Arty.lk
Credit @රීකන්ඩිශන්කෙල්ල
18/08/2024
සත 75 න් ජීවිතය ජයගත් නවලෝක මුදලාලි ❤️
━━━━━°❀•°:- ❁ -:°•❀°
1920 ජුනි මස 20 වෙනි දින මාතර සුල්තානගොඩ වරකපිටිය වත්තේ ජන්ගිරිස් අප්පුහාමිටත් මද්දුම හාමිනේටත් ලැබුණු පුත්‍ර රත්නය වන මෙතුමාට ගමේ අය ආදරේට කිව්වේ කළු මහත්තයා කියලා. ගමට ආදරය කරමින් ගමේ ගොඩේ වෙල් ඉපනැල්ලේ හැදී වැඩුණු මොහු පසුකාලීනව තම ජීවිතයේ සාර්ථකත්වය කරා ළඟා වුණේ කිසිවකු නොසිතූ අයුරින් වීම විශේෂත්වයක්.
මෙතුමාට හරියටම අවුරුදු 13 ක් වෙද්දි සිද්ද වුණු පියාගේ වියෝව මෙතුමාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වෙනවා. පියාගේ අවසන් කටයුතු වලින් පසුව තමා සතුව තිබු සත 75 ක මුදලත් ඇඳුම් කඩමලු කීපයත් පත්තර කැබැල්ලක දවටා ගන්නා මෙතුමා පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ උපදෙස් පරිදි තමන්ගේ අනාගතය සරි කරගැනීම සදහා කොළඹ එනවා.
කොළඹ ඇවිත් මාතර වෙළෙන්දෙකු වන පියදාස මුදලාලි හමුවීමට යන මෙතුමා එහිදී තමන්ගේ අරමුණු ඉෂ්ට නොවන බව දැන පසුදාම සඳලංකාව ප්‍රදේශයේ සිටින තම පියාගේ හිතවතෙකු වන මනම්පේරි මුදලාලි හමුවීමට ගොස් එහි වසර දෙකක් පමණ සේවය කරනවා. නැවතත් කොළඹ පියදාස මුදලාලි හමුවට ඇවිත් එහිත් තව වසර දෙකක් පමණ සේවය කරනවා.
මෙම කාලය තුල විශාල ප්‍රමාණයක් වෙළෙන්දන් හඳුනා ගැනීම මත කළු මහත්තයා තීරණය කරනවා තමන්ගේම වෙළදාමක් ඇරඹීමට. එහිදී ඔහු තමන්ගේ වෙළඳාම ඇරඹීමට තෝරා ගන්නේ පෑලියගොඩ ප්‍රදේශයයි. පසු කාලයේ දී ඔහු ප්‍රකාශ කල ආකාරයට ඔහු එම තීරණය ගත්තේ කොළඹට එන සියළුම කරත්ත පාහේ කොළඹට ඇතුළුවෙන්නේ පෑලියගොඩ හරහා නිසයි.
මේ කාලයේ තමන්ගේ අනාගත සහකාරිය තෝරා ගන්නා කළු මහත්තයා විවාහ දිවියට එළබෙන්නේ තමන් දිවා ආහාරය ලබාගන්න අවන්හල පවත්වාගෙන ගිය මීලින් නෝනා සමගයි. මීලින් නෝනාගේ සහෝදරයින් මුලින් මෙම කටයුත්තට අකමැත්තක් දැක්වූවත් පසුව එකග වෙනවා.
විවාහය කළු මහත්තයාගේ ජීවිතයේ නව පිටුවක් පෙරලුවායයි කිව්වොත් වැරදි නැහැ. කළු මහත්තයා තමන්ගේ තේ, පොල්, රබර් වෙළඳාම සිදුකරන අතරේ මීලින් නෝනා තමන්ගේ අවන්හලේ කටයුතු කරගෙන යනවා. මේ කාලෙදී තමන්ගේ වෙළඳාම තවදුරටත් පුළුල් කරන කළු මහත්තයා ලී වෙළඳාමටත් අත තබනවා.
කොන්ත්‍රාත් කටයුතු වලටද අත ගහන කළු මහත්තයා අවන්හලේ කටයුතු සීමා කිරීමට තීරණය කරන්නේ ගවමස් කෑම සහ මත්පැන් පානය තමන්ගේ ආගම දහමට එකඟ නොවන නිසයි. මේ කාලෙයේම තමන්ගේ ව්‍යාපාරය “නවලෝක” නමින් නම් කරන්නත් කළු මහත්තයා කටයුතු කරනවා.
මෙලෙස ටිකෙන් ටික ව්‍යාපාර කටයුතු දියුණු කරගන්නා මෙතුමාටත් 1977 විවෘත ආර්ථිකය හදුන්වාදීමත් සමග දේශීය ව්‍යාපාරිකයින් මුහුණ දුන් අභියෝග සියල්ලටම මුහුණ දෙන්න වෙනවා. එම අභියෝගයත් සාර්ථකව ජයගන්නා මෙතුමා නවලෝක රෝහල ඇරඹීම මගින් තමන්ගේ නවලෝක සමුහ ව්‍යාපාරය තවදුරටත් පුළුල් කරනවා.
විවාහය මගින් දියණියන් සිව්දෙනෙකු සහ ජයන්ත සහ උපාලි නම් පුතුන් දෙදෙනෙකු ලබන මෙතුමා තමන්ගේ දරුවන් නිසි අද්‍යාපනය ලැබූ පසු තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ කරගන්නවා. හැබැයි ඒ ඉහළම තැනින් නම් නෙමෙයි, පහළම තැන ඉදලා ඉහළට එන්න ඔවුන්ට ඉඩ සලස්වලා දෙනවා.
පහේ පන්තිය දක්වා පමණක් අධ්‍යාපනය ලැබූ මෙතුමා තමන්ගේ දර්ශනය මගින් ඉහළට නැග්ග ආකාරය පුදුම සහගතයි. පසු කාලෙදී එතුමා විසින්ම එතුමාගේ දියුණුවට හේතු වුණු කරුණු දැක්වුවා. එනම් මුල අමතක නොකිරීම, “නෑ” , “බෑ” උත්තර ලෙස භාර නොගැනීම, ධාර්මිකව හම්බ කිරීම සහ වියදම් කිරීම, අපතේ යාම නැවතීම සහ අද කලයුතු දේ අදම කිරීමයි.
ලිපිය අවසන් කරන්නට පෙර දිනමිණ පුවත්පතේ ඔහු ගැන සඳහන් වුණ සටහනක් මෙලෙස උපුටා දක්වන්නේ මේ තුලින් ඔබේ ජීවිතයට ඉතා විශාල පණිවිඩයක් ලබා දෙන නිසාවෙනි.
“මාතර සුල්තානාගොඩ මෙගොඩවත්තේ මහගෙදර විසූ ජන්ජීරිස් උන්නැහේ මහා ලොකු ධනපතියෙක් නොවේ. ගණන් කාරයෙක් ද නොවේ. ගමට ආලෝකයක් වූ ගමේ පුංචි මිනිසුන්ගේ හිතවතෙකු පමණි. මහගෙදර ජන්ජීරිස් අවසන් හුස්ම හෙලූ දා ගමේ පන්සලේ වැඩ සිටි පරදුවේ සෝභිත ලොකු හාමුදුරුවන්ගේ මුවින් ගිලිහුනේ ගමටම සෙවණ දුන් මහනුගෙත් එහෙනම් ඇද වැටුණා යන්නය.
මහනුගේ යට සරුවට වැඩෙමින් තිබුණ මුල මැද අරටු සහිත කළුවර ගහ සෝභිත හාමුදුරුවන් නොදුටුවා නොවේ. තාත්තා ජන්ජීරිස් තමන්ගේ පුත් කළු මහත්තයා ගැන තැබූ බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා වචන දෙක තුනකින් කියා සිටියේ මෙසේය. “කළු එකා තැනකට ඒවි” යන්නයි.
පියාගේ සොහොන තනිකර දමා සියළු දෙනා නිවෙස් කරා යද්දී කළු මහත්තයා සොහොන ළග මොහොතක් බලා සිටියේය. ඔහුගේ තනියට සිරිදාස සිටියේය. තාත්තාගේ සොහොන දෙස බලාගෙන කළු මහත්තයා කිසියම් අධිෂ්ඨානයක් කළේය. ඒ අධිෂ්ඨානය දැන සිටියේ ඔහු පමණි.
එහෙත් අධිෂ්ඨානයේ ප්‍රතිඵල අද සියල්ලෝම දනිති. තාත්තා වගා කළ කෙසෙල් පඳුරු, කොස් පැළ, පොල් වගාව, ඵල බරින් පිරී තිබෙනු කළු මහත්තයා දුටුවේය. තමන්ගේ දරු පැටවුන්ට දොවාගත් කිරි ටික රත්කර පොවන්නට ඇතිකළ කිරිදෙනුන් වත්තේ තැනින් තැන දිගේළි කර සිටිනු ඔහු දුටුවේය. ඒ සියල්ල තාත්තාගේ නමින් අම්මාට ඉතිරි කර ගිය මහා සම්පතක් ලෙස කළු මහත්තයා දුටුවේය. කළු මහත්තයා අවසන් තීරණයට එළඹියේය. පලින් පළ දමා තිබුණු කාසි එකතු කර ගෙන රුපියලක් ඉනේ රුවාගත් කළු මහත්තයා කොළඹ යන්නට තීරණය කළේය. ඔහුගේ ඉලක්කය වූයේ කොළඹ සහ අවට ප්‍රදේශ වල බිස්නස් කරන මුදලාලිලා දෙතුන් දෙනෙකි.
කාසි ටික ඉනේ රුවාගෙන ඇඳුම් කැඩුම් දෙක තුනක් බෑගයේ දමාගෙන කලු මහත්තයා කොළඹ යන එකම බස් රියට ගොඩ වැදුණේ අම්මාගේ සෙනෙහසත් තාත්තාගෙන් ලැබුණ අවංකකම, මනුස්සකම හා හැදිච්චකම හදවතේ පොදි බැඳගෙනය. මේ සියල්ලටම වඩා දෙමාපියන්ගෙන් ගමේ පන්සලෙන් හා පාසලෙන් ලබාගත් ශික්‍ෂණය විනය ගරුක බව පහේ පන්තිය දක්වා ඉගෙන ගත් කළු මහත්තයා සතුව තිබුණේ කිසිදාක අමතක නොවන ආකාරයටය.
ගමෙන් කොළඹ ගොස් ගෙන්දගම් පොළොව පාගන සමහරු මෙන් ධනපතිකම ආඩම්බරකම සහ උද්දච්චකමින් ඔලුව නරක් කර ගන්නට මේ කලු මහත්තයා මෝඩ නොවූයේ ගමේ පන්සලෙන් සහ පාසලෙන් උගත් ගුණාංග කිහිපයක් නිසාය.
සුල්තානාගොඩ ජන්ජිරිස් උන්නැහේගේ පුත් කළු මහත්තයා කොළඹ අවුත් ධර්මදාස මුදලාලි බවට පත් වූ හැටිත් ඉන් පසු ඔහු ව්‍යාපාරික ලෝකයේ හිනිපෙත්තටම සාධාරණව ගොඩවූ හැටිත් ලියන්නට කියන්නට බණ්ඩාර ඇහැලියගොඩ ලවා තවත් පොත් දහයක් පහළොවක් ලියවා ගත යුතුය. ධර්මදාස මුදලාලිගේ සෙවෙණේ වැඩුන තවත් කළුවර පැලෑටි වල අතු ඉති පැතිර ගියේ සාමාන්‍ය මිනිසුන්ගේ පෙර වාසනාවටය. ජයන්තත් උපාලිත් අද පියාගේ අඩි පාරේ යමින් චාම් දිවි පෙවෙතක් ගත කරන සාධාරණ මිනිස්සු වෙති.
තාත්තාගේ ජීවිතය වසර 92 කට පසුව තවදුරටත් ජීවත් කරන්නට ලෝකයේ සිටින දක්‍ෂම ජීවකයා ගෙන්වීමට පුලුවන්නම් එය අනිවාර්යයෙන්ම කරනු ඇත. තම පියා ජීවත් කරවන්නට නවලෝක රෝහල වැනි රෝහල් ඉදිකරන්නට අවශ්‍ය නම් එයද ඉටු කරනු ඇත. කෙසේ හෝ රුපියල් කාසි ස්වල්පයක් ඉනේ රුවාගෙන කොළඹට පැමිණ මහා ධනපතියකු දානපතියෙකු වූ සම්මානලාභී ධර්මදාස මුදලාලි අපෙන් සමුගෙන ගියේ සතයක්වත් නැතිවය.
ලැබුණු සම්මාන ද පදිංචි වූ නිවසේ තබලාය. එහෙත් ඔහු විසින් ගොඩනැගූ සියලු ව්‍යාපාර ඔහුගේ නමින්ම සිහිවටන සේ ආරක්ෂා කළ යුතුය. ඔහු ඉතිරි කළ ධනය ලක්‍ෂ කෝටි ගණන් විය. ඔහු නැති බැරි අයට බෙදා දුන් ධනය ඊටත් වැඩිය..... උත්සහ , කැපවීම මෙන්ම අවංක කමද දියුණුවට අවශ්‍ය වැදගත්ම දේවල් බව මෙම වටිනා චරිතයෙන් ගත හැකි ආදර්ශයයි !
(අන්තර්ජාලය සහ පුවත්පත් ඇසුරෙනි)
©️ උපුටා ගැනීම අකුරැස්ස පිටුවෙන් 🌷
17/08/2024
මී මැස්සා | THE BEE TV series | කොරතොට ආනන්ද හාමුදුරුවෝ
𝗙𝗨𝗟𝗟 𝗘𝗣𝗜𝗦𝗢𝗗𝗘 👉 https://youtu.be/bS-DOy1obCg?si=E2Wd3S-sO0x4liRA
සතියේ සෑම දිනකම රාත්‍රී 9.00 ට සිරස TV තුළින්...
Watch this video on TikTok
👉 https://www.tiktok.com/@.the.bee.official?_t=8ov8OXiCBuC&_r=1
16/08/2024
Srilankancricket Srilankancricket Ada Derana Sinhala
27/06/2024
නැවත හමුවුනොත් - ඇවිත් නිදහසේ කියවන්න - https://rb.gy/is4vmx
27/06/2024
ඒක අහම්බයක් - ඇවිත් නිදහසේ කියවන්න - https://rb.gy/k4fs9b
27/06/2024
මාවතේ ගිටාර් එක - ඇවිත් නිදහසේ කියවන්න - https://rb.gy/1ncc4o
27/06/2024
ඇවිත් නිදහසේ කියවන්න - https://rb.gy/2z3d0z
26/06/2024
ආදරණිය හැඟීම් වලට කොහෙද සම්මතයක්. https://arty.lk/%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%8f-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%80/
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
10252