LOVE

LOVE

Share

16/05/2026

කෝටිපති බිස්නස්කාරයෙක් වෙච්ච සුමනපාලට එකපාරටම දැනගන්න ලැබෙනවා එයාගේ නෝනා වෙන මනුස්සයෙක් එක්ක රහස් සම්බන්ධයක් තියෙනවා කියලා. මේකෙන් සුමනපාලට ආවේ මාරම කේන්තියක්. 😡

​මිනිහා කෙළින්ම ගියා පාතාලේ ඉන්න දක්ෂම 'ස්නයිපර්' කෙනෙක් වෙච්ච අපේ චුට්ටංව හම්බෙන්න.

​සුමනපාල: "චුට්ටං, මම තමුසෙට ලක්ෂ 50ක් දෙනවා වැඩක් කරලා දෙන්න."

​චුට්ටං: "කියන්න බොස්, මොකක්ද වෙන්න ඕනේ?" 😎

​සුමනපාල අර චුට්ටංවත් එක්කගෙන ගියා නෝනයි හොර මනුස්සයයි හැංගිලා ඉන්න හෝටලේ ඉස්සරහා තියෙන උසම බිල්ඩිමේ වහළෙට. වහළෙට වෙලා චුට්ටං තුවක්කුව හෝටලේ කාමරේ ජනේලේ දිහාට දික්කර ගත්තා.

​සුමනපාල: (හරිම කේන්තියෙන්) "අන්න අර ජනේලෙන් පේන්නේ මගේ ගෑනියි, අර කාලකණ්ණියයි. මට ඕනේ උඹ උණ්ඩ දෙකක් පාවිච්චි කරනවා බලන්න."

​චුට්ටං: "හරි බොස්, කොතනටද තියන්න ඕනේ?"

​සුමනපාල: "මගේ ගෑනි මට කරපු ද්‍රෝහිකමට, ඒකිගේ ඔළුවටම එකක් තියපන්. අරූ මගේ ගෑනිව අල්ලගත්තට, ඌට ආයෙ කවදාවත් ගෑනියෙක් දිහා බලන්න බැරි වෙන්න උගේ අහවල් එකටම (පිරිමිකමට) තියපන්!"

​චුට්ටං කිසිම කතාවක් නැතුව තුවක්කුවේ ස්කෝප් (Scope) එකෙන් ජනේලේ දිහා බලන්න ගත්තා.

​විනාඩියක් ගියා... තුවක්කුව දික්කරගෙන ඉන්නවා. 🕒

විනාඩි තුනක් ගියා... තාම වෙඩි තියන්නේ නැහැ.
​සුමනපාලට දැන් ඉවසලම බැහැ. කේන්තියෙන් පුපුරනවා. 🤬

​සුමනපාල: "මොකද යකෝ බලන් ඉන්නේ?! වෙඩි තියපන්! උන් දෙන්නා පැනලා යයි!!"

​චුට්ටං තුවක්කුවෙන් ඇහැ ගන්නේවත් නැතුව, හරිම සන්සුන්ව සුමනපාලට මෙහෙම කිව්වා

​චුට්ටං: "පොඩ්ඩක් ඉවසලා ඉඳපන් බොස්... තව තත්පර දහයක් දුන්නොත්, මට ඔය වැඩ දෙකම 'එක උණ්ඩයකින්' කරලා දෙන්න පුළුවන්!" 😏🎯🤣🤣🍿

මට පැහැදිලි කරන්න පුළුවන්ද කවුරු හරි උන්ඩ දෙකෙන් කරන්න තිබ්බ වැඩේ එක උන්ඩෙන් කරන්නෙ කෝමද කියලා 😳 Comment එකක් දාගෙන යන්නකො. වැඩ්ඩොන්ට බාරයි 😉😉

✍️ චුට්ටං

​ 🔥✨

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo