Sadaharitha Plantations Limited

Sadaharitha Plantations Limited

Share

Photos from Sadaharitha Plantations Limited's post 01/07/2026

🏆 සදාහරිත පානදුර සහ හොරණ කලාපයන්හි මාසික අලෙවි සමාලෝචන සමුළුව අතිසාර්ථකයි!

සදාහරිත පානදුර සහ හොරණ කලාපයන්හි මාසික අලෙවි සමාලෝචන සමුළුව ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලක්ෂිත වෙත්තසිංහ මහතා සහභාගී වුණා.

මීට අමතරව RSM, BSM, ඇතුළු අපගේ සියලුම අලෙවි නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

පසුගිය මැයි මාසයට අදාළව, Cluster 02 හි ඉහළම විකුණුම් ඉලක්ක සපුරාගැනීමේ (Highest Achievement) අභිමානය පානදුර කලාපය විසින් දිනාගනු ලැබුවා! ඊට සමගාමීව, කලාපයේ විශිෂ්ටතම දස්කම් දැක්වූ ජයග්‍රාහකයින් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට ත්‍යාග ප්‍රදානය කිරීමක් ද මෙහිදී සිදු කෙරුණා. සදාහරිත අලෙවිකරණ බලකායේ ජයග්‍රාහකයින්ට අපෙන් උණුසුම් සුබ පැතුම්! 🏅👏

පොසොන් පොහොය තේමාව කොටගෙන මෙවර අලෙවි සමුළුව පැවැත්වූ අතර අලෙවි සමුළුවට සමගාමීව පානදුර ශාඛාවේ මූලිකත්වයෙන් බැති ගී සරණියක් සහ කඩල දන්සලක්ද පැවැත්වුණා. පානදුර, හොරණ ශාඛාවන් අපේ කණ්ඩායමේ ඒ සාර්ථකත්වයේ සහ එකමුතුකමේ සොඳුරු අවස්ථා කිහිපයක්...

29/06/2026

පොසොන් පුන් පොහෝදා සදාහරිත සදහම් පුජාව!
#සදාහරිත #පොසොන් #සදහම්පුජාව
#පෝය #ධර්මදානය

27/06/2026

සදහරිත ප්ලාන්ටේෂන්ස් සමාගමේ 24 වන අභිමානවත් සංවත්සරය නිමිති කොටගෙන සදාහරිත හෝමාගම ශාඛාව සංවිධානය කරනු ලබන මහා බෙලිමල් දන්සල සහ පොසොන් බැති ගී සරණිය සඳහා ඔබ සැමට බැතිබරව ආරාධනා කරමු! 🙏

📅 දිනය: ජුනි මස 30 වන දින
⏰ වේලාව: සවස 7.00 සිට රාත්‍රී 9.00 දක්වා
📍 ස්ථානය: සදාහරිත හෝමාගම පරිශ්‍රයේදී

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No 6A, Alfred Place
Colombo
00300

Opening Hours

Monday 08:00 - 16:30
Tuesday 08:00 - 16:30
Wednesday 08:00 - 16:30
Thursday 08:00 - 16:30
Friday 08:00 - 16:30
Saturday 08:00 - 16:30