Sweet Candy Foods
25/01/2023
For sale
ගනෙෂ් චතුර්ති වලට ලඩ්ඩු හදමු෴
ලඩ්ඩු / Laddo
අවශ්‍ය ද්‍රව්‍ය
කඩල පිටි කෝප්ප 1 1/2
පවුඩර් කරගත් සීනී කෝප්ප 3/4 (කැමතිනම් කෝප්ප 1)
ගිතෙල් මේස හැඳි 6 සහ 2
කුඩු කරගත් කරදමුංගු 4
කැබලි කරගත් කජු, ආමන්ඩ් සහ පිස්ටාචියෝ මේස හැඳි 3 (නැතහොත් කජු පමණක්)
අවශ්‍ය නම් කිරි ස්වල්පයක්
සාදන ක්‍රමය
තාච්චියකට ගිතෙල් මේස හැඳි 6 දමා රත් කරගන්න.
ඉන්පසු එයට කඩල පිටි එකතු කර කැටි නොගැසෙන ලෙස මද ගින්නේ රන්වන් පාට වන තුරුත් සුවඳ හමන තුරුත් බැඳ ගන්න.
මෙම මිශ්‍රණය ලිපෙන් ඉවතට ගෙන වෙනත් භාජනයකට දමා ගන්න.
දැන් මෙයට කැබලි කරගත් කජු, ආමන්ඩ් සහ පිස්ටාචියෝ මේස හැඳි 2 ක් එකතු කරගන්න. (නැතහොත් කජු මේස හැඳි 2 ක්)
ඉන්පසු මෙම මිශ්‍රණයට කරදමුංගු සහ සීනි එකතු කර අතින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය උණු බැවින් මිශ්‍ර කිරීමේදී ප්‍රවේශම් වන්න.
දැන් ගිතෙල් මේස හැඳි 2 ක් එකතු කර අතේ නො ඇලෙන පදමට මිශ්‍රණය සාදාගන්න. (මිශ්‍රණය නිසි ලෙස නොමැතිනම් කිරි ස්වල්පයක් එකතු කර ගන්න.)
දැන් මෙම මිශ්‍රණයෙන් දෙහි ගෙඩියක ප්‍රමාණයේ බෝල සාදා ගන්න.
සාදාගත් ලඩ්ඩු මතට ඉතිරි කැබලි කරගත් කජු, ආමන්ඩ් සහ පිස්ටාචියෝ ඉස ගන්න.
ගණදෙවියන් වඩාත් ප්‍රිය කරන දිව්‍යමය රසයක් සහිත ලඩ්ඩු ගණදෙවි පූජාවට මෙන්ම ඔබටත් දිව්‍යමය රසයක් ලබා දෙනවා නිසැකය.
උ.ගැ
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Rajagiriya
Colombo
10107