.
අවැසියි මට
මියෙන්න.,
නොයා කුණූ කූඩෙට
බිහිකර තවත් පැළ
පසක් වී පොළොවට.
ඉතිං,
මම
සුදු මල.
-ප්‍රමූ🤍
17/06/2022
ආදරේ…. හරි ම පිරිසිදු පවිත්‍ර දෙයක්. ඒ පවිත්‍රත්වයේ කෙළවරදි මේ ආදරේ ම රාගය කියන අකුරුවලින් අපේ ඇස් ඉස්සරහට එනවා. ඒ එන්නෙත් පිරිසිදු පවිත්‍ර චේතනාවකින් නම් ඒ ආදරේ ලස්සන ආදරයක් කියල අපි හඳුන්වනවා. ඒත් එක්කෙනෙක් ආදරේ කරද්දි අනිත් කෙනා කරන්නෙ රැවටීමක් නම්? එතන ඉතුරු වෙන්නෙ හිස්තැන් එකතු වුණ ප්‍රශ්නාර්තයක්. මෙතනදි තනි වුණ ගැහැණියක් තමන්ගෙ ඇඟ ඇතුළෙ තවක් පුංචි ජීවිතයක් හංගන් ඉන්නවා කියල දැනගන්නවා. මේ ගැහැනිය හැබැයි අරුම පුදුම විස්මයජනකයි. මොකද දන්නව ද? ලොකු ගල් ගෙඩියක් ඔලුවට කඩන් පාත් වුණ මේ වෙලාවෙත් ගල් ගෙඩිය අතෑරපු පෙම්වතාට ඒක පාර්ශ්වික ව තව තවත් පෙම් කරනාතුරදිම ඇගේ අතේ තියන ජීවිත දෙකත් හරි ලස්සනට ජීවත් කරවනව මෙයා.
ඒකයි මම කිව්වෙ, මේ ඉන්නෙ නූතන පත්තිනියක්! 💞
Artist - Tharindya Bopegedara
Lyrics - Lochana Pramudi
Melody & Music - Mahiru Senarathne
Mixing & Mastering- Mahiru Senarathne
Recording - Lahiru De Costa Lahiru Audio Vision
Distribution - MREC Entertainment
Photography - Dilusha Muthukuda @ Dilusha Muthukuda photography
Motion Video - Chameera J Hettiyarachchi @ 3rd eye cinema
Cast - Vihangi Anjali , Lahiru Madhuwantha, Tharindya Bopegedara
Kolam Paa(කෝළම් පෑ) - Tharindya Bopegedara ft. Mahiru Senarathne & Lochana Pramudi Artist - Tharindya BopegedaraLyrics - Lochana Pramudi & Music - Mahiru SenarathneMusic Co...
01/08/2021
හැඳිවත....
හිස මුඩු බෑව මුත් නෙතු නුරා
ඇඳි වත කහය ගත ඇත සරා
සෑ මළුවෙදි ම ඇස් ඉඟි මරා
කැන්දූවාලු ලොකු නම සරා
සුදු මුදු සුවඳ වත්සුණු පිරුණ
සෙව්වන්දියක සෙව් සුව සයන
සියොළඟ සැප ම ලද මද කිපුණ
සළෙලා ගියේ බෝසත් ගමන
විද්වත් දනන් ලොකු නම නැමද
වස් දොස් යවා සෙත් සිරි අයැද
කහවණු පුදා ගිය සඳ සසඳ
ඌ බුදු පුතුය ලෝ වෙත සුහද
බෝසත් පුතුගෙ ආශා මඩන
සෙව්වන්දිය ය ඇය නම් දරන
ගල් මුල් වදියි මග ඇය යනෙන
හැඳිවත තුළ ද දන මන නයන
❔❓❔
-ප්‍රමූ🤍
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Address
Gampaha
11000