Educational Dairy
08/09/2025
පිළිකා ප්‍රතිකාර සඳහා වැඩිදියුණු කරමින් තිබූ එන්නත සාර්ථක බවත් එය භාවිතයට සූදානම් බවත් රුසියාව පවසනවා.
විදෙස් වාර්තාවල දැක්වෙන්නේ මෙම එන්නතට අදාළ පූර්ව සායනික අත්හදා බැලීම්වල කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබීම නිසා දැන් මෙය ප්‍රතිකාර සඳහා යොදාගැනීමට හැකි වන බවයි.
ෆෙඩරල් වෛද්‍ය හා ජීවවිද්‍යා ඒජන්සියේ ප්‍රධානී වෙරෝනිකා ක්වොටොසොවා පවසන්නේ මේ වනවිට මෙම එන්නත ආරක්ෂිත සහ ප්‍රබල ලෙස ක්‍රියාකරන බවට පූර්ණ සායනික අත්හදාබැලීම්වලින් සනාත වී ඇති බවයි.
නැඟෙනහිර ආර්ථික සංසදයේදී අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ එන්නත භාවිතයට මුදාහැරීම වෙනුවෙන් අවශ්‍ය නිල අවසරය අපේක්ෂාවෙන් පසුවන බවයි.
පූර්ව සායනික පරීක්ෂණවලදී එන්නත ආරක්ෂිත බව යළි යළිත් තහවුරු වූ බවත් ඇය කියාසිටියා.
කොවිඩ් එන්නතක් ලෙස භාවිත කළ mRNA එන්නතට යොදාගත් තාක්ෂණයම භාවිත කරමින් වැඩිදියුණු කරන ලද පිළිකා ප්‍රතිකාර එන්නත Enteromix පිළිා එන්නත ලෙස දැනට හඳුන්වනවා.
පිළිකා ගැටිතිවල ප්‍රමණය අඩුකිරීමටත් එහි වර්ධන වේගය අඩාල කිරීමටත් 60% සිට 80%ක් දක්වා හැකියාව පවතින බවට සනාථ වී ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.
එන්නතේ බලපෑම පිළිකා වර්ගය අනුව වෙනස් වනවා.
රුසියානු පර්යේෂකයන් පිරිස් විසින් මෙම එන්නත අත්හදා බලමින් සිටි අතර පසුගිය වසර 3 පුරාම එහි පූර්ව සායනික අත්හදාබැලීම් සිදුකර තිබුණා.
මෙම එන්නතේ මූලික භාවිතය කොලොරෙක්ටල් පිළිකා (බඩවැල් පිළිකා) සඳහා වනු ඇති බව බලධාරීහු පවසා තිබෙන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
08/09/2025
චන්ද්‍රග්‍රහණයේ ලස්සන ඡායාරූප පෙළක්.😍
ඡායාරූපවල අයිතිය මුල් අයිතිකරුවන් සතුයි.🙏
Rolling barrier guardrail යනු වැරදි දිශාවට ගමන් කරන වාහන හරවා යැවීම සඳහා වානේ රාමුවක් මත සවි කර ඇති භ්‍රමණය වන, ශක්තිය අවශෝෂණය කරන බහුවයවික බැරල් භාවිතා කරන මාර්ග ආරක්ෂණ පද්ධතියකි. රථයක් බාධකයේ ගැටුණු විට, බැරල් භ්‍රමණය වන අතර, ගැටීමේ දී රථයෙන් හානිවන චාලක ශක්තියෙන් කොටසක් බැරල වල භ්‍රමණ චාලක ශක්තිය බවට පරිවර්තනය කරයි. මෙම ක්‍රියාව වාහනය මන්දගාමී කර එහි මංතීරුවට හෝ වක්‍රය දිගේ ආරක්ෂිතව ආපසු මඟ පෙන්වන අතර බරපතල තුවාල හෝ මාරාන්තික අනතුරු වළක්වයි.
අපේ රටෙත් බෑවුම් ආශ්‍රිත වංගු සහිත මාර්ගවල මෙවැනි ආරක්ෂක බාධකයන් යොදාගත හොත් සිදු වන අනතුරු බොහෝමයක් අවම කර ගැනීමට හැකිවනු ඇති.🙏
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo