epuwath.com
මෙවැනි උණුසුම් පුවත් දිනපතා නැරඹීමට
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🟠 Subscribe to us on YouTube👉 /
🟠 Like us on Facebook 👉 / web.facebook.com/epuwathcom
🟠 Follow us on X 👉 twitter.com/ePuwathCom
🟠 Website 👉 https://epuwath.com
🟠 Instagram 👉 instagram.com/epuwathcom
For copyright matters, please contact: [email protected]
17/06/2025
මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණ කිරීමට ඊයේ (16) සමත්ව තිබේ.
ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් 2210 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන 474,599,422 ත්‍යාග මුදලයි.
එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ එච්.ඒ.ජානකී හේමමාලා අලෙවි නියෝජිතවරියයි.
මීට පෙර ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ත්‍යාග මුදල වූ කෝටි 23 ක සුපිරි ත්‍යාගයද දිනාදී වාර්තාවක් තැබුවේ ද ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයියයි.
16/06/2025
ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති ගැටුම්කාරී වාතාවරණය හමුවේ දෙරටේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
කිසියම් ශ්‍රී ලාංකිකයෙකුට තම ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පවතින්නේ නම් තානාපති කාර්යාල නිලධාරින් සම්බන්ධ කරගැනීමේ හැකියාව පවතින බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මහතා පවසයි.
ඊශ්‍රායලයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමේ දුෂ්කරතා පවතින මෙරට වෙසෙන ඔවුන්ගේ ඥාතීන් ඇත්නම් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඒ පිළිබඳ විමසීම් කළ හැකි බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාර මාලාව හමුවේ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය.
ඊශ්‍රායලයේ බැට්යම් සහ රමාත් ගාන් යන ප්‍රදේශවලට අද (15) අලුයම එල්ල වු මිසයිල ප්‍රහාරවලින් ගොඩනැගිලිවලට සිදුවූ හානී හේතුවෙන් ඔවුන් දෙදෙනා සුළු තුවාල ලබා ඇති බව තානාපතිවරයා පවසයි.
ඒ අනුව තානාපතිවරයා ඔවුන් රැදී සිටින ස්ථාන වෙත ගොස් ඔවුන්ගේ සුවදුක් විමසීමට කටයුතු කර තිබේ.
මේ අතර ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කළ ප්‍රහාරවලින් ළමුන් ඇතුළු පුද්ගලයින් 128 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රහාරවලින් පුද්ගලයින් 900 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවය.
මියගිය පිරිස අතර මාස දෙකක කුඩා බිළිඳෙකු ද වන බව සඳහන් වේ.
මේ අතර ඉරානය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 13 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ඊශ්‍රායල රජය ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාර හමුවේ තුවාල ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 380ක් පමණ වන බවය.
ඉරානය විසින් ඊයේ දිනයේ මධ්‍යම ඊශ්‍රායලයේ බැට් යම් ප්‍රදේශයට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් නිවාස සංකීර්ණ ගොඩනැගිල්ලකට දැඩි හානී සිදුව තිබුණි.
මේ අතර ඉරානයේ අවි නිෂ්පාදන මධ්‍යස්ථාන ආශ්‍රිතව පදිංචිව සිටින සිවිල් වැසියන්ට එම ස්ථාන වලින් ඉවත්වන ලෙස ඊශ්‍රාලය විසින් අනතුරු ඇගවීමක් සිදු කර තිබේ.
තම ජීවිත ආරක්ෂිත කර ගැනීම සඳහා එම පියවර ගන්නා ලෙස ඉරාන වැසියන්ට දැනුම් දී ඇති ඊශ්‍රායල ආරක්ෂක බලකාය යළි දැනුම් දෙන තුරු එම ස්ථාන වලට පැමිණිමෙන් වලකින ලෙස අනතුරු අගවා ඇත.
ඊශ්‍රායලයේ මෙම අනතුරු ඇගවීම , ඉරානය වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවට වන සංඥාවක් ලෙස විදෙස් විචාරකයින් පෙන්වා දී තිබේ.
ඉරාන අයතුල්ලා අල්කමේනිගේ පාලන තන්ත්‍රයට අයත් සෑම ස්ථානයකටම හා සෑම ඉලක්කයටම ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ දිනයේ ප්‍රකාශ කර තිබුණි.
කෙසේවෙතත් ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව පැවතුන හොත් තම ප්‍රහාර තීව්‍ර කරන බව ඉරානය අනතුරු අගවා ඇත.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo