TV Ruhuna
පොහොර වල ප්‍රමිතිය පරික්ෂා කිරිමට පහසුකම් නැහැ.
පොහොර තත්ත්ව පරික්ෂණ කටයුතු සදහා ප්‍රමාණවත් පහසුකම් සහිත පරික්ෂණාගාර නොමැතිවිම් හේතුවෙන් වාර්තා ලබා ගැනිමේ ප්‍රමාදයක් පවතින බව ගාල්ල දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්විමේ දි අනාවරණය විය.
එම කටයුතු කඩිනමින් සිදුකිරිමට අවශ්‍ය ක්‍රම වේදයක් දිස්ත්‍රික් මට්ටමින් ස්ථාපිත කිරිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරදෙන ලෙස ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකවරයා මෙහිදි ඉල්ලම් කළේය.
මේවනවිට වෙළදපොළේ අලෙවිය සදහා පවතින පොහොර සදහා ඇමෝනියම් සල්පේට් රසායන ද්‍රව්‍ය මිශ්‍රකර අලෙවි කරණ බවට වාර්තා වි ඇති බවත් ඒ පිළිබද අවධානය යොමුකරණ ලෙස ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යු චන්ද්‍රලාල් මහතා මෙම රැස්විමේ දි සදහන් කළේය. ගාල්ල දිස්ත්‍රික්කය තුල වි වගාව සදහා ප්‍රමාණවත් පොහොර සංචිතයක් ගොවිජන සංවර්ධන ඹධ්‍යස්ථාන සතුව පවතින බව මෙහිදි ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරයා සදහන් කළේය. ගාල්ල දිස්ත්‍රික් සැලසුම් කමිටුව වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
02/06/2026
අධිකරණ ඇමති එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක මණ්ඩලයේ සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් හමු වෙයි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙරට සංචාරයක නිතර එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක මණ්ඩලයේ සභාපති Rein Tammsaar (Estonia) මහතා ඇතුළු එම අරමුදලේ විධායක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (02) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ළමුන් සම්බන්ධයෙන් පවතින නීති, වීඩියෝ තාක්ෂණ ඔස්සේ ළමුන්ට සාක්ෂි ලබාදීමේ පහසුකම්, ළමා සහ යෞවන ආඥා පනත, ළමුන් සම්බන්ධයෙන් පවතින නඩු කඩින්ම කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය.
අධිකරණයේ විභාගවන නඩු කටයුතු වලදී දරුවන්ගෙන් සාක්ෂි ළබා ගැනීමේදී විඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දීමේ හැකියාව අපරාධ නීති විධිවිධාන සංග්‍රහයේ සංශෝධනය අනුව සකස් කර ඇති අතර එම ක්‍රියාවලිය පිළිබඳ ද විනිසුරුවරුන් දැනුවත් කිරීම් සිදු කර ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව මෙහිදි අමාත්‍යවරයා කියා සිටියේය.
ළමුන් සම්බන්ධයෙන් පවතින නීති පිළිබඳව විනිසුරු පුහුණු ආයතනය දැනුවත් කිරීම සහ ශ්‍රි ලංකා නීති විද්‍යාලයේ විෂය මාලාව සඳහා ළමුන් සම්බන්ධ නීති ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු බව අමාත්‍යතුමා මෙහිදී සදහන් කළේය.
වීඩියෝ තාක්ෂණ ඔස්සේ ළමුන්ට සාක්ෂි ලබාදීමේ කාමර පහසුකම් මේ වන විට මහනුවර අධිකරණයේ ස්ථාපිත කර ඇති අතර අනෙකුත් අධිකරණ සඳහා එම පහසුකම් ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු විණි.
නඩු ප්‍රමාදය සම්බන්ධයෙන් සාකච්ඡාවේදී අවධානය යොමු වු අතර නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අධිකරණ පද්ධතියට අදාළ ආයතනවල පවතින පුරප්පාඩු ඒ සඳහා ප්‍රධාන හේතුවක් බවත් ඊට විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක මණ්ඩලයේ උප සභාපතිවරුන් වන , Sophia Tesfamariam (Eritrea), Anna Jóhannsdóttir (Iceland), Alejandra Hernandez Gonzalez (Dominican Republic), Claudio Silvio Nardi (Liechtenstein), විධායක ලේකම් කාර්යාලයේ ලේකම්, Andres Franco, විධායක මණ්ඩල ලේකම් කාර්යාලයේ කර්තෘ සහ උපාය මාර්ගික විශේෂඥ Natalie Leston යන මහත්ම මහත්මීන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.
02/06/2026
ගාල්ලේ ගම් දහසක වැඩ දහසක් ආරම්භ කිරීම අක්මීමනින් ආරම්භ කෙරේ.
ගම්දහසක වැඩ දහසක් ආරම්භ කිරිමේ ගාල්ල දිස්ත්‍රික් උත්සවය වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අක්මිමන ප්‍රා දේශිය ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
මෙම වැඩසටහනට සමගාමිව ඉහළගොඩ දකුණ ගම්මානයේ මැස්මකින් දිවියට සවියක්, ව්‍යවසාය සංවර්ධන ව්‍යාපෘතිය, පින්නදුව පට්ටන් කට්ටිය අමුණේ ඉදිකිරිම් ආරම්භ කිරිම, බිම්මල් අගය එකතුකළ නිෂ්පාදන ව්‍යාපෘතිය සහ කෘෂි ආර්ථිකයට හා සංචාරක කර්මාන්තයට සෘජුව බලපාන මාර්ග දෙකක සංවර්ධන කටයුතු ආරම්භ කිරිම සිදුකරණු ලැබිය.
පින්නදුව පට්ටන් කට්ටිය අමුණ ඉදිකිරිම තුලින් එම යායේ කුඹුරු අක්කර 16, රුඩි 02ක් සහ පර්චස් 37 නැවත වගා කිරිමට සැලසුම්කොට ඇත.
මෙම අවස්ථාවට ගාල්ල දිසත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවිර, අක්මිමන ප්‍රා දේශිය සභාවේ සභාපති සුගත් ආනන්ද, උප සභාපති ඹ්ෂාන් රන්දික පෙරේරා .ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යු චන්ද්‍රලාල්, යන මහත්වරු සහ අක්මිමන ප්‍රා දේශිය ලේකම් එස්.ටි.සජිවනි, සහකාර ප්‍රා දේශිය ලේකම් නයනතාරා ගුරුගේ යන මහත්මින් ඇතුළු රාජ්‍ය නිලධාරින්, ප්‍රජාශක්ති කමිටු සභාපතිවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
පක්ෂ මාරු පණත ගේන්නේ ආන්ඩුවේ බෙදීමක් නිසාද පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාධුගොඩ කියන කතාව මෙන්න
01/06/2026
ගාල්ල දිස්ත්‍රික් පාපන්දු සංගමය මගින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 18න් පහල අන්තර් පාසල් ආරාධිත පාපන්දු තරගාවලිය අද පෙරවරුවේ ගාල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණා.
දකුණු පළාතේ පාසල් දහසයක කණ්ඩායම් දහසයක් මෙම පාපන්දු තරගාවලියේ තරග වැඩීමට නියමිතයි. තරඟාවලියේ අවසාන තරගය ජුනි මස පස් වැනි දින පස්වරුවේ ගාල්ල පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
31/05/2026
අක්මිමන අමු කොටුව ප්‍රජා සංවර්ධන සභාව විසින් සංවිධානය කරණු ලැබු වෙසක් බැතිගි සරණිය.
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Address
Galle
55555