Station Masters' Model Training School-SMMTS

Station Masters' Model Training School-SMMTS

Share

Photos from Station Masters' Model Training School-SMMTS's post 20/06/2026

අභියෝග පරදා මිනිස් ශ්‍රමයේ වටිනාකම ලියූ දුම්රියේ වීරයා...❤️💐❤️💐

"දිට්වා" සුළි කුණාටුවේ දරුණු ප්‍රහාරයෙන් උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සහ අඹේවෙල අතර කොටස මුළුමනින්ම පාහේ විනාශ වී යද්දී, බොහෝ දෙනෙකු සිතුවේ බදුල්ල බලා යළි දුම්රියක් ධාවනය කිරීමට මාස ගණනාවක කාලයක් ගතවනු ඇතැයි කියාය. මහා පරිමාණයෙන් කඳු කඩා වැටී, රේල් පීලි ඇඹරී, ප්‍රපාත නිර්මාණය වෙමින් සිදුව තිබූ ඒ මරණීය විනාශය දෙස බැලූ ඕනෑම අයෙකු අධෛර්යමත් වීම සාධාරණ වුවත්, ලංකාවේ දුම්රිය සේවයේ ඉංජිනේරුවරුන් සහ සේවකයන් යනු හුදෙක් රාජකාරියට පමණක් සීමා වූ පිරිසක් නොවන වග ඔවුන් නැවත වරක් ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වා ඇත.

කළ නොහැක්කක් ලෙස පෙනුණු මේ මහා දුෂ්කර මෙහෙයුම සාර්ථක කර ගැනීම වෙනුවෙන් පෙරමුණ ගනිමින් ඊට විශිෂ්ට නායකත්වයක් සපයනු ලැබුවේ දිස්ත්‍රික් ඉංජිනේරු ධනුෂ්ක දිසානායක මහතා විසිනි.

සුළි කුණාටුවෙන් පසු උදාවූ අහිතකර කාලගුණය, කඳුකරයේ අධික සීතල, මඩ සහ අනතුරුදායක වටපිටාව මැද වුවද, තමන්ගේ කණ්ඩායම නිවැරදිව මෙහෙයවන්නට ඔහු සමත් විය.

තීරණාත්මක මොහොතක ඔහුගේ තාක්ෂණික ඥානය සහ නොසැලෙන නායකත්වය මුළු මහත් රාජ්‍ය සේවයටම සැබෑ ආදර්ශයක් සැපයූ බව නොරහසකි.

ඉංජිනේරු මහතාගේ සැලසුම් පොළොවේ යථාර්ථයක් බවට පත් කරන්නට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක මහතුන් දැක්වූ දායකත්වය සහ කැපවීම වචනවලින් විස්තර කළ නොහැකි තරම්ය. දැඩි ශීතලටත්, මහ වැස්සටත් නොබියව මුහුණ දෙමින්, නිදිවර්ජිතව දිවා රෑ නොබලා ඔවුන් හැලූ දහඩිය බිඳු, ඇඹරී ගිය යකඩ පීලි මතින් යළිත් යා කළේ මඟීන් දහස් ගණනකගේ බලාපොරොත්තු වේ.

හැමෝම අතහැර දැමූ තැනකින් ඇරඹි මේ අසමසම සාමූහික ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස, අද (20) දින සිට බදුල්ලේ සිට නානුඔය දක්වා දිනකට දුම්රිය වාර 4ක්ම ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.

පටු ප්‍රසිද්ධියක් හෝ වාසි අපේක්ෂා නොකර, පොදු ජනතාවගේ සුබසෙත වෙනුවෙන් රාජකාරිය පළමු කරගත් ඉංජිනේරු ධනුෂ්ක දිසානායක මහතා ඇතුළු ඒ සැබෑ වීරයන් කණ්ඩායමට සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ හෘදයාංගම ප්‍රණාමය සහ උත්තමාචාරය හිමිවිය යුතුමය.

Photos from Station Masters' Model Training School-SMMTS's post 20/06/2026

ගෙදර ඉදන් හදපල්ලා හදපල්ලා කිව්වට...
මේවා හදන්නේ මෙන්න මෙහෙම ඉතා මහන්සියෙන්, අවම පහසුකම් යටතේ .. 💔
ගොඩක් අය හිතන් ඉන්නේ පාරක් උඩින් රේල් පීළි දාගෙන යන්න විතරයි තියෙන්නේ කියලා... 😂🤣

Photos from Station Masters' Model Training School-SMMTS's post 20/06/2026

අති දුෂ්කර රාජකාරී පරිසරය...

20/06/2026

දිට්වාවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල - නානුඔය මාර්ග කොටස යලි යථාතත්වයට පත්කොට අද සිට යලිත් දුම්රිය ධාවනය ඇරඹේ ...!
එක්ව...................!
එකාවන්ව....................!
ඉදිරියට.....................................!
#නගමු ජය ඝෝෂා

Want your university to be the top-listed University in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Railway Model Training School, Maradana, Colombo 10
Colombo