Ru Rahas

Ru Rahas

Share

30/06/2026
11/06/2026

මුහුණේ පැහැපත් බව සිරුරටත්

දුඹුරු සීනි සහ ජොජෝබා තෙල් මිශ්‍ර කර සිරුරට ආලේප කිරීම

දුඹුරු සීනි මගින් සම පැහැපත් කරන අතර සමේ මැරුණු සෛල ඉවත් කරයි.ඒ වගේම දුඹුරු සීනි මගින් සම දීප්තිමත් කර සමට හොඳ තෙතමනයක් ලබා දෙමින් සමෙහි ඇති කැළැල් ඉවත් කරනවා
ජොජෝබා තෙල් මගින් සමට තෙතමනය ලබා දෙන අතර , සමෙහි රළු ස්ථාන සුමුදු කරනවා.ඒ වගේම සමෙහි දීප්තිමත් බව වැඩි කරමින් රැළි වැටීම් අවම කරනවා.

04/06/2026

blackheads ඉවත් කර ගමු.

බිත්තර සුදු මදයක් ගෙන හොඳින් බීට් කර ගන්න. එයට ලෙමන් යුෂ බින්දු දෙකක් හෝ තුනක් එකතු කර ගෙන නැවත බීට් කරගන්න. ටිෂූ කඩදාසියක් ගෙන ඔබේ මුහුණේ බ්ලැක් හෙඩ්ස් ඇති තැන තබා ෆේශල් බ්‍රෂ් එකක් ආධාරයෙන් සකස් කරගත් බිත්තර සුදු මදය ආලේප කරන්න. එය විනාඩි පහළොවක් පමණ වියළීමට තබා සම තද බව දැනෙන විට ටිශූ කඩදාසිය ඉවත් කරන්න. ඉන්පසුව මද උණුසුම් ජලයෙන් මුහුණ සෝදා ටෝනර් එකක් ආලේප කරන්න.

30/05/2026

අව්වට දුර්වර්ණ වූ සමට ප්‍රතිකාර

කඩල පිටි කෝප්ප බාගයක් සහ යෝගට් තේ හැඳි තුනක් හොඳින් මිශ්‍ර කරන්න.
සමේ දුර්වර්ණ ස්ථාන වල ආලේප කරන්න.
මිනිත්තු තිහකට පසු සීතල වතුරින් සෝදා හරින්න.
අව්වේ යාමෙන් සමේ ඇති වන කැළැල් වලට සහ දුර්වර්ණතා වලට ගැලපෙනම ආලේපයක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo