iBake Studio
05/02/2026
Thank you so much for trusting me & ordered these 8 pouches of tasty Hygienecally hand made nuts mixed chocolates from iBake Studio🙏♥️
゚viralfbreelsfypシ゚viral
03/02/2026
VALENTINE OFFER‼️buy 2 & get delivery freee ‼️Hygienically HAND MADE chocolates with Almonds, Cashews & Raisins
250gr pouch. Big size : 14pcs
Small size : 25pcs
For orders 0718021245
゚viralfbreelsfypシ゚viral ゚viralfbreelsfypシ゚viral
Studio
02/02/2026
VALENTINE OFFER‼️Buy 2 & get delivery free ‼️Hygienically HAND MADE chocolates with Almonds, Cashews & Raisins
250gr pouch. Big size : 14pcs
Small size : 25pcs
For orders 071 802 1245
゚viralfbreelsfypシ゚viral ゚viralfbreelsfypシ゚viral
15/12/2025
Spreading sweetness for everyone 🥰
Place your orders 0718021245
Almonds & m&m’s Chocolate chip cookies🍪👌😋
19/11/2025
මගේ අම්මා❤️😭
මගේ අම්මා අපෙන් සමු අරන් මාස 03 කුත් ගෙවුනු පසු මට මේක ලියන්නම හිතුන.
මගේ අම්ම හරිම වාසනාවන්තයි එක පැත්තකින්. ඇය හරිම පිංවන්ත උනා ඇයට කිසිම වචනයක් වත් කතා කරන්න බැරිවුනු සහ ඇවිදින්න බැරුව එක්තැන්වුනු අවු. 04 ක කාලය තුල ඇය කියල කරගන්නවටත් වඩා කතා කරන්න බැරි ඇගේ හැගීම් තේරුම් ගෙන සියළු සැලකීම් උපරිමයෙන්ම ලබන්න. එහෙම කියන්න හේතුව මගේ අම්ම ඩිමෙන්ශියා රෝගියෙක්. ඩිමෙන්ශියා හැදෙන්න හේතුව ඇගේ එකම පුතු එනම් මගේ එකම අයිය මව්බිම බේරා ගැනීමේ කුරිරු යුද්ධයෙන් රට ජාතිය වෙනුවෙන් අවු23 දී ජීවිතය පූජා කිරීම.ඒ වියෝව ඇයට දරා ගන්න බැරිව ඇති උනු ෂොක් එක නිසයි ඩිමෙන්ෂියා රෝගය ඇයට වැලදුනේ.
මගේ අම්ම උදාර රණවිරු මාතාවක්.විශ්‍රාම ලත් රාජ්‍ය සේවිකාවක්. සෙනෙහෙබර භාර්යාවක්, ආදරණීය මවක් හා මගෙ පුතුන් දෙදෙනට සෙනෙහෙබර කිරි අම්මා කෙනෙක්, තවද මිතුරියක් හා ආදරණීය සොහොයුරික් විදියට ඉතාමක් ආදර්ශමත් අයුරින් තම ජීවිතය ගත කල කෙනෙක්. ඇය එක්තැන් වීම හා කතා කිරීමට නොහැකි වීම සිදුවුනේ 2021 ජූලි මාසයේ Covid vaccine injection එකෙන් පසුව.අම්මට ඩිමෙන්ශියා හැදීගෙන එන කාලයේ පටන් එක් තැන් වී සිටි අවු.04 ක කාලය මම අම්මට සිටි එකම දුව විදියට මගෙ සියඵ දේ කැපකර අම්ම අප්පච්චි වෙනුවෙන් උපරිමය සැළකුවා. කැප කීරීම් කරපු වාර අනන්තයි. සාත්තු සේවිකාවන් හිටියත් ඔවුන් අම්මට සලකන විදිය ඇහැ ගහගෙන හිටිය. දශමෙක වත් වෙනසක් වෙන්න දුන්නෙ නැහැ. කෙටියෙන්ම කියනවනම් මගෙ අම්මව මදුරුවෙක්ටවත් කන්න දුන්නෙ නැහැ මම. අම්ම සහ අප්පච්චි ඉතාමත් අසරණ වෙලාවෙ මම උපරිමයෙන්ම රැකවරනයට හිටිය. මගෙ අම්මව ජීවත් කරවන්න බැහැ කියපු 04 වතාවක්ම මම අම්මව උස්සගෙන දිව්ව ලංකාවෙ ඉන්න හොදම doctors ල ලගට. ගෙනිහින් සනීප කලා. ඒ ගැන මට මාර සතුටක් තියෙන්නෙ. ඒත් අපි යතාර්තය තේරුම් ගත යුතුයි. මොන දේ කලත් අම්මට යන්න වෙන දවසක් එනව. එදාට දාල යන්න වෙනවා මයි. අම්ම ජීවත්ව සිටි අන්තිම මාස 03 අම්මගෙ සියළු සාත්තු වැඩ කලේ මගෙ අත් දෙකෙන්. ඒ ගැන දැන් හිතන කොට හරිම සතුටුයි. මාර කැප කිරීමක් කලේ මම. ඒකට මගෙ ආදර husband සහ ආදර දරු දෙදෙනාද සියළු කැප කිරීම් කලා. අම්මගෙ අන්තිම හුස්ම යන වෙලේ අම්ම සමග hospital room එකේ සිටියෙ මම විතරයි. අම්මට ඇහෙන්න පිරිත් දාලයි තිබුනෙ මම. මගෙ අම්මගෙ හුස්ම නැවතුනා කියල දැනුනු වෙලේ මම කෑගහල ඇඩුව. ඇති තරම් ඇඩුව. මොන විදියෙන් හරි මට මගේ අම්ම ඉන්නවනෙ කියල හිතිච්ච මට දැන් ඉදන් නෑනෙ කියල දැනුනු වෙලේ මට දරා ගන්න බැරි උනා.පපුවට ලොකු ගින්දරක් දැනුන. Hospital එක දෙවනත් වෙන්නම කෑගහල ඇඩුව. එතනට වටවුනු doctors & nurses ල මට කිව්ව ඔයා රත්තරන් දුවක්. තනියම ඔයා මොන තරම් කැප වෙලා අම්ම වෙනුවෙන් කලාද, මෙහෙම කැපකිරීම් දකින්නෙ කලාතුරකින්. ඔයා සතුටුවෙන්න අම්ම ජීවත්ව සිටියදී සියළු දේම කල එක ගැන කියල.
ඔව් මම අඩන එක නැවැත්තුව. මම යතාර්තය තේරැම් ගත්ත. මම අම්ම වෙනුවෙන් හැම දෙයක්ම උපරිමයෙන් කලා. තව මට ලොකු වගකීම් ගොඩක් තියෙනව නේද කරන්න කියල මම අඩන එක නවත්තල දරාගත්ත. හිත තද කරගෙන හිටිය මගේ ඉතිරි සියළු වගකීම් ටික ඉවර වෙනකල්ම. මේ මගේ කතාව.
❤️ඉතින් මම ඔය ගොල්ලන්ගෙන් ඉල්ලන්නෙ තමන්ගෙ ආදරණීය දෙමව්පියන්ව ආදරෙන් රැක බලා ගන්න. ඒ අයට අවශ්‍ය මොහොතේ තමන් අතින්ම ඒ රැකවරණය දෙන්න. දෙමාපියන් නැති උන දවසක තදින් දුක දැනෙයි අම්ම අප්පච්චි වෙනුවෙන් හරියට මොකුත් කරන්න බැරි උනා නේද කියල❤️
ආදරෙයි…..ජය වේවා!
✍️චේතකී සිවන්තිකා කුමාරි විජේකෝන් ගුණවර්ධන
12/11/2025
Healthy & Nutritional food by IBake Studio
මේ හැම හොද දෙයක්ම ඔබ වෙනුවෙන්මයි ❤️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
0094