Arogya

Arogya

Share

29/05/2022

දරුවා කතා කරන විට වචන හරියට ශබ්ද කරන්නේ නැහැ

දරුවකුගේ උපතේදී හඳුනාගත හැකි සෞඛ්‍ය ගැටලු විවිධය. ඒ සමහර ඒවා යම් කායික ගැටලු විය හැකි අතර සමහර ඒවා මානසික ගැටලු ද විය හැකිය. එසේම ඒ සමහර ඒවා යම් පමණක සංකීර්ණ තත්ත්වයන් පෙන්නුම් කළ හැකි අතර සමහර ඒවා ඉතා සුළු නොමැති නම් සරල පිළියම් මඟින් යථා තත්ත්වයට පත් කරගත හැකි වේ.
දරුවකුගේ උපතත් සමඟ දිවේ හඳුනා ගන්නා එබදු තත්ත්වයක් වන්නේ ටන්ග් ටයි ඊධදඨභඥ ඊඪඥ නමැති ගැටලුකාරී තත්ත්වය ය. දරුවකු උපදින අවස්ථාවේදී දරුවාගේ දිව මුඛයේ යට කොටසට සවි වී ඇත්තේ සියුම් පටලයක් ආකාර වූ පටකයකිනි.
දරුවකු උපදින අවස්ථාව වනවිට දිව ඕනෑම දිශාවකට නැවීමට, හැරවීමට හැකි වන අයුරින් සැකසෙන්නේ මෙම පටලය ක්‍රමයෙන් ක්ෂය වීමෙනි. ඒ සමඟ දරුවාගේ දිව මුඛයේ පතුලට තිබූ සම්බන්ධතාවෙන් නිදහස් වන අතර දිව නැවීමට, හැරවීමට, මුඛය ඇතුළත ඕනෑම කොටසක ස්පර්ශ කිරීමේ හැකියාව ලබා ගනී. නමුත් කලාතුරකින් දරුවකුට මෙය මෙසේ නොවී තිබිය හැකිය. එබඳු අවස්ථාවකදී දරුවාට තම දිව හොඳින් මුඛයෙන් පිටතට දැමීමට ද අපහසුතාවක් පවතිනු ඇත. බොහෝවිට මෙවන් තත්ත්වයක් දරුවකුගේ උපතේදීම හඳුනා ගැනීමට පුළුවන. යම් අවස්ථාවල උපතේදී හඳුනා නොගෙන තිබීමට ද පුළුවන.
දරුවාට මෙබඳු ගැටලුවක් වේ නම් ඇතිවිය හැකි ගැටලු
බොහෝවිට මෙවන් තත්ත්වයක් හට ගැනීමට අදාළ නිශ්චිත හේතුවක් හඳුනාගෙන නැත. තවද එය ගැහැනු දරුවන්ට සාපේක්ෂව පිරිමි දරුවන් අතර වැඩිපුර දැකගත හැකි වේ. මෙම තත්ත්වය ඉංගී‍්‍රසියෙන් Tongue Tie ලෙස හඳුන්වයි.
තවද මෙබඳු තත්ත්වයක් තිබුණ ද බොහෝ දරුවන්ට ඉන් විශාල ගැටලු මතු නොවේ. නමුත් සුළු පිරිසකට යම් අවස්ථාවකදී මින් ගැටලු ඇතිවිය හැකි වේ.
ඒ අතරින් මූලිකව බලපෑ හැකි ගැටලුවක් නම් මුල් අවදියේ දරුවාට කිරි උරා බීමේ ගැටලු ඇති වීමය. මේ නිසා දරුවාගේ වර්ධනයට යම් බාධා ද ඇතිවිය හැකිවේ. තවද මේ හේතුව නිසා දරුවා කිරි උරා බීම වෙනුවට මවගේ තනපුඩුව විකීමට පටන්ගත හැකි අතර එයින් තනපුඩුව තුවාල වීමට මෙන්ම දරුවා නිසි ලෙස කිරි උරා නොබීම නිසා මවගේ තනපුඩුව ආශි‍්‍රතව කිරි සිරවීමක් ආදිය විය හැකිවේ. එබඳු අවස්ථාවක ඊට හේතු සොයා බැලීමේදී දරුවාට ඇත්තේ මෙවන් ගැටලුවක් යැයි හඳුනාගත්තේ නම් ඒ සඳහා ප්‍රතිකර්ම කළ යුතු වේ.
එසේම මෙවැනි තත්ත්වයක් ඇති දරුවකුගේ කථනයේදී යම් ශබ්ද හෝ අක්ෂර උච්චාරණයේ ගැටලු මතුවිය හැකි වේ. මේ නිසා දරුවාට බලපෑ හැකි තවත් ගැටලුකාරී තත්ත්වයක් වන්නේ හොඳින් දිව එහා මෙහා කර මුඛය තුළ රැඳුණු දේ ඉවත් කර ගැනීමේ ඇති ගැටලුය.
මේ නිසා දත් දිරා යෑමේ ගැටලු හට ගැනීමට ප්‍රවණතාවක් මතු විය හැකි අතර මුඛයේ ආහාර කැබලි රැඳීම නිසා මුඛය ගඳ ගැසීම ආදි සඳහා නැඹුරුවක් ඇතිවිය හැකිය. එසේම මෙබඳු දරුවන්ගේ වර්ධනයත් සමඟ දත්වල හිඩැස් ඇති වීමට හැකියාවක් ද තිබිය හැකිය. මේ ගැටලුව සමඟ දරුවාට තම දිව මුඛයෙන් පිටතට ගැනීම ද අපහසු වන අතර දිව ගා ආහාර පාන බුක්ති විඳීමේදී බාධා ඇති වේ.
මීට ඇති පිළියම
ඉතා සුළු සැත්කමක් සිදු කිරීමෙන් මීට පිළියම් යෙදිය හැකි වේ. සුළු කැපුමක් යොදා දිව හා මුඛයේ යට කොටස යා කරන පටලය ඉවත් කිරීමෙන් මේ තත්ත්වය යථා තත්ත්වයට පත් කළ හැකි වේ. විශේෂයෙන්ම දරුවාට මෙයින් ගැටලුකාරී තත්ත්වයක් හෝ බාධාවක් ඇති වේ නම් පමණක් මෙවන් සැත්කමක් කරනු ඇත.
මෙබඳු සැත්කමකින් පසු සංකූලතා ආදිය තිබේද?
නැත. එබඳු සංකූලතා මේ සැත්කම නිසා ඇති නොවේ. සැත්කමක් සිදු කළ පසු ආහාරපාන ගැනීම පිළිබඳ ද විශාල ගැටලු මතු නොවේ. බිලිඳකු නම් මව්කිරි උරා බීමේ ගැටලුවක් ද ඇති නොවේ.
වැඩුණු දරුවකු කෙරෙන් මේ තත්ත්වය හඳුනා ගතහොත්?
එබඳු අවස්ථාවකදී වුවත් දරුවාට එය බාධාකාරී තත්ත්වයක් ඇති කරන්නේ නම් පෙර කී ආකාරයේ සැත්කමක් සිදු කිරීමෙන් එම තත්ත්වය යථා තත්ත්වයට පත් කරගත හැකි වේ. එයට වයස බාධාවක් නොවන අතර රජයේ රෝහල් ආශි‍්‍රතව එම සැත්කම සිදු කර ගැනීමේ පහසුකම් පවතී.
මේ පිළිබඳ පවතින ප්‍රධාන වැරැදි මතයක් වන්නේ
මෙබඳු තත්ත්වයක් ඇති දරුවකුගේ කථනය ප්‍රමාද වන බවට ඇති මතය සමාජයේ පවතින වැරැදි මතයක් වේ.
මෙම මතය සත්‍යයෙන් තොරය. එනම් දරුවකුගේ කථනයේ ප්‍රමාදයට මෙය හේතුවක් නොවේ. මෙහි බලපෑම ඇත්තේ වචන උච්චාරණය කෙරෙහිය.
සාමාන්‍යයෙන් දරුවකුගේ දිවෙහි වර්ධනයත් සමඟ මෙය යම් පමණකට යථා තත්ත්වයට පත් වනු ද හඳුනාගත හැකි වේ. එනම් කාලයත් සමඟ මෙය යම් පමණකට මඟහැරීමක් ද විය හැකිය.

සමුද්‍රිකා වර්ණකුල

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Lake House , No 35, D. R. Wijewardena Mawatha
Colombo
10100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00