Padmini Gamage
02/05/2026
අපි එදිනෙදා ගමන් කරන මාර්ග හරියට අපේ ඉලක්ක හා සිහින කරා ගමන් කරන මාර්ග වගේ. මේ මාර්ග වල ගමන් කරද්දී හමුවෙන බාධාවක් ගැන තමා අද කතා කරන්න හිතුවේ.
අපි පාරක යනකොට ඕනෑ තරම් බල්ලෝ අපේ පස්සෙන් පන්නගෙන ඇවිල්ලා ඇති. සමහර වෙලාවට එහෙම අත්දැකීමක් නැති අයත් ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් බල්ලෙක් අපේ පස්සෙන් එලවගෙන එන්න පටන් ගන්නේ අපි ඒ බල්ලව පසු කරද්දීමයි.
සමහර වෙලාවට අපි ඈතින් එනකොට බල්ලෝ පොඩ්ඩක් හැංගිලා වගේ ඉඳලා පස්සෙන් එලවන්න පටන් ගන්නවා. අපි උන්ව පහු කරද්දීම උන් පස්සෙන් එලෝගෙන එනවා.
ඉතින් සමාජයේ ඉන්න මිනිස්සුත් හරියට ඒ වගේ. ඒ වගේ කිව්වේ බල්ලෝ වගේ කියන අර්ථයෙන්. මිනිස්සු චෝදනා, ගැරහීම්, අවලාද වගේ දේවල් අපිට එල්ල කරන්නේ අපි ඒ මිනිස්සුන්ව පසු කරගෙන යන්න හදනකොට. අපි ඒ මිනිස්සුන්ට වඩා පස්සෙන් ඉද්දී කිසිම සද්දයක් නැහැ. නමුත් කාලයක් යද්දී අපි ඒ මිනිස්සුන්ව පසු කරගෙන යාවි කියන බය එක්ක තමයි මේ වගේ දේවල් අපි දිශාවට එල්ල වෙන්නේ.
බල්ලෙක් පන්නගෙන එනකොටත් අපි කරන දේවල් කිහිපයක් තියෙනවා. සමහර වෙලාවට අපි නවතිනවා. සමහර වෙලාවට අපි පොඩ්ඩක් වේගය අඩු කරනවා. තවත් කොටසක් ආවාට වඩා වේගෙන් යනවා. තවත් පිරිසක් කලබල වෙලා බිමට ඇද වැටෙනවා. ඒ අතර තවත් පිරිසක් ඒ බල්ලන්ට බය වෙලා ගමන නවත්තලා හැරිලා යනවා.
ඉතින් මේ වගේම තමයි මිනිසුන්ව අපි පහු කරගෙන යද්දී, ඒ මිනිස්සු කරන දේවල් වලට අපි ප්‍රතිචාර දක්වන්නේත්. සමහර වෙලාවට අපි එතනින්ම නවතීවි. සමහර වෙලාවට ඉලක්ක කරා යන ගමනේ වේගය අඩු කරාවි. නැත්තන් ආවාට වඩා වේගෙන් යාවි. සමහර වෙලාවට මිනිස්සු කියන දේවල් වලට ඔබ කඩාගෙන වැටෙන්නත් පුළුවන්. නරකම දේ තමයි මිනිස්සු කියන දේවල් අහලා, ඉලක්ක කරා යන ගමන අතහැරලා ආපසු යන එක.
මොන බල්ලා පැන්නුවත් ඔබ මතක තියා ගන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි බල්ලෝ ඔබ පස්සෙන් දිගටම දුවගෙන එන්නේ නැහැ කියන එක. ඕනෑ නම් මීටර් 50ක්, 100ක් දුවගෙන ඒවි. ඔබව අල්ලා ගන්න බැහැ කියලා හිතුන ගමන් බල්ලෝ නවතිනවා. ඔබ උන්ට බය නැහැ කියලා පෙන්නුව ගමන්, උන් දුවනවා — ඔබ ගාවටවත් එන්නේ නැහැ.
මිනිස්සුත් ඒ වගේ තමයි. මිනිස්සු බලන්නේ ඔබව පසු කරගෙන යන මොහොතේදී ඔබව බිමට දාන්න. එහෙම ඔබව බිමට දාන්න බැහැ කියලා තේරුන ගමන්, ඔබ පස්සෙන් මිනිස්සු එන එක නවතලා දානවා. නමුත් ඔබ එය නොදැන එතනදී බිමට වැටුනොත්, ඔබේ ගමන නවතලා නැවත හැරිලා යන්න පුළුවන්. ඔබ එතනදී වැටුනොත්, නැවත නැගිටලා ඉදිරියට යන එක තෝරා ගන්න.
අවසානයේ මතක තියා ගන්න — බල්ලෝ පන්නගෙන ආවාට, උන් දිගටම පන්නාගෙන එන්නේ නැහැ. ඔබව අල්ලා ගන්න බැහැ කියලා හිතුන ගමන්, උන් පස්සෙන් දුවන් එන එක නවතා දමනවා.
ඔබට ජය!
03/04/2026
🙏🕉️☸️✨️
අනිකවත් ඉහළට ඇදලා ගොඩ දාන ශක්තිමත් මිනිහෙක් වෙයන්..
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
Sri Jayavardhanapura