NO PMC - For Free Education
04/07/2026
🏴🏴🏴🏴🏴🏴🏴
NPP ආණ්ඩුවේ හෙළුව වහගන්න සබරගමුවට NPP lable ගසා නටන මාධ්‍ය සංදර්ශනය පිළිකුළෙන් හෙලා දකිමු 🤮🏴
අද (ජූලි 04) සබරගමුව නව වෛද්‍ය පීඨය සිසු අයිතියය පත් වෙනවා. මේක පිටිපස්සෙ සෑහෙන්න ලොකු කතාවක් තියෙනවා.
සබරගමුව කියන්නෙ ආණ්ඩු කරපු පාලකයින් බන්දේසියක තියලා ශිෂ්‍යයන්ට ලබා දුන්නු පීඨයක් නෙමෙයි. 2007 ඉදන් ශිෂ්‍යයන් දැවැන්ත ඉල්ලීම් ප්‍රමාණයක් සිදු කරනවා.. එතනින් එහාට 2014 SAITM සටනේදී එම අරගලය තීව්‍ර තත්වයකට යනවා වගේම SAITM සටනේ ජයග්‍රහණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ ඉල්ලීම් වල ප්‍රතිඵලයක් ලෙස සබරගමුව වෛද්‍ය පීඨය ශිෂ්‍යයන්ට හිමි වනවා. ඒ 2019 ජනවාරි මාසයේදි. නමුත් ඒ ඉදිවන සබරගමුව වෛද්‍ය පීඨය අංගසම්පූර්ණ නොවුණු වෛද්‍ය පීඨයක්. අඩුම මහාචාර්‍යය ඒකකයක්වත් තිබුණේ නෑ.... එවැනි තත්වයක් යටතේ නැවතත්, සබරගමුව මහා ශිෂ්‍ය සංගමය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, සබරගමුව පීඨ ශිෂ්‍යයන් සමග එක්ව දැවැන්ත අරගලයක් ක්‍රියාතක කරනවා, සිසුන් මහ මග රෑ එළිවෙනකන් සටන් වදිනවා, ලංකාවෙ කොහේ ශිෂ්‍යයන් විසින් විරෝධතාවයක් සිදු කරත් සබරේ ගැටළු ගැන කතා කරන තැනට සංවේදී වුණා... ශිෂ්‍යයන් මහ පාරෙ ගුටි කෑවා, සිර භාරයටලක් වුණා.. මාස ගණනවුරුදු ගනන් නඩු කතා කරා...
මේ සියළු කැපකිරීම් වල ජයග්‍රාහී ප්‍රතිඵලයක් ලෙස අද(ජූලි 04) දින ඒ ඉල්ලපු අංග සම්පූර්ණ වෛද්‍ය පීඨ සංකීර්ණය සබරෙ ශිෂ්‍යයන්ට හිමි වනවා. හැබැයි ඒ අවස්ථාවට අත ගහන්න නිදහස් අධ්‍යාපනය වනසන ප්‍රතිසංස්කරණ ගේන්න හදන, වෛද්‍ය අධ්‍යාපනයට වින කටින, නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න වෛද්‍ය ශිෂ්‍යයන්ගේ රැකියාවවත් තහවුරු කරලා දෙන්න බැරි, හරි ආකාරව පුරප්පාඩු සමීක්ෂණයක් කරන්න බැරි, වෛද්‍ය ආධ්‍යාපනය අමු අමුවේ මුදලට විකුණන ආණ්ඩුවේ අගමැති, අධ්‍යාපන ඇමති සම්බන්ධ කරගෙනමාධ්‍ය සංදර්ශනයක් දාන්න මේ නඩය ලෑස්ති වෙනවා. ඒ අස්සෙ නිදහස් සෞඛ්‍යය ක්ෂේත්‍රයට වින කටින, බෙහෙත් ටිකවත් හරියට දීගන්න බැරි, ඉල්ලිම් කරන රෝහල් පහසුකම් වර්ධනය කරන්න බැරි සෞඛ්‍ය ඇමති මේ විදියෙ post සමාජ මාධ්‍ය හරහා ඵල කරනවා.
ශිෂ්‍යයන්ගේ ඉල්ලිම් මතින් ගොඩ නැගුණු ස්වර්ණමය පීඨයක් සිසු අයිතියට පත්වන අවස්ථාවක තමන්ගෙ හෙළුව වහගන්නම් අරමුණින් NPP lable එක ගහගන්න මේ නඩය දරන උත්සාහය පිළිකුලින් හෙලා දකිමු.
03/07/2026
ERPM ගැන ඇත්ත කතාව | Beyond the White Coat Episode 01 🎙️ Beyond the White Coat | Episode 01ERPM කියන්නේ මොකක්ද?ඇයි මේ ව...
රටේ සමස්ත රෝහල් පද්ධතියම මේ වන විට දැඩි අර්බුදයකට ඇද දමමින් නීතිමය සහ පරිපාලන ගැටලු නිසා දිනෙන් දින කල් යන සීමාවාසික වෛද්‍යවරුන් නිසි කලට බඳවා නොගැනීමේ ගැටලුව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කිරීම සහ විරෝධතාවය සුවසිරිපාය සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී…
30/06/2026
⭕රටේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහලට
⭕රෝහල් වල කාර්ය මණ්ඩලය ලොකු පීඩනයක
ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගත්තොත් මේ අවස්තාවේ තියෙන්නේ අසීරු අඩියක. මේ වෙද්දිත් රෝහල් වල රෝගීන් මට්ටම උපරිම සීමාවට ලඟා වෙලා.ඒකත් එක්ක ඉන්න සීමිත කාර්‍ය මණ්ඩලය කොවිඩ් වලට පස්සේ ආපු තවත් දරුණුතම වසංගත රැල්ලක් එක්ක අදික වැඩබරින් තෙහෙට්ටු වෙලා.
හැබැයි පුදුමයට කාරනය තමයි මේ වෙලාවෙ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කොඳු නාරටිය වුණ වෛද්‍ය වෘත්තීයට එන්න ඉන්න, රජයේ වෛද්‍ය පීඨ වලින් එලියට ආපු 2017 හා 2018 කණ්ඩායම් දෙකේ 2000 කට ආසන්න ප්‍රමාණයක් රැකියා විරහිතව සීමාවාසික පුහුණුවට එන්න බලාගෙන ඉන්න එක..කොච්චර බලාගෙන ඉන්නවාද කියනවා නම් 2017 කණ්ඩායම මේ වෙද්දි මාස 14ක්.
මේ වගේ තීරනාත්මක අවස්ථාවක සීමාවාසික වෛද්‍යවෛද්‍යවරයාගේ කාර්යභාරය අතිමහත්. ඒ හින්දා ඒ වෛද්‍ය ශිෂ්‍යයන් ගැන වගේම රටේ සමස්ථ සෞඛ්‍ය පද්ධතිය ගැනම හිතලා ඔවුන් බඳවාගන්න එක මේ වෙලාවේ අත්‍යාවශ්‍ය දෙයක්.
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Website
Address
Colombo