We SriLankans
25/10/2024
18/10/2024
ඔස්ට්‍රේලියාවේ මානුෂීය නවෝත්පාදන වැඩසටහනක තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ මහිම හේරත් ට
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සංවිධාන කළ 2024 Humanitarian Innovation Pitch වැඩසටහනේ තුන්වන ස්ථානය දිනාගැනීමට මහිම හේරත් සමත්වී තිබේ.
ඔහු Griffith විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි.
ජෝර්දානයේ Zaatari සරණාගත කඳවුරේ සිටින සිරියානු සරණාගතයින් 7,000කට පමණ ඔවුන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා ආදර්ශයක් ඔහු එහිදී ඉදිරිපත් කර තිබුණි.
මෙම වැඩසටහන සඳහා ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල රැසකින් සිසුන් ඉදිරිපත්වී ඇති අතර මෙහි අරමුණ ලොව පුරා සිටින අඩු පහසුකම් සහිත හෝ අවදානමට ලක්වූ ප්‍රජාවන් මුහුණ දෙන ගැටලුවලට විසදුම් සෙවීමය.
මෙම වැඩසටහනේ පළමු ස්ථානය දිනාගත් ජයග්‍රාහකයා සිඩ්නි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් වන Emily Nabong වන අතර, දෙවන ස්ථානය Bond විශ්වවිද්‍යාලයේ Phyllis Ngugi හට හිමි විය.
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Website
Address
Colombo