Hiru sadu
07/09/2022
04/10/2021
ටැටූ කෙල්ල ....
අටවන අදියර
එදා හොදටම හිම වැටෙන දවසක් දෝණි ...ජනවාරි මාසේ මැද හරියේ කියන්නේ සයිප්‍රස් වලට හොදටම සීතල පුතේ....අනේ මට තිබුන එකම ජැකට් එක...ඒක ජැකට් එකක් කිවුවට තද සීතලට ඔරොත්තු දෙන්නේ නෑ මැනික ....
පනයියා මූ මම්මා(මගේ දෙයියනේ අම්මේ)
ඔවු මැනික ඒ වෙද්දී මං දැනන් උන්නේ නෑනේ ඒ රට ගැන විස්තර .....
මං ඒ සර් පස්සෙන් ගිහින් කාර් එකට නැග්ගා...කොහෙට යයිද කොහොම වෙයිද කියන්න මං දන්නේ නෑ පුතේ.....
මගේ අතේ තිබුනේ පොඩි නොකියා පෝන් එකක්....ඒකත් කැඩිලා තිබුනේ පුතේ ....රුපියල් දෙදාහක් ඇති ඒ පොඩි පෝන් එක...මං ගෙදර ඉද්දී ඒකේන් අර ස්නේක් ගේම් එක ගැහැව්වේ ....
මං සයිප්‍රස් ආවා කියලා කියන්න කෝල් කරන්නේ කාටද....අයියට කෝල් කරලා ආයෙමත් මං වදයක් වෙන්නේ කොහොමද ..එයාටත් මාව ප්‍රශ්නයක් වෙලා තියෙද්දි ...කමක්නෑ මං පෝන් එක හීමීට තිබුන හෑන්ඩ් බෑග් එකට දාගත්තා ....දැන් ලංකාවේ සිම් එක කොහොමත් වැඩ කරන්නේ නෑනේ .....
නිහඩතාවය බිදිමින් ඔන්න පුතේ සර්ගේ පෝන් එකට කෝල් එකක් එනවා....
මොනවද මංදා ග්‍රීක් බාසාවෙන් කියවලා මගේ අතට පෝන් එක දුන්නා ...ඒත් මට කවුරු කෝල් කරන්න ද...අනික මේ සර්ගේ පෝන් එකට....
හෙලෝ.....
දූ මං ෂෙරින් ආංටීගේ යාලුවා ...ඔයා ආවා කියලා සර් කිවුවා ...බයවෙන්න එපා ඔයාව ගෙදර එක්කන් යන්නේ ...පරිස්සමෙන් වැඩ කරන්න ...මං පුලුවන් වෙලාවක බලලා යන්න එන්නම්...ඔයාගේ අතේ තමයි තියෙන්නේ දැන් ඉතුරු වැඩටික....මං ෂෙරින්ට කියන්නම් ඔයා කරදරයක් නැතිව ආවා කියලා ...පනිවිඩයක් තිබුනොත් සර්ට කියලා කෝල් එකක් ගන්න ....එයා කියෝගන කියෝගන ගියා....මට මොකුත්ම කියන්න ලැබුනේ නෑ එයා පෝන් එක තිබ්බා .....
මං සර්ට පෝන් එක දීලා කාර් එකේ විදූරු අතරින් අවට බැලුවා ...හරි ලස්සනයි ...රාත්‍රිය නිසාද මංදා අවටින් පෙනුනේ හරි ලස්සනට ......බිල්ඩින් වගේම කඩ සාප්පු රෙස්ටුරන්ට් මැක්ඩොනල්ඩ් අවන්හල් පීසාහාට් එක එක ගොඩනැගිලි ඇස ගැටුනා....හිත සන්සුන් නම් මේවගේ රස විදින්න තිබුනා කියලා මගේ හිත කිවුවා ....
කැතරිනා ආප්ට ටෙන් මිනිට්ස් වී ආ හෝම්.....
සර් කිවුවේ තව විනාඩි දහයෙන් ගෙදර කියලා මට තේරුනා....සර්ට උනත් ඉංග්‍රීසි කතාකරන්න බෑ...වයස හැටක් විතර ඇති....මං හිතුවේ එයාලා ඉන්නේ ටයි කෝට් දාලා කියලා ...අනේ නෑ සර් ඇවිත් හිටියේ අත්දිග ස්වීටර් වර්ගයේ ටී ෂර්ට් එකට ලොකු ජැකට් එකක් දාගෙන අයිස් තොප්පියක් දාගෙන හිටියා ....ඩෙනිම් කලිසමක් ඇදලා ලොකු බූට්ස් සපත්තු දෙකකුත් දාගෙන හිටියේ ..ඒ සීතලට ඔරොත්තු දෙන්න නිසා වෙන්නැති ...කර වටේ රෙද්දක් වගේ ඔතාගෙන හිටියා මට මතකයි ....එහෙම දකිද්දී මං මේ ඇදගෙන හිටියේ මොකක්ද කියලා හිතුනා මැනික .....
මමී කොහොමද සීතල ඉවසුවේ ....
කාර් එක ඇතුලේ හරි රස්නෙයි මැනික ...හීටර් දාන්න ඇති....මට සීතල දැනුනේ නෑ...හිතේ බය නිසා වෙන්නැති .....
පාර දිගේම තිබුන ගමන් මාර්ග සදහන් කරපු බෝඩ් කියවන්න මං ට්‍රයි කලා....ඉන්ග්ලිස් වචන නම් කියෙවුවා ...ඒත් මං දන්නවා අපි යන්නේ නිකෝශියා කියන්න ...මොකද සර් කිව්වේ නිකෝශියා කියලා ....
විනාඩි හතලිස් පහක් යන්න ඇති....සර් කොහොමහරි ඇවිත් නිකෝශියා වලින් අපේ ගමනාන්තය අවසන් කලා....බෝඩ් එකේ නම් තිබුනේ කයිමක්ලි කියලා ....මැක්ඩොනල්ඩ්ස් අවන්හලක් පහුකරගෙන ආවා මතකයි මැනික .....
මමී හෙට අපි මැක් යමු....
කෙල්ලට මේ වෙලාවේ උනුවෙන්ම මැක්ඩොනල්ඩ්ස් කන්න යන්න තිබුනා නම් කියලා හිතෙන්න ඇති....
යමු මැනික ....
හරි ඉතින් කියන්නකෝ.....
ඔන්න කොහොමහරි ඇවිත් සාමාන්‍ය ගෙයක් ඒක...තට්ටු නම් නෑ...තනි තට්ටුව ....කාර් දෙකක් තිබුනා....සර්ගේ කාර් එකයි තුනයි.....හිමීට ලැගේජ් එකත් අරගෙන සර් මට ඉස්සර වෙන්න කියලා ගේට්ටුව ඇරගෙන ඇතුලට ආවා.....
ඉස්සෙල්ලාම දැක්කේ ටිකක් නපුරු පාට ආච්චි කෙනෙක් ...මගේ කකුල් දෙකේ ඉදලා උඩඩම එයා බැලුවා .....
පනයියා මූ පනයියා මූ.....එයා මාව දැකලා එකපාරටම එහෙම කියද්දී මාත් බය උනා.....
(මගේ දෙයියනේ ...මගේ දෙයියනේ )එයා එහෙමයි කියලා තියෙන්නේ ....
බොල්ලී ක්‍රියාදා....(ගොඩාක් සීතල යි) කොහොමද ඔහොම ඉන්නේ ඔයා ලෙඩ වෙයි ඉක්මනින් කාමරේට යන්න ...ඒ මැඩම් එහෙම කිවුවේ කියලා මට තේරුනා ....අනේ සර් මාව වෙනම හදලා තිබුන කාමරේකට එක්කන් ගියා....කාමරේ රස්නේ වෙන්න පොඩි හීටරයක් හරියට අපේ පෑන් එකක් වගේ දාලාතිබුනා....පරන කාමරයක් ඒක....පොඩි ඇදක් කබඩ් එකක්...පුංචි බාත් රූම් එකක්....පොඩි මේසයක් උඩ පුංචි ලිප්දෙකක ගෑස් ලිපක් තිබුනා.....ආ තව පුංචි ශීතකරණයක් එහෙමත් තිබුනා....
දැන් නම් මාව වෙවුලනවා පුතේ....මේ කාමරේ ඇතුලේ මං මේ අසරණ වෙලා කියලා මට හිතුනා.....
ඊට පස්සේ මමී....
ඔන්න දැන් මැඩම් ආවා....එයාට කොහොමත් ඉන්ග්ලිස් බෑ...කොහොම මං එයාව තේරුම් ගන්නද.....මට රෙදි වගයක් අල්මාරියේ දාලා තිබිලා ඒවා නාලා ඇදගෙන උඩට එන්න කිව්වා වගේ තේරුනා.....
දැන් මට මමීගේ කතාව අහන්නම ඕනා යාන්තමින් ඇස් පියවේගන එනවා....
මැනික හෙට අහමු නේද ඉතුරු ටික....දැන් යමු....මමී හිමීට කියන්නම්.....
ඕකේ මමී....කලි නිත්තා(සුබ රාත්‍රියක් )
----===-----=====-----
මට උදවුවක් ඕනේ බං.....මට උදවු කරපන් ආයෙමත් සයිප්‍රස් යන්න ....මට මෙහෙම ඉන්න බෑ
මගේ ජිවිතේ තියෙන්නේ එහේ...ඇයි බං උබටවත් මාව තේරෙන්නේ නැද්ද ....
ඉරාක්ලීස් තේරුම් ගනින් උබ මැරි කරලා ඉන්නේ මගේ නංගිව....අපි දැන් ඉන්නේ බොට්ටුවේ....
ඒත් ඇයි උඹත් තේරුම් ගන්නේ නැත්තේ....දැන් අවුරුදු දහ අටක් මට තාමත් නිදහසේ ඉන්න නෑ...උඹලා හිතන්නේ මං හිතක් පපුවක් නැතිව ඉන්නවා කියලද....
ඒත් මචන් මාවත් තේරුම් ගනින් ....
උඹේ නංගීට මං කවදාවත් ආදරේ කෙරුවේ නෑ....ඒකිත් එහෙම වෙන්නැති ....අපිට ලයිෆ් එකක් තිබ්බද බං.....නන්දියා කියන්නේ
පාඩුවේ ඉන්න කෙල්ලෙක් ...ඒකීට ඕනා කාලා බීලා ලයිෆ් එක එන්ජෝයි කරන්න ..ඒකීට පවුල් ජීවිතයක් කොහෙද බං .......ගායිකාවක් වෙච්ච උබේ නංගී තාමත් ගෙදර හිටියේ කවද්ද බං .....
උබ කියන්නේ ඇත්ත වෙන්නැති ...ඒත් උඹ ඒකීගේ හස්බන්ඩ් නීතියෙන් ....මේ කතාවෙන්නේ කවුද ලමයි ...පුලුවන් නම් ඔයාලා කතාව ගැන කියන් යන්න ...ඔන්න අද කොටස් දෙකක් දුන්නා .....
තවත් වෙනස්කම් ගොඩාක් එකක් අමුතුම කතාවක් වෙයි මේ ටැටූ කෙල්ල .....
කතාව බලන්න මාව Fallow කරන්න
මං නිල්නෙතු තාරකා
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo