Entrust International Private Ltd

Entrust International Private Ltd

Share

09/01/2026
20/03/2025

දැනුවත් වෙමු… දැනුවත් කරමු…📢📢

නායයෑම් ආපදා වළක්වා ගනිමු.. ⛰⛰

26/11/2024

ගැඹුරු පීඩන අවපාතය හෙට(27) සුළි කුණාටුවක් වන ලකුණු!
සුළිකුණාටු පිලිබඳ කලාපීය කාලගුණ විශේෂඥ මධ්‍යස්ථානයේ (RSMC - India) අද දහවල් (2024-11-26 01.30pm) නිකුත් කරනලද නවතම වාර්තාව අනුව දිවයිනට ගිනිකොන දෙසින් පැවති පීඩන අවපාතය, අද උදෑසන වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත.
කලාපීය නවතම නිරීක්ෂණ සහ අනාවැකි අනුව, මෙම පද්ධතිය නොවැම්බර් මස 27 හවස/රාත්‍රී වනවිට පුල්මුඩේ සිට කි.මී. 90ක් පමණ නැගෙනහිර දෙසට වන්නට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් තවදුරටත් උතුරු දෙසට ගමන් කරනු ඇතිබවට අනාවැකි පළකර සිටී.
[මෙම පද්ධතිය සම්බන්දව කා.වි.දෙ. විසින් ඔවුන්ගේ "රතු" නිවේදනය තවදුරටත් වලංගු වන පරිදි යාවත්කාලීන කර ඇත. නිවේදනය කමෙන්ට් සෙක්ෂන් එකේ.]
පහතින් දැක්වෙනුයේ RSMC මගින් අද(26) දහවල් ප්‍රසිද්ධ කළ, පද්ධතියේ ගමන් මගෙහි අනාවැකි දත්ත අනුව ගණනය කරන ලද දිවයිනට සාපේක්ෂව පිහිටුම් දුරවල් වේ.
2024.11.26 හවස 05.30
ගැඹුරු පීඩන අවපාතය - අක්කරෙයිපත්තු සිට කි.මී. 60ක් පමණ ඈත.
2024.11.27 අළුයම 05.30
ගැඹුරු පීඩන අවපාතය - වාකරේ සිට කි.මී. 60ක් පමණ ඈත.
2024.11.27 හවස 05.30
සුළිකුණාටුවක් බවට පත්විය හැක. - පුල්මුඩේ සිට කි.මී. 90ක් පමණ ඈත.
2024.11.28 අළුයම 05.30
සුළිකුණාටුව - පේදුරුතුඩුව සිට කි.මී. 150ක් පමණ ඈත.
2024.11.28 හවස 05.30
සුළිකුණාටුව - පේදුරුතුඩුව සිට කි.මී. 200ක් පමණ ඈත. දිවයිනෙන් ඈතට ගමන් කරයි.
2024.11.29 අළුයම 05.30
සුළිකුණාටුව - පේදුරුතුඩුව සිට කි.මී. 260ක් පමණ ඈත. දිවයිනෙන් ඈතට ගමන් කරයි.
මෙම පද්ධතියේ බලපෑම මත දිවයින පුරා අහස වලාකුළින් බරව පැවතිය හැකි අතර විශේෂයෙන් දිවයිනේ උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල තවදුරටත් ඉතා තදවැසි ඇතිවීමේ හැකියාවක් පවතී. අධික වැසි හේතුවෙන් සිදුවිය හැකි අනතුරු සහ ආපදා තත්ත්වයන් අවම කර ගැනීම සඳහා පියවර ගන්න!
දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි අතර ධීවර සහ නාවුක කටයුතුවල යෙදීම සුදුසු නොවේ.
පින්තූර
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පද්ධතියේ ගමන් මාර්ගය දක්වන සිතියම.
Source: RSMC update on 08.00UTC
We acknowledge the Regional Specialized Meteorological Centre (RSMC) New Delhi and the Department of Meteorology-SriLanka for their data and for providing these forecasts.

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No. 39, Vinsey Space, Canal Row, Colombo 01
Colombo
00100

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00