ICT Engineering world
15/02/2026
පෙබරවාරි 15 වන දින සංකේතවත් කරන්නේ සදාචාරාත්මක (Ethical) සහ වගකීම් සහගත තාක්ෂණික සංවර්ධනයක ඇති වර්ධනය වෙමින් පවතින වැදගත්කමයි. කෘතිම බුද්ධිය (AI), ස්වයංක්‍රීයකරණය (Automation) සහ දත්ත පද්ධතීන් (Data systems) දිනෙන් දින බලවත් වන විට, පෞද්ගලිකත්වය, ඩිජිටල් අයිතිවාසිකම්, සයිබර් ආරක්ෂණය සහ සදාචාරාත්මක AI පිළිබඳ සංවාදයන් තාක්ෂණික ප්‍රගතියේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත.
නූතන නවෝත්පාදනයන් තාක්ෂණික දියුණුව සහ වගවීම (Accountability) අතර මනා සමතුලිතතාවයක් පවත්වා ගත යුතුය. ආරක්ෂිත පද්ධති, විනිවිදභාවයෙන් යුත් ඇල්ගොරිතම සහ වගකීම් සහගත දත්ත භාවිතය අද වන විට ඩිජිටල් පරිවර්තනයේ තීරණාත්මක සාධක බවට පත්ව තිබේ. ලොව පුරා සංවිධාන දැන් උත්සාහ කරන්නේ නැගී එන තාක්ෂණයන් සාධාරණත්වය, ඇතුළත් කර ගැනීම (Inclusivity) සහ ආරක්ෂාව පෙරදැරි කරගෙන නිර්මාණය කිරීමටයි.
පෙබරවාරි 15 අපට සිහිපත් කර දෙන්නේ තාක්ෂණයේ අනාගතය තීරණය වන්නේ අප නිර්මාණය කරන්නේ කුමක්ද යන්න මත පමණක් නොව, අප එය නිර්මාණය කරන්නේ කෙසේද යන්න මත බවයි. සැබෑ නවෝත්පාදනයන් අර්ථවත් වන්නේ ඒවා පරිශීලකයින් ආරක්ෂා කරන, පෞද්ගලිකත්වයට ගරු කරන සහ සමාජයට වගකීම් සහගතව සේවය කරන තාක් පමණි.
25/10/2025
Windows 7 රිලීස් වෙලා (22) වෙනිදට හරියටම අවුරුදු 16ක්. Windows Xp සාර්ථකත්වයට පස්සේ ආපු Widows Vista එක්ක ඩවුන් ගිය Windows Operating පද්දතිය ආයෙත් උඩටම ගෙනාවේ Windows 7.
2009 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 22 වෙනිදා රිලීස් වුනු Windows 7 පෙරළිකාර මෙහෙයුම් පද්දතියක්. පොඩි දරුවෙක් වගේ user ගෙ අත අල්ලගෙන හැමදේම කරල දෙන්නේ නැතිව, ප්‍රධාන ක්‍රියාකාරීත්වය විතරක් භාර අරගෙන ඉතුරු ඔක්කොම userට වුවමනා විදිහට හදාගන්න ඉඩ හදල දුන්නු පළවෙනි Windows Operating System එක Windows 7. ඒ දවස්වල Rainmeter එහෙම දාගෙන ඩෙස්ක්ටොප් එක කස්ටමයිස් කරලා ගත්තු fun, එහෙම කරපු අයට මතක ඇති.
මේ versatility එකත් එක්ක premium ගතියක් Windows Operating පද්දතියට ගෙනාවෙත් Windows 7. ඒකට ලොකුම තල්ලුව දුන්නේ Aero තීම් එකේ task bar එක සහ start menu එක. එදා තිබුනු සමහර system මේ Aero තීම් එක නිසා crash වුණු අවස්ථාත් නැතිව නෙවෙයි.
හැබැයි එහෙමයි කියලා Windows 7, stability අතින් දෙවෙනි වුනෙත් නැහැ. පරණ වගේම අලුත් hardware වල කිසිම අවුලක් නැතිව වැඩ කළා. ඒ වෙනකන් Windows වල තිබුනු device driver හිසරදේට, ටක්කෙටම විසඳුම ගෙනාවෙත් Windows 7.
කොහොම හරි කාලයත් එක්ක ඔක්කොම වෙනස් වෙන ලෝකයේ Windows 7 වලටත් යන්න වුනා. හැබැයි, අදටත් මයික්‍රොසොෆ්ට් සමාගම රිලීස් කරපු හොඳම Windows version එක, Windows 7 බව අවිවාදිත යි.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
30 Temples Lane Kaluwella
Galle
80000