WK store
20/11/2025
07/10/2025
*🪷දවසේ පින්බර දසුන* 🪷
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස.. යම් සේ හිරු අන්තයට ගිය කල්හි සත්වයෝ ද අඳුරට ම යන්නෝ ය.. එසේම බුදුරජාණන් වහන්සේනමක් ලොව නූපන් කල්හි ලෝකෙම අන්ධකාරයට යන්නේ ම ය.. උදාවන්නා වූ සූර්යයා සියලු ලෝකවල අඳුර දුරු කරන්නේ යම් සේ ද එසේම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී එවන් අඳුර නැසූ සේක් ම ය.. එනිසාම මේ ලෝකයට පහළ වන එකම ආශ්චර්යවත් වූ මනුෂ්‍ය රත්නය වන්නේ බුදුරජාණන් වහන්සේ ම ය...
බුදුවරුන්ගේ උපත ලොවට සැපයක් බව ඒකාන්ත සත්‍යයයි.. මෙවන් ආනුභාව සම්පන්න වූ භාග්‍යවතුන් වහන්සේ උදෙසා නගන සාධු නාදය කිසිකලෙකත් හිස් නොවන්නේ ම ය.. අපව නිවනට පමුණුවන්නේ ම ය.. ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගත් පමණින් අපට සුගති සැප විවර වන්නේ ය.. සතර අපා දොරටු වැසෙන්නේ ම ය...
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, දෙපා ඇතියනට අග්‍ර වූ, මහා ආනුභාව සම්පන්න වූ, මෙවන් අනන්ත වූ ගුණයන්ගෙන් බබළන්නා වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!!
සාදූ! සාදූ!! සාදූ!!!
*නමෝ බුද්ධාය🙏🪷*
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Galle
800000