Sri Lanka Customs
24/11/2025
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4,870ක් රට තුළට නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ මැලේසියානු ජාතිකයකු 2025.11.24 දින අත්අඩංගුවට ගන්නා ලදී.
වයස අවුරුදු 33ක් වන සැකකරු EY369 එටිහාඩ් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අබුඩාබි නුවර සිට මෙරට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ පිට වීමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කිරීම සිදු කර ඇත. එහිදී සැකකරුගේ ගමන් මල්ලේ තිබූ චොකලට් අසුරන තුළ සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනුණු අතර එහි වීදි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 243.5ක් බවට ගණනය කර ඇත.
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, සැකකරු සහ රාජසන්තක කරන ලද මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දෙනු ලැබීය.
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
40, Main Street, Colombo 11
Colombo
01100
Opening Hours
| Monday | 09:00 - 16:45 |
| Tuesday | 09:00 - 16:45 |
| Wednesday | 09:00 - 16:45 |
| Thursday | 09:00 - 16:45 |
| Friday | 09:00 - 16:45 |