Cherries Colombo
31/07/2025
Burn fat with Keto 🔥 🔥1-minute FREE test
20/03/2025
Change your life with Keto >> 🔥1-minute FREE test
15/03/2025
මම උදේට නොකා මේ ආහාර අරගෙන මගේ සීනි මට්ටම නිකම්ම අඩු උනා.
සීනි අමාරුවට කවමදාවත් බෙහෙත් බිව්වේ නැ.
පිලිපදින උන් පිලි පැදපල්ලා.
වැලලෙන උන් කාලම වැල ලියල්ලා.
sarath santha
#දියවැඩියාවසනීපකරගන්න
ෆැටි ලිවර්, බඩ අඩු කරගන්න, PCOD, ප්‍රෙශර්,කොලෙස්ටරෝල් තියෙන අයට මේ ආහාර රටාවෙන් සමනය කරගන්න පුලුවන්.
මේ ටික මාසයක් පුලුවන් විදිහට කරලා බලන්න.
එක මාසෙකට මැරෙන්නෙ නෑ නොවැ.
STARTER PACK
ලෝකේ ලේසිම ඩයට් පැලෑන.
@ රෑ දහයට කලින් නිදා ගන්න.
@ රෑට පැය හතක් නිදාගන්න.
දවල් වෙලා පස්ස පැත්තට අවුව වැටෙන කම් නිදා ගන්න එක වැඩක් නෑ. රෑතියෙන්නෙ නිදා ගන්න.
දවල් තියෙන්නෙ වැඩ කරන්න.
@ කසිප්පු සහ කැහි කූරු තහනම්.
@ උදේ නැගිට්ට ගමන් කිරිතේ, බිස්කට් තහනම්. උදේට කනකම් ඇල්වතුර පමණයි.
@ උදේ නැගිට්ට ගමන් වතුර මී.ලී. 200-400 විතර බොන්න.
දවසේ සෑම ආහාර වේලකටම පැය බාගයකට කලින් වතුර වීදුරුවක් බොන්න.
ආහාර ගෙන ඉවර උනාට පස්සේ වතුර බොන්න පැය බාගයක් ඉන්න.
@ ප්‍රධාන ආහාර වේල පමනයි.
කනකොට බඩ පිරෙන්න කන්න. පොඩ්ඩක් කන්න එපා.
@ ප්‍රධාන ආහාර වේලකින් පසුව පැය හතරක් වත් ගතවන තුරු කිසිම ආහාරයක් ගන්න එපා. වතුර පමණයි.
@ ප්‍රධාන ආහාර වේල් පමණයි.
අතරින් පතර අනම් මනම් පොඩ්ඩ පොඩ්ඩ කන්න එපා.
@ රාත්‍රී ආහාරය බිං කලුවර වැටෙන්න කලින් කන්න.
අඩුමගානේ හතට කලින් කන්න.
අඩුම ගානේ උදේ නමයවත් පහුවෙනකම් වතුර විතරක් බීලා ඉන්න.
@ කන්න හොඳම නැති තහනම් ආහාර…. මේවා පොඩ්ඩක් කෑවත් ලෙඩ වෙනවා.
සීනි, පැණිරස, රට ඉඳි, හකුරු, කෘත්‍රිම රස කාරක, කෘත්‍රිම ආහාර කේක් කොත්තු චොකලට් බිස්කට් බ්‍රෑන් ක්‍රැකර් , ක්‍රීම් ක්‍රැකර්, අයිස්ක්‍රීම් පාන්පිටි ආහාර බේකරි කෑම කඩචෝරු ඉදිආප්ප, රොටී නූඩල්ස් පැස්ටා, පරාටා, බනිස්, බර්ගර්ස් ,පැණිරස පළතුරු, කෙසෙල්, ගස්ලබු, අඹ, අන්නාසි, කොමඩු; ඇට්ට්‍රා මාගරින්,
ෆැක්ටරි වලින් එලියට එන කෑම,
පැකට් කල කෑම,
නන් ෆැට්, නෝ ශුගර්, සීරෝ කැලරි
සප්ලිමන්ට්ස්, විටමින්ස් ,
විටමින් සහ ප්‍රො බයෝටික් එකතු කල කෑම,
ටී වී එකේ ඇඩ් යන කෑම,
පිටරටින් එන කෑම,
දිගු කල් ඉකුත් වීමේ දිනයක් ඇති කෑම,
අඩංගු ද්‍රව්‍ය පහකට වඩා ඇති කෑම,
අවුරුදු සීයකට පෙර ඔබේ සීයා හෝ ආච්චි කෑවේ නැති කෑම
කිසිවක් කන්න එපා. ! 😮
තහනම් ! කන්නම එපා !
පොඩ්ඩක්වත් එපාම තමා.
දැන්,,තරුණ කාලේ, හයි හත්තිය තියෙන කාලේ හැල්මේ මේවා කාලා ඔබ ජීවිතය විඳින්න. ටික කාලයක් ගිහිල්ලා මේ ජරාව කාලා ඔබ ලෙඩ උනාම දොස්තරමහත්තුරුන්ට, පාමසි මහත්තුරුන්ට, ප්‍රයිවෙට් චැනල් සෙන්ටර් වලට, ප්‍රයිවෙට් ඉස්පිරිතාල, ඉන්සුවරන්ස් කොම්පැනි, වලට
ජීවිතය විඳින්න පුලුවන්,
පිට රට සවාරි යන්න පුලුවන්,
බීඇම් ඩබිලිවු පදින්න පුලුවන්
ඔබ මෙන්න මේ මල ජරාව ටික ඔබේ තරුණ කාලෙදි කෑවොත් තමා.
ඒ නිසා කරුණාකරලා දැන් අතේ තියෙන සල්ලි ටික හෝටල් ගානේ ගිහිල්ලා මේ ජරාව කාලා ජීවිතය විඳින්න.
@ පොඩ්ඩක් කන්න පුලුවන් ආහාර වර්ග. .මේවා පිඟානෙන් 20% වඩා කාවොත් ලෙඩ වෙනවා. බත්, රතු බත්, නාඩු බත්, බාසුමතී බත්,ඇට වර්ග කඩල කවුපි මුං ඇට කුරක්කන්, මයියොක්කා අල බතල අල වර්ග කැරට් බීට් වට්ටක්කා අලුකෙසෙල් පරිප්පු පපඩම් පුලුවන් තරම් අඩු කරන්න.
නැත්තටම නැති කලත් කමක් නෑ.
දියවැඩියාව කොලෙස්ටරෝල් හාට් ඇටෑක් පිලිකා ෆැටි ලිවර් ප්‍රෙශර් මේ ඔක්කොම හැදෙන්නේ ඔය එපා කියපු ආහාර වලින් සහ
අඩු කරන්න කියාපු ආහාර වලින්.
@ ඕන තරම් කන්න පුලුවන් ආහාර.
ලෙඩ සනීප වෙන ආහාර නම් මේ පහලින් තියෙන ආහාර වර්ගයි.
“පොල්සම්බෝල බිත්තර මීකිරි මාලු මස් බටර් පොල්තෙල් චීස් අලිගැටපේර”
මේ ආහාර “පුලුවන් තරම්” පිඟානට එකතු කර ගන්න.
එහෙම පිටින්ම මේවා පමණක් කෑවත් කම් නැත.
මෙන්න මේ ආහාර වලින් තමා ලෙඩ සනීප වෙන්නේ, බඩ අඩුවෙන්නේ සහ දියවැඩියාව සනීප වෙන්නේ. සීනි අඩු වෙන්නේ.
කොලෙස්ටරෝල් සනීප වෙන්නේ
ෆැටි ලිවර් සනීප වෙන්නේ.
ප්‍රෙශර් බහින්නේ.
ඔක්කොම හොඳ දේවල් වෙන්නේ.
දවසකට අඩුම ගානෙ බිත්තර හතරක් සහ පොල්සම්බෝල කෝප්පයක් කන්න පුලුවන් නම් පට ගාලා දියවැඩියාව සනීප වෙනවා. බඩ බහිනවා.
@ දවසකට පැය බාගයක් ඇවිදින්න.
උඩ ටික මාස දෙකක්වත් කලාට පස්සෙ පමනක් පහල තියෙන දේවල් කරන්න බලන්න.
@ උදේ ආහාරය පොඩ්ඩ පොඩ්ඩ අඩුකරලා ටික ටික ප්‍රමාද කරලා අතෑරලාම දාන්න.
එතකොට දවසටම ප්‍රධාන ආහාර වේල් දෙකයි. “ඒ ආහාර වේල් දෙක පැය අටක් ඇතුලත ගන්න”. ඒක ගන්න පුලුවන් ආකාර කීපයක් තියෙනවා.
උදේ 8-9 හවස 3-4
උදේ 9-10 හවස 4-5
උදේ 10-11 හවස 5-6
උදේ 11-12 හවස 6-7
(උදේ 12-1 හවස 7-8)
අන්න එතකොට
දියවැඩියාව සනීප වෙනවා.
බඩ බහින්න ගන්නවා.
ප්‍රෙශර් අඩු වෙනවා,
ෆැටිලිවර් සනීප වෙනවා.
උදාහරණ යට මීල් පැලෑනක්.
උදේ කන්න එපා
දිවා ආහාරය
මස් හෝ මාලු ග්‍රෑම් 200-400 පමණ
පොල් සම්බෝල කෝප්පයක් බත් පෝඩ්ඩම පොඩ්ඩක්. කොලපාට එලවලු පෝඩ්ඩම පොඩ්ඩක්. ඔය දෙකම නැතත් කමක් නෑ.
අතුරු පසට ඕනනම් මීකිරි කෝප්පයක් හෝ දෙකක් (සීනි පැණි නැතුව කන්න.) ලූනු සම්බෝලයක් කපලා දාගන්න.
බඩ ටිං ටිං ගාන්න කන්න නැබැයි බත් නෙවෙයි.
රාත්‍රියට කහමදය එක්ක බිත්තර 4-8 පමන.
තම්බලාම කන්න කියල නියමයක් නෑ.
ඕනම විදිහකට හදලා කන්න. බැදලා, බුල්ස් අයි හරි ස්ක්‍රැම්බල් කරලා උනත් කමක් නෑ. බටර් චීස් පොල්තෙල් එකතු කරගන්න.
කොලෙස්ටරෝල් සිරුරට අත්‍යාවශ්‍ය බැවින් සිරුරට සිරුරට අවශ්‍ය කොලෙස්ටරෝල් වලින් 89% නිපවන්නේ අක්මාව මගිනි. ඔබ කොලෙස්ටරෝල් වලට බයේ එලවලු පමන්ක් කෑවත් සිරුර කොලෙස්ටරෝල් නිපදවයි. ඒ නිසා කොලෙස්ටරෝල් වලට බය අය අක්මාව කපලා දාන්න. හරි ලේසී
හාට් ඇටෑක් එන්නේ සීනි වලින් මිසක් කොලෙස්ටරෝල් වලින් නොවෙයි.
FBS- 85 mg/dl අඩුයි නම් හාට් ඇටෑක් එන්න අවධනම අවමයි.
මේ විදිහට කාපුවාම හොඳ කොලෙස්ටරෝල් HDL වැඩිවෙනවා
HDL 60 mg/dl වැඩී නම් අවධානම අඩුයි.
නරක කොලෙස්ටරෝල් Triglicerides අඩුවෙනවා.
Triglicerides 100mg/dl අඩුයි නම් අවධානම අඩුයි.
මේ එක සාධකයක්වත් කොලෙස්ටරෝල් පෙත්තෙන් වෙනස් කරන්න බෑ. ජීවන රටාවේ වෙනස්කම් වලින් පමනයි මේවා වෙනස් වෙන්නේ.
කොලෙස්ටරෝල් පෙත්තෙන් පලවන හාට් ඇටෑක් එක වලක්වන්න පුලුවන් හැකියාව 2% පමනයි. Absolute Risk Reduction for Primary prevention of ASCVD is only 2% for Statins .
මිනිසා ලෙඩ වෙන්න ප්‍රධාන හේතුව නම් මිනිසාට අත්‍යාවශ්‍ය මේදය සහ ප්‍රෝටීන ඇති පමන ආහාරයට නොගෙන
මිනිසාට ආහාර වශයෙන් බාහිරින් ගැනීම කිසිසේත්ම අනවශ්‍ය කාබෝහයිඩ්‍රේට ප්‍රධාන ආහාරය වශයෙන් ගැනීමයි. අවශ්‍ය කාබෝහයිඩ්‍රේට ප්‍රමානය නිපදවීමට අක්මාවට හැකියාව තිබේ.
( Gluconeogenisis )
දියවැඩියාව යනු කාබෝහයිඩ්‍රේට් (එනම් සීනි පාන්පිටි බත් අල පලතුරු එලවලු) සිරුරට විස වූ අවස්ථාවකි.
@ ශක්තිවර්ධක ව්‍යායාම අනිවාර්‍යයි.
Squats 7,
pushups 7,
lunges 7,
bridge 7,
rowing 7,
විනාඩි විස්සට පුලුවන් තරම් රවුම් ගානක් කරලා ඉවර කරන්න බලන්න.
සතියට දෙපාරක් කරන්න.
(ව්‍යායාම කරන්න මාලබේ WannakuGym එකට එන්න ඕන නම් whatsapp-0714485994)
ඊට පස්සෙ අනික් දවස් වල පැය බාගය ගානේ ඇවිදින්න. පැය බාගය ගානේ යෝගා කරන්න.
ව්‍යායාම නොකරන්නේ නම් ඔබ කරනවා කියා කියන්නට හැකියාවක් නොමැත.
මේ කියලා තියෙන දේවල් පුලුවන් තරම් කරන්න බලන්න.
වැඩිපුර කරන තරමට වඩා හොඳ ප්‍රතිපල ලැබෙනවා.
පටන් ගන්න කලින් බර බලන්න, බඩ මනින්න.ෆොටෝ එකක් ගන්න.
ලේ පරීක්ශා කර ගන්න
FBS
Triglycerides.
SGPT.
මාසයකින් මේ සියල්ල නැවත බලලා සංසන්දනය කරන්න.
හොඳයි නම් දිගටම කරන්න.
දියවැඩියා ව නම් Hba1c, Lipid profile, SGPT, Serum creatinine EGFR බලන්න.
Dr. Janaka Wannaku
MBBS/Uni of Sri Jayawardanapura
Second batch
SLMAC reg No 16507
MOIC / PMCU Folk Art Centre
Battaramulla
Whatsapp-0714485994
ව්‍යාචනය. Dusclaimer
මේ කරුණු ඔබේ සාමාන්‍ය දැනීම සඳහා පමණි. ඔබට යම් අසනීපයක් තිබේ නම් ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබා ගන්න. සෝශල් මීඩියා හරහා වෛද්‍ය උපදෙස් ලබා දීමේ හැකියාවක් නැත.
You are following this at your own risk.
15/03/2025
15/03/2025
KETO Challenge 🚀 For any age, body type and gender
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
542 R A De Mel Mawatha
Colombo
00300
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 17:00 |