Green Axis Engineering

Green Axis Engineering

Share

28/05/2026

Another story, now in its final touches ✨

05/02/2026

⚓️ Leading House Builder in Southern Province - “Green Axis Engineering ” ⁨📞 ⁨077 031 2818⁩
🔰 Architectural Designs
🔰 Structural Designs


Call us 0770312818 / 0912229127
[email protected]

Previous Projects 👉 check the link Green Axis Engineering ( https://www.facebook.com/GreenAxisEng/

Photos from Green Axis Engineering's post 04/02/2026

THE FINAL TOUCHES ON ANOTHER SUCCESSFUL STORY
📌 Stay Tuned 📌

GREEN AXIS ENGINEERING
⚓️ Leading House Builder in Southern Province ⚓️

📞077 077 031 2818 / 0912229127
[email protected]

Photos from Green Axis Engineering's post 20/10/2025

හරියට පිළිවෙලට වොටබෙස් කරගන්නා අයුරු !!

පළමුව මේ උපදෙස් පිළිපදින්න

*වොටබෙස් කරන බ්‍රෂ් වෙනම ගන්න තියෙනවා ජැට් එකේ ඒකම ගන්න.

*පේපර් ග්රිට් 80 හෝ 120, 180 (හෝ 220), 320, 400 (හෝ 600), 1000, ඒ වගේම සැන්ඩින් කිරීමේදී හැම අතටම නොකරන්න (ලියේ වුඩ් ග්රෙන් එක යන දිසාවට පමණක් කරන්න,)

*වූඩ් ප්රිසවෙටිවූ, වුඩ් ස්ටේන්, ක්ලියර් කෝට්, සෑන්ඩින් සීලර් (මාස්ටර්ස් EXM1500) අවශ්‍යයි. වුඩ් පොටි ලියේ පාට අනුව ටියුබයක් ගන්න. වුඩ් ස්ටේන් තෝරා ගැනීමේදී වෝල්නට් වර්ණය වැනි තද වර්ණ වලින් වැලකි සිටින්න (ආයේ පාට වෙනස් කරන්න ලේසි නැහැ) , බොහෝවිට ලාච් ටීක් හොද පාටක් වගේම බුරුමා ටීක්, මහෝගනී රතට හුරු හොද වර්ණ. ඕක් වගේ වර්ණත් සෑහෙන ටිකක් හොදයි. ක්ලියර් කෝට් එක 60% ග්ලොස් සහ මැට් ගන්න පුළුවන් (කැමති විදිහ අනුව නමුත් වැඩියෙන්ම යන්නේ ග්ලොස් )

*අවසානයේ හොද බෆින් පෑඩ් සහ ඒ සඳහා යොදාගන්නා වේගය පාලනය කල හැකි ග්‍රයින්ඩර් මාදිලියේ උපකනයක්, ඔර්බිට් හෝ ප්ලාම් සෑන්ඩරයක් අවශ්‍යයි ,

*මුබ ආවරණයක් අනිවාර්යෙන් පළදින්න!

පිළිවෙල -
පළමුව ලී වල වුඩ් ප්රිසවෙටිවූ ආලේප කරන්න. ඒ සඳහා වොටබෙස් වර්ගයේ වුඩ් ප්රිසවෙටිවූ පමණක් භාවිතා කරන්න. දෙදිනක් පමණ හොදින් වේලෙන්න අරින්න.

දෙවනුව ලීයේ මතුපිට ග්‍රයින්ඩින් පැල්ලම් ඉවත් වෙනකම් සහ ලිය හොදින් කැපී එක ආකාරයකට ස්මුත් වී එක ලෙවල් එකකට එනකම් 80 හෝ 120 ආදාරයෙන් කපාගන්න. ඉන්පසුව ලීයේ පැලීම් ඇත්නම් ඊප්‍රොක්සි ගම් ටියුබ් එකක් ගන්න ඕනි (හාඩ්නර් සහ ගම් එක කලවම් කරලා පැලීම් පුරවන්න අවශ්‍යයි.) ඒ වගේම Eproxy භාවිතා කරනවා නම් පැය 24ක් වෙලන්න අවශ්‍යයි. ලීයේ හිල් හෝ කුඩා වෙනස්කම් තියෙනවා නම් වුඩ් පොටි ආලේපකර පැය 5ක් වේලෙන්න තියන්න.
පැය 5කට පසු වුඩ් පොටි ආලේප්කරගත් තැන්වල වැඩිපුර ගෑවිලා තියෙන ඒවා ස්කේපරයකින් සූරාගෙන හෝ වැලිකඩදාසියකින් හිඩෑසේ ප්‍රමාණයට එනතෙක් අතින් කපන්න. Eproxy නම් සියුම් බ්ලේඩ් තලෙකින් කපාගන්න ඕනි ඒ වගේම සෑන්ඩ් කරන්න ඕනි අතින්.
ඉන්පසු සියල්ලම 180(හෝ 220) න් නැවතත් සැන්ඩර් කරන්න. 220න් කපන්න කලින් වතුර ටිකක් ස්ප්‍රේ කරලා ලියට කපනවා නම් ගොඩක් හොද ස්මුත් එකක් ගන්න පුළුවන්..
නිවැරදිව ග්රෙන් එක දිගේ ලීයම සෑන්ඩ් කරගත් අවස්තාවෙන් පසුව වුඩ් ස්ටේන් ජලය 10%ක් හෝ ජලය කලවම් නොකර "එක් වරක්" පමණක් ආලේප කරන්න. (බොහෝ විට ජලය කලවම් කරන්නේ නැත) පැය 4ක් වේලෙන්න තියන්න.
මේකට පස්සේ ආලේප කරන්න ඕනි මාස්ටර්ස් EXM1500 සැන්ඩින් සීලර් එක ඒක කෝට් එකක්, පැය 6ක් හෝ 12ක් වේලෙන්න තියන්න පුළුවන් නම් හොදයි.

සැන්ඩින් සීලර් එක ගාන්නේ ලීයේ තියෙන කුඩා සිදුරු පුරවන්න ඒ වගේම ලියේ සුමට මතුපිටක් ගන්න.

මතක ඇතුව සැන්ඩින් සීලර් එක ගන්නවා නම් වොටබේස් සඳහාම නිපදවපුව යොදාගන්න .
දැන් සැන්ඩින් සීලර් එකේ පළමු කෝට් එක හොදට වේලුනු පසුව කපා ගන්න.
සෙමින් ප්ලාම් හෝ ඔර්බිට් සැන්ඩර් එකෙන් 320 න් ලිය දිගේ එක පාරක් දෙපාරක් උඩට යටට සෑන්ඩ් කරලා බලන්න ලීය එක සමානව කැපෙනවද කියලා.
විශේෂත්වයක් තියෙනවා සැන්ඩින් සිලර් එක ගාලා කපනකොට සුදුපාට පිටි වගේ කුඩක් එනවා. ඒකට බය වෙන්න එපා. සාමන්යෙන් උඩට පහලට 4ක් හෝ 6ක් යද්දී සුදු පිටි එන ගතිය නැති වෙලා වුඩ් ස්ටේන් එකේ පාට ලාවට එන්න ගන්නවා. එතකොට තමයි කපන එක නවත්තන්න ඕනි.
මේක ඉවර උනාම ලීය ප්ලාස්ටික් වගේ ස්මුත් වෙන ඕනි. කපලා ඉවර වෙලා ලාවට තෙත රෙදි කෑල්ලකින් අර ලීයේ රැඳිලා තිබුණු ඩස්ට් එක අයින් කරන්න.
(ඔයාගේ වැඩේ අවසානයේ ක්ලියර් කොට් එක ස්ප්‍රේ කරගන්නේ නැතුව බ්‍රශ් එකෙන් ගානවා නම් සැන්ඩින් සීලර් "එක" කෝට් එකක් ගාන එක හොදටම ඇති.)
හොදම නිමාවක් ගන්නවා නම් සැන්ඩින් සීලර් එක දෙවෙනි කෝට් එකක් ගාලා 400න් අතින් කපන්න ඕනි වගේම කලින් කියුව ස්ටේන් එකේ පාට ලාවට එද්දිම නවත්වන්න ඕනි.ඒ කැපුවට පස්සේ ලාවට තෙත රෙදි කෑල්ලකින් අර ලීයේ රැඳිලා තිබුණු ඩස්ට් එක අයින් කරන්න හෝ වැකුම් කරලා රෙද්දකින් පිහන්න ( මේ පියවර අවශ්‍යම නැත)
දැන් ආයේ යන්නේ ලීය සමානව ස්ටේන් කරගන්න එක. බොහෝ දුරට ඒක ස්ටේන් කෝට් එකක් නැවත ජලය කලවම් නොකර ආලේප කිරීම හොදටම ප්‍රමාණවත්.
පාට තද මදි නම් තවත් ස්ටේන් කෝට් එකක් අතරේදී බොහෝවිට 400න් හෝ 600න් ලාවට බොහොම ටිකක් ආයේ මදින්න පුළුවන් නම් හොදයි නැති උනත් ප්‍රශ්නයක් නැහැ. මදිනවා නම් අනිවාර්යෙන් ආයෙත් අවසානයේ ඩස්ට් එක අයින් කරන්න පැය 6ක් අවම වේලෙන්න තියන්න.
මිලගට ක්ලියර් කෝට් ලේයර් එකක් ගහල අනිවාර්යෙන් පැය 6ක් වේලෙන්න තියන්න. ඉන්පස්සේ ඒක 1000න් කපන්න. පිරිසිදු කරගෙන නැවත දෙවෙන ක්ලියර් කෝට් එක ගාන්න. බොහෝවිට දෙකක් හොදටම ප්‍රමාණවත්. 3ක් 4ක් ගියත් අවුලක් නැහැ. ඔබගේ සිතැගි පරිදි ක්ලියර් කොට් එක ගෑම ප්‍රමාණවත්.

මෙතනින් එහාට තියෙන්නේ කරන්න අවශ්‍යම වැඩක් නෙමෙයි එත් අනික් අයට නැති හොදම ෆිනිෂින් එකක් ගන්න නම් මේකොටස කරන්න..

ක්ලියර් කෝට් තුන්වරක් හෝ එයට වැඩියෙන් ගාලා දවස් දෙකක් හෝ තුනක් හොදටම වෙලුනාට පස්සේ තමයි මේක කරන්න ඕනි..
බෆින් පෑඩ්වල සිනිදුම (සොෆ්ට්) එක අරගෙන ලීයට උඩින් වතුර ටිකක් ස්ප්‍රේ කරලා වේගය පාලනය කරන්න පුළුවන් ඔර්බිට් සැන්ඩර්, ග්රයින්ඩර් (මේකට සැන්ඩර් යොදාගන්න බැහැ) බොහොම පරිස්සමින් අඩු වේගෙකින් බෆ් කරගන්න පුළුවන්. එතකොට ක්ලියර් කෝට් එකේ රැලි ගතිය යනවා. කන්නාඩිය වගේ ලීය දිලිසෙන්න ගන්නවා.
අමතරව පොඩි දෙයක්
මම මේ ලියල දැම්මේ කට්ටියට වැඩේ වෙනවා නම් හරියටම වෙන්න ඕනි කොහොමද කියන එක.. එත් 120න් කපලා 220 කපලා මැට් හෝ ග්ලොස් සාමාන්‍ය විදිහට ගාන්නත් පුලුවන්. අතේ තියන මුදල් ප්‍රමාණය අනුව ෆිනිෂින් එක ගන්න පුළුවන්.

මිට අමතරව ඩියුලක්ස්ලා ගාව ඔක්කොම කලවම් කරපු වොටබෙස් තීන්ත එකත් තියෙනවා එත් වියදම එකයි. ඒ වගේම නිපොලැක් ගෙන්නන එකත් තියෙනවා එකත් හොදයි හැබැයි එකේ ක්ලියර් කොට් එකේ පින්සල් පාරවල් හිටිනවා. ගෝරී & ජැට් තමයි ජනප්‍රියම ජැට් එක එකෙත් දෙකක් එනවා මාස්ට’ කියල ගණන් අඩු එකකුත් එනවා.

Green Axis Hardware Green Axis Engineering



077 0312818

Want your business to be the top-listed Engineering Company in Galle?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


1st Mile Post, Galgamukanda, Anangoda
Galle
80000

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00