Amila Perera Foundation

Amila Perera Foundation

Share

03/05/2025

2025 මැයි 06 දින පැවැත්වෙන ගමේ නායකයා තෝරන මැතිවරණය සම්බන්ධයෙන් කොල්ලුපිටියේ ඔබේ දැනගැනීම පිණිස මෙම කරුණු ඉදිරිපත් කරන්නෙමි.මුළු ලංකාවෙම ඇති පලාත් පාලන ආයතන 321 අතුරින් එකකි කොළඹ මහ නගර සභාව.එහි කොට්ඨාශ 47ක් නියෝජනය කරමින් අපේක්ෂකයෝ මැතිවරණ තරග බිමට එනු ලැබේ.ඒ අනුව කොල්ලුපිටිය කොට්ඨාශයේ ඔබේ පුංචි නාගරික මන්ත්‍රීවරයාවීමට මමද "සජිත් ප්‍රේමදාස" මහතා පක්ෂ නායකත්වය දරණ "සමගි ජන බලවේගයෙන්" තරග කරමි.කොල්ලුපිටිය කොට්ඨාශයේ 2025 වන විට මුළු ඡන්ද දායකයෝ ප්‍රමාණය 4587කි.කොල්ලුපිටිය කොට්ඨාශය ආවරණය වන ඡන්ද මධ්‍යස්ථාන හතරකි.එනම්
(1)මෙතෝදිස්ත විද්‍යාලය ඡන්ද-454
(2)ශාන්ත තෝමස් විද්‍යාලය ඡන්ද-1282
(3)ශාන්ත මරියා බාලිකා විද්‍යාලය-ඡන්ද 1920
(4)ශාන්ත මයිකල් විද්‍යාලය ඡන්ද-931
යනුවෙනි.ඒ අනුව මේ
ඉහත දක්වන ඡන්ද
මධ්‍යස්ථාන හතරේ මුළු ඡන්ද ප්‍රමාණය ඉහත සදහන් කල සමස්ථ කොල්ලුපිටියේ ඡන්ද ප්‍රමානය වන 4587ට සමාන විය යුතුය.ඔබ කොල්ලුපිටිය කොට්ඨාශය නියෝජනය කරන ඡන්ද දායකයෙකු නම් ඉහත සදහන් ඡන්ද මධ්‍යස්ථාන හතරින් ඔබ දමනු ලබන ඡන්දය කොල්ලුපිටිය කොට්ඨාශයේ නාගරික මන්ත්‍රීවරයා තෝරාගැනීම සදහා පාවිච්චි කරන ඡන්දයෙකි.ඒ අනුව කොල්ලුපිටියේ ඔබ අපේ ගමේ ඔබේ පුංචි නාගරික මන්ත්‍රීවරයා වශයෙන් මාව තොරාගන්නේ නම් "සමගි ජනබලවේගයේ" දුරකථන සලකුණ ඉදිරියේ කතිරය ගසා ☎❌ ඔබේ ආදරණීය මනාපය මා හට ලබාදෙන්න.එමෙන්ම කොතරම් අපේක්ෂකයෝ කුමන පක්ෂ වලින් ඉදිරිපත්වුවද එක කොට්ඨාශයකින් ජයග්‍රහණය ලබන්නේ වැඩිම ඡන්ද ගනු ලබන අපේක්ෂකයා පමණකි.ඒ අනුව කොල්ලුපිටිය කොට්ඨාශයේ ඔබේ ජනතා සේවකයා වශයෙන් නැවත පුරසබයට යවන්න ඔබේ ගෞරවාන්විත ඡන්දය "දුරකථන සලකුණ" ඉදිරියේ කතිරය ගසා ☎❌මාගේ ජයග්‍රහණය තහවුරු කරන්න...
අමිල පෙරේරා

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


120 Kollupitiya
Colombo
003