DKEvents365
03/10/2016
මා සිත රැඳි පළමුවන සම්භාව්‍යය චිත්‍රපටය
" සුද්දිලාගේ කතාව "
ධර්මසිරි බණ්ඩාරනායක පර්යේෂණාත්මක සිනමාකරුවකු ලෙස මිනිස් මනසේ ගැඹුරටම පිවිස නිර්මාණයන් කල අධ්‍යක්ෂවරයෙකි. ඔහු සිංහල සිනමාවට එතෙක් බිහි නොවු අපූරු චිත්‍රපට කලාවක් හඳුන්වා දුන්නේය. එහි ගෞරවය ඔහුට හිමිවිය යුතුය.. 1980 " හංස විලක් " , 1983 "තුන්වැනි යාමය" , 1985 " සුද්දිලාගේ කතාව " , 1997 " බවදුක " හා " බව කර්ම " එ් අතර වේ..
1985 දි ඔහු නිර්මාණය කල "සුද්දිලාගේ කතාව" චිත්‍රපටය පුරුෂාධිපත්‍යය සහ ලිංගික සූරාකෑම පිලිබඳව ඔහු අපූර්ව ලෙස අර්ථකතනය කර අැත. රොමියෙල්ට මෙන්ම සිරිමෙවන් මුදලාලිටද දිළිඳු බවින් පීඩා විදින සුද්දි කෙළිබඩුවක් විය. නොසිඳෙන කාමාශාවන් සපුරා ගත්තේ සුද්දිගෙනි. කතාව දිවෙන්නේ සැමියා හිරගෙට නියම වු ගැහැණියක වටාය. සැමියා සිරගෙට නියම වීම හරහා අැය සදාචාරය සංස්කෘතිය හා නැතිබැරිකම නිසා , අතරමං වෙයි.. "රොමියෙල්" ( සිරිල් වික්‍රමගේ ) කුලියට මිනීමරන පුද්ගලයකි. එලෙස තමන් කරන ලද වැරුද්දක් නිසා ඔහුට සිරගත වීමට සිදුවේ. සැමියාගේ සිරගත විම නිසා "සුද්දි"
( ස්වර්ණා මල්ලවාරච්චි ) ජිවිතය තුල අතරමංවෙයි.. මුලදී අැය ජිවත් වීම සඳහා නොයෙක් අය ඉදිරිපිට අතපෑවත් , එය නුසුදුසු දෙයක් සේ වැටහි ගිය කල , ශරිරය ජීවත් කරවීම සඳහා අැය සිය සිරුර මුලින්ම විකුණන්නේ "සිරිමෙවන් මුදලාලිටය". ( සොමී රත්නායක ) කෙසේ වෙතත් සයිමන් නවගත්තේගමගේ "සුද්දිලාගේ කතාව" නම් වු නවකතාව අැසුරින් නිර්මාණයවු මෙය , නවකතාකරුගේ කෘතියට හානි නොවන අයුරින් ( ඉන් ඔබ්බට ගියද ) නිපදවීය..
ගමේ පැරණි ධනවතෙකු වු අාරච්චිලත් ( ජෝ අබේවික්‍රම ) , සිරිමෙවන් මුදලාලිත් , මිනිමරුවකු වු රොමියෙල් , හා සුද්දි මේ කතාවේ කතා නායකයන් විය. චිත්‍රපටයෙන් දැක්වෙන්නේ , මොවුන්ගේ කායික හා මානසික අරගලයන්ය.එමෙන්ම පුරුෂයන්ගේ හා ස්ත්‍රීන්ගේ කාම අරගලයන්ය. මෙහි සුද්දි ලෙස රඟපාන " ස්වර්ණාගේ " රංගනය කොයිතරම් ස්වභාවිකදයත් අැය රඟපාද්දී දෑස්වලින් හැඟීම් පළ කරන අයුරු ඉතාමත් විශිෂ්ටය.. සියුම් භාවයන් අැය මෙහි ප්‍රකට කරයි. පිරිමින් ඉදිරියේ අසරණවන , නිර්වස්ත්‍ර වන ගැහැණුන් සියදහස් ගණනක් ජීවත්වන මෙවන් ලොවක, 1948 වර්ෂයේ නිදහස ලැබිමටත් පෙර අනුරාධපුරයේ නොදියුණු වියළි කලාපයේ ගමක සැබැවින්ම අත්විදිමට සිදුවු පුවතක් අැසුරින් නිර්මාණය වු. "සුද්දිලාගේ කතාව "
අද ටත් වලංගුද...... ?
21 වන සියවසේ කාර්යබහුල , දියුණු මිනිසුන් සිටින මෙවන් ලෝකයක අදටත්
" සුද්දි " ලා සිටිත් ද...........?
ධනංජය නානායක්කාර
– මාධ්‍යයවේදි –
2016.08.03
03/10/2016
" ළමා සාහිත්‍යය " 1 කොටස
ළමා සාහිත්‍යය යනු ළමයින්ගේ මනස හැඩගස්වා ඔවුන් සුමගට යැවීම සඳහා උපකාරි වන කලාත්මක අංගයකි. ළමා සාහිත්‍යය තුළ රසයක් මෙන් ම , ගුණයක් ද පැවතිය යුතුය. එහි තවත් එක් අරමුණක් විය යුත්තේ ළමයින් , තුළ අාත්මාභිමානය සහ පෞර්ෂ වර්ධනය අැතිවන පරිදි සාහිත්‍ය කෘති නිර්මාණය කිරීම ය.. පුරාණ කාලයේ පටන් පැවත එන අැතැම් දරුනැළවිලි කවි දෙස බලන විට මෙය ගම්‍ය වන්නේ ය..
ඔන්න බබෝ අැතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබු දැකලා දුවන්නියා
මෙහි අැතින්නියට වඩා දරුවාට විශේෂ ස්ථානයක් ලැබි අැත.. බබු ( ළමයා ) දැක අැතින්නිය දුවන බව පැවසීිමෙන් ළමයා තුළ අාත්මාභිමානයක් වගේම, පෞර්ෂ වර්ධනයක් ද අැතිවේ. දරුවා තුළ නිර්භීත බවක් ද වේ.. හිරිකිත දේශපාලඥයන් ඉදිරියේ නිවට ව හැසිරෙන රජයේ නිලධාරීන් ගොන්නක් වර්තමානයේ සිටින්නේ ළමා සාහිත්‍යය හැදෑරීමට නොහැකිවීම නිසා විය හැකිය..
ධනංජය නානායක්කාර
- මාධ්‍යවේදි -
01/10/2016
" මෝටර් බයිසිකල් " විචාර .........
1947 සිට එන චිත්‍රපටවල පැහැදිලි ඉතිහාසයක් හා එහි පුරෝගාමින් සිටි. එදා විශේෂයෙන් හැට හැත්තෑව දශකවල අපේ සිනමාවේ සක්‍රීය සජීව ක්‍රියාකාරීත්වයක් හා සහභාගිත්වයක් තිබුණි. එය සෑහෙන කාලයක් පුරා පැවතිණ. නමුත් සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය හා ඉතිහාසයේ පමණක් එල්ලීගෙන අපට මේ වර්තමාන සිනමාව හා සමාජය තේරෑම් ගත නොහැකිය. අපේ ප්‍රධාන පෙලේ සිනමා වගකිවයුත්තන් හා බුද්ධිමතුන් තුළින් පවා පෙනෙන්නේ, එ් ඉතිහාසයේ එල්ලීගෙන , මහා දුක්මුසු අතීතකාමී හැඟිමෙන් ප්‍රතිචාර දැක්වීමය.... සමහරු ලංකේය සිනමාවේ ස්වර්ණමය යුගය හා එහි අවසානය ගැන පවසති. එහෙත් ඔිනෑම රටක සිනමාවේ උපතක් තිබෙන්නට පුළුවන් , නමුත් අවසානයක් නැත. එය ගංඟාවක් වගේ , නැත්නම් සංස්කෘතියක් වගේ වෙනස් වෙමින් ගලායන දෙයකි.. එය වෙනස් වෙමින් , ප්‍රේක්ෂකයින්ට විවිධ අාකාරයට රසය,විනෝදය , වින්දනය , හා දැනුම දෙමින් ගලා යන කලා මාධ්‍යයකි ...
එලෙස වත්මනෙහි උඩුගං බලා ගිය චිත්‍රපටයකි.. " මෝටර් බයිසිකල් " මෙය සිංහල සිනමා වංශ කතාවට එක් වු තවත් එක් චිත්‍රපටයක් ලෙස මම නම් නොකරමි. එලෙසම එය අපගේ සිනමාවේ කිසියම් සුවිශේෂි ගති ලක්ෂණ ප්‍රකට කරන නව සලකුණක් සටහන් කරන චිත්‍රපටයක් ලෙස ද නම් නොකරමි.
ශමිර රංගන නම් වත්මන් සිනමාකරුවා අනාගත යහපත් සිංහල සිනමාවක් ගොඩනැඟීමට අත්‍යවශය නිර්මාණකරුවකු බව කීමට නොපැකිළෙමි.. එහෙත් ඔහුගේ "මෝටර් බයිසිකල්" ධර්මසිරිගේ , " හංස විලක් " පතිරාජගේ " බඹරූ අැවිත්" "අහස් ගව්ව" වැනි චිත්‍රපටයන් හා සසඳමින් ඔහු මුරුංගා අත්තේ තබන්නට මම නොකැමැත්තෙමි.. මක්නිසා ද යත් අප ඔහු මෙම ක්ෂේත්‍රයේ තවදුරටත් රැඳී නිර්මාණකරණයේ යෙදෙනු දක්නට කැමැති බැවිනි.
චිත්‍රපටයේ ප්‍රථම සාධනීය ලක්ෂණය වන්නේ , ඔහු තම නිර්මාණය සඳහා තෝරා ගෙන අැති විෂයෙහි කාලීන බවයි. රංගනගේ එකම බලාපොරොත්තුව ගායකයෙකු වීම යි. දෙවැන්න මෝටර් බයිසිකලයක් මිලදී ගැනීමයි. එමෙන්ම අලුත් මෝටර් බයිසිකලයක නැඟී සිය පෙම්වතිය සමඟ ගමන් බිමන් යෑම ඔහුගේ එකම සිහිනයයි. සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක තරුණයන් ගේ බයිසිකල් සිහිනය , රැඩිකල් බව (වත්මන්), නොසන්සුන්කම , මෙහි අපූර්ව ලෙස අර්ථකතනය කර අැත.. සමාජය හා බැඳි ජිවිතවල සංසිද්ධීන් ගෙන සසල වන හඳැති කලාකරුවන්ට සමාජීය කරුණු වලින් අෑත් වී නිර්මාණකරණයෙහි නියැලීම අපහසුය. ඔවුන්ගේ නිර්මාණ විෂය හා අවට සමාජය අතර අවියෝජනීය බැඳිමක් ගොඩනැගේ. එම බැඳිම පමණක් සාර්ථක නිර්මාණයක් බිහිවීම සැමවිටම සිදුනොවේ. එහෙත් අධ්‍යක්ෂවරයා එම බැදීම ට සාර්ථක සාධාරණයක් ඉටුකර අැත.
චිත්‍රපටය තුල සමහර දර්ශන , එකම තැනකට කොටු වී බොළඳ බව ඉස්මතු කිරීමට උත්සහා කරයි. එයින් ඔිලාරික බවක් දිස්වේ. එමෙන්ම , ඔහු තෝරා ගත් කතා පුවතේ මුලික සිද්ධීන් කිහිපයක් මතු පිටින් අතපත ගානු විනා එම අවස්ථාවට ගොදුරු වු චරිත හෝ ඔවුන්ගේ ජිවිත අභ්‍යන්තරයට පිවිස ඔවුන්ගේ හැඟිම් ප්‍රතිනිර්මාණය කර අැති බවක් නොපෙනේ..
තාරුණ්‍යයහි නොසිදෙන මත් බවත් , එය සිහිකල්පනාවට වැළදුණු උණක් බවත් , හොඳ නරක තෝරා ගනු ලබන්නේ අත් විඳින්නට ලැබෙන විපාක අනුව මිස සම්මතයට අනුව නොවන බවත් අධ්‍යක්ෂවරය මෙහි විග්‍රහා කර අැත. වයස අවු : 18 ක යුවතියකගේ අාදරණිය හැඟිම් සමනලී ෆොන්සේකා අර්ථකතනය කරන්නේ ඉතා සියුම් ලෙසය... රංගන ගේ චරිතයට ද සාධාරණයක් කිරීම සඳහා දසුන් පතිරණ ලොකු උත්සහයක් ගන්නා බව මෙහිදි පැවසිය යුතුය. මෙහිදි සඳහන් කලයුතු කරුණු
දෙකක් අැත.එනම් දසුන් – මාත් හොඳ නළුවෙක් වෙනවා යැයි කීමට උත්සහා කරනවාද..? නැත්නම්
රංගන – හරහා වත්මන් තරුණ ප්‍රජාව දකිනවා ද... ? එය පැහැදිලි වන අපැහැදිලි දර්ශනයකි.. කෙසේ වෙතත් තාරුණ්‍යයේ නැගෙන උද්‍යේගය හා මටසිලිටි බව දසුන් දක්ෂ අන්දමින් ප්‍රතිරෑපනය කරයි.. එය අනාගත සිනමාවට හොඳ අයෝජනයකි.
" මෝටර් බයිසිකල් " චිත්‍රපටයේ තිබෙන්නේ එ් විෂයට , එ් පරිසරයට හා එ් ජිවිතවලට අදාළ දේවල්ය.. තෝරා ගත් තේමාව හා වස්තු බීජය අනුව එය නිර්මාණය වී අැත. එය දැකිය යුතුයි........ එ් හරහායි. , එ් අැතුළත පවත්නා මිනිස් ජිවිතයේ යථා ස්වාභාවය දැකගත යුත්තේ.... අනාගත අපේක්ෂා රඳවා ගත හැකි නිර්මාණශීලි කුසලතා පිරි " ශමිර රංගන " වැනි අධ්‍යක්ෂවරුන් වර්තමානයට ඉතාමත් අවැසිය... රැකගත යුතු සම්පත්ය... එය කා සතු වගකීමක් ද...?
ධනංජය නානායක්කාර
– මාධ්‍යවේදි –
29/09/2016
" මෝටර් බයිසිකල් " විචාර .........
1947 සිට එන චිත්‍රපටවල පැහැදිලි ඉතිහාසයක් හා එහි පුරෝගාමින් සිටි. එදා විශේෂයෙන් හැට හැත්තෑව දශකවල අපේ සිනමාවේ සක්‍රීය සජීව ක්‍රියාකාරීත්වයක් හා සහභාගිත්වයක් තිබුණි. එය සෑහෙන කාලයක් පුරා පැවතිණ. නමුත් සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය හා ඉතිහාසයේ පමණක් එල්ලීගෙන අපට මේ වර්තමාන සිනමාව හා සමාජය තේරෑම් ගත නොහැකිය. අපේ ප්‍රධාන පෙලේ සිනමා වගකිවයුත්තන් හා බුද්ධිමතුන් තුළින් පවා පෙනෙන්නේ, ඒ ඉතිහාසයේ එල්ලීගෙන , මහා දුක්මුසු අතීතකාමී හැඟිමෙන් ප්‍රතිචාර දැක්වීමය.... සමහරු ලංකේය සිනමාවේ ස්වර්ණමය යුගය හා එහි අවසානය ගැන පවසති. එහෙත් ඕනෑම රටක සිනමාවේ උපතක් තිබෙන්නට පුළුවන් , නමුත් අවසානයක් නැත. එය ගංඟාවක් වගේ , නැත්නම් සංස්කෘතියක් වගේ වෙනස් වෙමින් ගලායන දෙයකි.. එය වෙනස් වෙමින් , ප්‍රේක්ෂකයින්ට විවිධ ආකාරයට රසය,විනෝදය , වින්දනය , හා දැනුම දෙමින් ගලා යන කලා මාධ්‍යයකි ...
එලෙස වත්මනෙහි උඩුගං බලා ගිය චිත්‍රපටයකි..
" මෝටර් බයිසිකල් " මෙය සිංහල සිනමා වංශ කතාවට එක් වු තවත් එක් චිත්‍රපටයක් ලෙස මම නම් නොකරමි. එලෙසම එය අපගේ සිනමාවේ කිසියම් සුවිශේෂි ගති ලක්ෂණ ප්‍රකට කරන නව සලකුණක් සටහන් කරන චිත්‍රපටයක් ලෙස ද නම් නොකරමි.
ශමිර රංගන නම් වත්මන් සිනමාකරුවා අනාගත යහපත් සිංහල සිනමාවක් ගොඩනැඟීමට අත්‍යවශය නිර්මාණකරුවකු බව කීමට නොපැකිළෙමි.. එහෙත් ඔහුගේ "මෝටර් බයිසිකල්" ධර්මසිරිගේ , " හංස විලක් " පතිරාජගේ " බඹරූ ඇවිත්" "අහස් ගව්ව" වැනි චිත්‍රපටයන් හා සසඳමින් ඔහු මුරුංගා අත්තේ තබන්නට මම නොකැමැත්තෙමි.. මක්නිසා ද යත් අප ඔහු මෙම ක්ෂේත්‍රයේ තවදුරටත් රැඳී නිර්මාණකරණයේ යෙදෙනු දක්නට කැමැති බැවිනි.
චිත්‍රපටයේ ප්‍රථම සාධනීය ලක්ෂණය වන්නේ , ඔහු තම නිර්මාණය සඳහා තෝරා ගෙන ඇති විෂයෙහි කාලීන බවයි. රංගනගේ එකම බලාපොරොත්තුව ගායකයෙකු වීම යි. දෙවැන්න මෝටර් බයිසිකලයක් මිලදී ගැනීමයි. එමෙන්ම අලුත් මෝටර් බයිසිකලයක නැඟී සිය පෙම්වතිය සමඟ ගමන් බිමන් යෑම ඔහුගේ එකම සිහිනයයි. සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක තරුණයන් ගේ බයිසිකල් සිහිනය , රැඩිකල් බව (වත්මන්), නොසන්සුන්කම , මෙහි අපූර්ව ලෙස අර්ථකතනය කර ඇත.. සමාජය හා බැඳි ජිවිතවල සංසිද්ධීන් ගෙන සසල වන හඳැති කලාකරුවන්ට සමාජීය කරුණු වලින් ඈත් වී නිර්මාණකරණයෙහි නියැලීම අපහසුය. ඔවුන්ගේ නිර්මාණ විෂය හා අවට සමාජය අතර අවියෝජනීය බැඳිමක් ගොඩනැගේ. එම බැඳිම පමණක් සාර්ථක නිර්මාණයක් බිහිවීම සැමවිටම සිදුනොවේ. එහෙත් අධ්‍යක්ෂවරයා එම බැදීම ට සාර්ථක සාධාරණයක් ඉටුකර ඇත.
චිත්‍රපටය තුල සමහර දර්ශන , එකම තැනකට කොටු වී බොළඳ බව ඉස්මතු කිරීමට උත්සහා කරයි. එයින් ඔිලාරික බවක් දිස්වේ. එමෙන්ම , ඔහු තෝරා ගත් කතා පුවතේ මුලික සිද්ධීන් කිහිපයක් මතු පිටින් අතපත ගානු විනා එම අවස්ථාවට ගොදුරු වු චරිත හෝ ඔවුන්ගේ ජිවිත අභ්‍යන්තරයට පිවිස ඔවුන්ගේ හැඟිම් ප්‍රතිනිර්මාණය කර ඇති බවක් නොපෙනේ..
තාරුණ්‍යයහි නොසිදෙන මත් බවත් , එය සිහිකල්පනාවට වැළදුණු උණක් බවත් , හොඳ නරක තෝරා ගනු ලබන්නේ අත් විඳින්නට ලැබෙන විපාක අනුව මිස සම්මතයට අනුව නොවන බවත් අධ්‍යක්ෂවරය මෙහි විග්‍රහා කර ඇත. වයස අවු : 18 ක යුවතියකගේ ආදරණීය හැඟිම් සමනලී ෆොන්සේකා අර්ථකතනය කරන්නේ ඉතා සියුම් ලෙසය.. රංගන ගේ චරිතයට ද සාධාරණයක් කිරීම සඳහා දසුන් පතිරණ ලොකු උත්සහයක් ගන්නා බව මෙහිදි පැවසිය යුතුය. මෙහිදි සඳහන් කලයුතු කරුණු
දෙකක් ඇත.එනම් දසුන් – මාත් හොඳ නළුවෙක් වෙනවා යැයි කීමට උත්සහා කරනවාද..? නැත්නම්
රංගන – හරහා වත්මන් තරුණ ප්‍රජාව දකිනවා ද... ?
එය පැහැදිලි වන අපැහැදිලි දර්ශනයකි.. කෙසේ වෙතත් තාරුණ්‍යයේ නැගෙන උද්‍යේගය හා මටසිලිටි බව දසුන් දක්ෂ අන්දමින් ප්‍රතිරෑපනය කරයි.. එය අනාගත සිනමාවට හොඳ අයෝජනයකි.
" මෝටර් බයිසිකල් " චිත්‍රපටයේ තිබෙන්නේ ඒ විෂයට , ඒ පරිසරයට හා එම ජිවිතවලට අදාළ දේවල්ය.. තෝරා ගත් තේමාව හා වස්තු බීජය අනුව එය නිර්මාණය වී තිබෙන අතර, ඒ හරහායි, පවත්නා මිනිස් ජිවිතයේ යථා ස්වාභාවය දැකගත යුත්තේ.... අනාගත අපේක්ෂා රඳවා ගත හැකි නිර්මාණශීලි කුසලතා පිරි " ශමිර රංගන " වැනි අධ්‍යක්ෂවරුන් වර්තමානයට ඉතාමත් අවැසිය... රැකගත යුතු සම්පත්ය...
ධනංජය නානායක්කාර
– මාධ්‍යවේදි –
16/09/2016
2016.06.02 දින ලියන ලදි......
"අැගේ අැස අග" චිත්‍රපටය
අක්මුල් නොමැතිව අයාලයේ යමින් තිබු සිනමාවට බරක් , එක් කල අධ්‍යක්ෂවරයෙක් අශෝක හඳගම. ඔහුගේ නවතම සිනමාපටය , " අැගේ අැස අග " චිත්‍රපටය හරහා ඔහු නැවත වරක් සිනමාවේ භාෂාව රෑපය බැව් ප්‍රතක්ෂ කර අැත..
සමාජ සංකීර්ණතා හමුවේ වත්මන් සමාජය තුල පිරිමියා සහා ගැහැණිය සැබෑ ජිව විද්‍යාත්මක පදනමේ සිට , ප්‍රේමය හා ලිංගිකත්වය අපූර්ව ලෙස විග්‍රහා කොට අැත.
වත්මන් සමාජය තුල වැඩි කොටසක් ගැහැණිය දකින්නේ සම්ප්‍රදායික නූගත් ගැහැණිය වුවද , මෙහි දි අපට දැකගත හැකි වන්නේ සම්ප්‍රදායික උගත් ගැහැණියකගේ චරිත ලක්ෂණයි. එහෙත් ගැටළුව මෙවන් අය තවමත් සිටීද යන්නයි. කිමද ? අප ජිවත්වන්නේ විසිඑක්වන සියවසේ පෙරදිග රටක ය...
මහාචාර්යවරයාගේ කායික , මානසික අවශ්‍යතාවයන් ඉටුකිරීමට සිය බිරිඳ අපොහොසත් වන්නේ , සාමාන්‍යයෙන් වයස අවු:45 පසුව ගැහැණියට අාර්ථවහරණයත් සමඟ අැගේ ලිංගිකත්වය හීනවිම, හැඟිම් නිසිලෙස පහළ නොවීම හරහා පිරිමියාගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට අැය දුර්වල වන්නීය..එය මෙහිදි " ස්වර්ණාමල්ලවාරච්චි" බිරිඳගේ හැඟිම් සාර්ථක ලෙසත් , සාම්ප්‍රදායික උගත් ගැහැණියක ගේ හැඟිම් අතිසාර්ථක ලෙසත් පෙන්වන්නේය. සංවාසය අාශාවේ අපේක්ෂාවක් බවත් , කන්‍යාභාවය බොහෝ දුරට මානසික තත්ත්වයක් බවත් මෙම චිත්‍රපටය හරහා පෙන්වා අැත.
කෙසේවෙතත් , හඳගම අතගසා අැත්තේ , අතී සංකීර්ණ සංසිද්දියක් විග්‍රහා කිරිමටය , සියුම් මනෝභාවයන් ස්පර්ශ කිරීමටය. එහිදි මනුෂත්වයේ සියුම් තැන් යථාර්ථවාදිව ස්පර්ශ කිරිමට හඳගම ගත්තා වු උත්සාහය සාර්ථකය.
ධනංජය නානායක්කාර
- මාධ්‍යවේදි -
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
00100