TTVNEWS.lk

TTVNEWS.lk

Share

19/06/2024

ලොව පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය වර්ෂ 2030දී මිලියන 22 දක්වා ඉහළට

ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ අනුමාන කරන පරිදි මිලියන දහඅටක් වන ලොව පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය වර්ෂ 2030 වන විට මිලියන විසි දෙකක් පමණ දක්වා ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මහනුවර ශාඛාවේ මනෝ වෛද්‍ය යෝගා ඇන්තනී මහත්මිය සඳහන් කළාය.

පිළිකා රෝගය හා එහි ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මෙහෙයවීමෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (18) පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් වෛද්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය එලෙසින් වර්ධනය වුවත් දැනුවත් භාවය තුළින් එය සැලකිය යුතු තත්ත්වයක් දක්වා පාලනය කර ගත හැකි යැයි ද වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

එහිදී අදහස් දැක්වූ වෛද්‍යවරිය වර්ෂ 2018දී මිලියන 9.6ක් වූ පිළීකා රෝගී මරණ ප්‍රමාණය වර්ෂ 2030දී මිලියන 17ක් පමණ වනු ඇති බවට සෞඛ්‍ය අංශ අනුමාන කරන බව ද කීවාය. පුරුෂ පාර්ශවය අතර බහුලව ව්‍යාප්ත වන මුඛ පිළිකා බුලත් විට සැපීම හේතුවෙන් වැළදෙන බව පෙන්වා දුන් වෛද්‍යවරිය, දුම්පානය හේතුවෙන් පෙණහළු ආශ්‍රිත පිළිකා වර්ධනය වන බව කීවාය. මත්පැන් හා අනිකුත් අහිතකර ආහාර පාලනය කිරීම මගින් ගලනාලය සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා අවම කර ගත හැකි යැයි ද වෛද්‍යවරිය සඳහන් කළාය.

පිළිකා වලින් තුනෙක් එකක් ප්‍රථම අවස්ථාවේදී හදුනා ගැනීම මගින් සම්පූර්ණයෙන් තුරන් කළ හැකි බවත් තවත් 1/3ක් කල් තබා හදුනා ගැනීම තුළින් පාලනය කළ හැකි බවත් කී ඇන්තනී මහත්මිය, අනෙක් 1/3 රෝගය වැළදුණත් රෝගියාට අවසන් අවස්ථාව දක්වා සාමාන්‍ය පරිදි ජීවත්විය හැකි තත්ත්වය දක්වා පාලනය කළ හැකි යැයි පෙන්වා දුන්නාය.

මහරගම අපේක්ෂා රෝහල, මහනුවර ජාතික රෝහල ඇතුලුව පිළිකා රෝගීන් වෙනුවෙන් රෝහල්වල සිදුකරන ප්‍රතිකාර වලට අමතරව පිළිකා රෝගීන් වෙනුවෙන් අමතර ඖෂධ ලබාදීම, ආහාර සහිතව නේවාසික පහසුකම් ලබාදීම, මහජනයා දැනුවත් කිරීම ඇතුලු වැඩසටහන් රැසක් ශ්‍රී ලංකා සංගමය මගින් සිදුකරන බව වෛද්‍ය යෝගා ඇන්තනී මහත්මිය තව දුරටත් සඳහන් කළාය.

දුම්බර එම්. ආර්. ප්‍රදීප්

07/06/2024

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ඊයේ (06) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් අනතුරුව වැඩි ඡන්ද 44 කින් සම්මත විය.
පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අවසානයේ විපක්ෂය විසින් විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව103ක්ද විපක්ෂව ඡන්ද 59 ක්ද හිමිවිය.
පනත්කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක්වූ අතර අනතුරුව තෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
විදුලිබල

Just a moment...

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Sulaiman Terrace, 05 Colombo
Colombo
00500