OmAstro.lk

OmAstro.lk

Share

16/03/2020

කොරෝනා රෝගයෙන් ඔබට ආරක්ෂාව ලැබෙන්නයි ප්‍රාර්ථනාවක් සිදු කල හැකි, හෙළ උමා ජ්‍යෝතිෂ්‍යයේ විශේෂ පහන් නැකත් දෙකක් අද හවස 1.38 ටසහ අද රාත්‍රී 9.00 ට යෙදෙනවා. එම වේලාව ප්‍රයෝජනයට ගෙන ඔබත් පහත සදහන් ආකාරයට ඔබට, ඔබේ පවුලේ අයට, ඔබේ ගමේ, රටේ , ලෝකයේ සියලු ජනතාවට මෙම රුදුරු රෝගය නොවැලදේවායි ප්‍රර්ථනා කරන්න

2020/03/16 සඳුදා අද සවස 1.38
අද රාත්‍රී 9.00 ට
සුදු මල් වට්ටියක්,හැකිනම් ගිතෙල් පානක් සමග #නැගෙනහිර බලා බුදුන් පුදා දෙවියන්ට පින් දෙන්න.පතන්න කොරෝනා රෝගයෙන් ඔබත් ඔබේ පවුලත් ගමත් රටත් ආරක්ෂාවේවා කියා!!!

නැකැත් බලය විශ්වාස අය මෙහි ඉන්න පුළුවන්.මාගේ පුද්ගලික නැකැත් සේවා ලබාගෙන ඒවා අත් දුටු අය ඉන්න පුළුවන්..කොරෝනාවත් පළිබෝධයක් .කෘෂිකර්මාන්තයට වගේම වෙනත් පුද්ගලික රෝගාබාධ,ගැටලු තැන්හි මෙම ක්‍රමය ඉතා ඵලදායී සේ යොදාගෙන තියෙනවා.උත්සහ කරළ බලමු මෙවැනි අවස්ථාවකත් ඔබේ අපේ රටේ රැකවරණයට සිංහල උමා ජ්‍යොතිෂයේ( ප්‍රකට චූල නැකැත් කියන්න්නේ උමාවේ කෑලි තමා ඉතින්) ප්‍රයෝජනයක් ලබන්න පුළුවන්ද කියා...මේ නැකත බස්නාහිර පළාතට පමණක් නිවැරදි වන අතර.උතුරු පළාතට විනාඩි හතරක් ද,උතුරු මැද සහ නැගෙනහිරට විනාඩි අටක්ද,සෙසු සියලු සියළු පළාත් තුළට විනාඩි තුනක් ද ඉහත සඳහන් නැකැත් වේලා වෙන් අඩු කරගත යුතුය...මෙය සාත්වික සරල ශාන්තිකර්ම ක්‍රමයකි.....මෙය මීට වඩා ඵලදායක අන්දමින් යෙදිය හැකිය..

ඔබට ජය.
හෙක්ටර් පද්මසිරි
(පුලතිසි රාවණ පරපුරේ ගමන් මග)

11/03/2020

කොරෝනා වලින් මිදෙන්නේ මෙහෙමයි!
____________________________________

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා ආසාදිත පළමු ශ්‍රී ලාංකික රෝගියා මෙරටින් වාර්තා වී තිබෙනවා. අංගොඩ මුලික රෝහල හෙවත් අයි.ඩී.එච් වෙතින් වාර්තා වූ මොහු 52 හැවිරිදි සංචාරක මඟ පෙන්වන්නෙක් වන අතර පසුගිය කාලයේදී ඔහු ඉතාලි ජාතික සංචාරකයන් පිරිසක් මෙරට සංචාරය සඳහා රැගෙන ගොස් තිබෙනවා.

මේ අනුව ඔහු මෙම සංචාරක පිරිස සමඟ ගමන් ගත ස්ථාන සහ ඇසුරු කල පුද්ගලයින් සෙවීමට රජය මේ වන විට කටයුතු යොදා ඇති බවයි වාර්තා වෙන්නේ. කොහොමවුනත් මේ කියන්නේ නැවතත් අපි ඉන්නේ අනතුරක් අවදානමක් අභියස කියන එකයි. එහෙම වුනා කියලා ඔබටවත් මටවත් අපේ එදිනෙදා කටයුතු සියල්ල නවත්තලා ගෙදරට වෙලා ඉන්න බැහැනේ. ඉතිං රෝග වාහක විශබීජ වලින් මිදෙන්න අතීතයේ සිටම අපේ පැරැන්නන් විසින් භාවිතා කල ක්‍රමවේද කිහිපයක් තමයි මේ. කොරෝනා වලට බයනම් මේ දේවල් වලින් කිහිපයක් හෝ අනුගමනය කරලා තම තමන්ගේ ආරක්ෂාව සලසගන්න.

*පළමුවෙන්, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වලදී mask එකක් ඒ කියන්නේ මුඛවාඩමක් පළඳින්න

*ප්‍රතිශක්තිය වඩවන පාන වර්ග දිනපතා පරිබෝජනය කරන්න. ඔබට පුළුවන් සිංහල බෙහෙත් බඩු කඩයකින් වෙනිවැල් ගැට කුඩු පැකට් එකක් ගන්න. ඒ අරන් උදේ හවස තේ වෙනුවට මෙම කුඩු ටිකක් උනුවතුරේ තැම්බෙන්න ඇරලා බොන්න. ඒවගේම කරපිංචා කැඳත් ඉතාම ගුණයි.

* සීනි, තෙල් සහ ලුණු අධික ආහාර භාවිතයෙන් වළකින්න

* ගෙදර පිටතින් නානකාමරයක් තිබෙනවානම් ඔබ උදේ වැඩට ගිහින් හවස ගෙදර ආ විට එකවර ගේ ඇතුලට නොයා එම පිටත නාන කාමරෙන් නා පිරිසිදු වෙන්න. ඇඳුම් සෝදා Dettol වතුර බිදක් මුසු කරන්න.

* ගෙතුලත්, පිටටත් උදේ හවස කහදියර ඉසින්න, කොහොඹ කොළ අතු මිටක් ගෙයි ඉදිරිපස එල්ලා තබන්න. මොකද කොහොඹ සහ කහ කියන්නේ හොඳම විෂබීජ නාශක.

* පෙරුම්කායම් කුඩා ගුලියක් උරහිස සහ වැලමිට අතර ප්‍රදේශයේ ගැටගසා ගන්න. පෙරුම්කායම් වලින් සිදු කරන්නේ විෂබීජ ඔබේ ශරීරය තුලට ඇතුල්වීමට ඉඩ නොදී එයට උරාගැනීම නිසා එකම පෙරුම්කායම් ගුලිය දිනපතා භාවිතය නුසුදුසු බව මතක තබා ගන්න. එය අලුත් කරන්න.

* ඔබ උයන අහාරයකට පෙරුම්කායම් ඉතාම ස්වල්පයක් එක් කර පිසගන්න. මෙය රෝග වලින් මිදීමට පැරැන්නන් අනුගමනය කල ප්‍රත්‍යක්ෂ ක්‍රමවේදයක්.

* කොහොඹ තෙල්, හල දුම්මල, පෙරුම්කායම් සහ මදුරුතලා එක් කොට දිනපතා ඔබගේ නිවසේ දුම් අල්ලන්න. දුම් ඇල්ලීමෙන් සිදු කරන්නේ නොපෙනෙන නරක බලවේග පලවා හැරීම පමණක් නොවේ, එහි විද්‍යාත්මක අර්ථය වාතාශ්‍රයේ පවතින විෂබීජ නැසීමයි.

* උණුකර නිවාගත් ජලය පානය කරන්න. දිනපතා මී පැණි හැන්දක් බොන්න අමතක කරන්න එපා. මි පැණි කියන්නේ හොඳම ප්‍රතිශක්තිකරණ ඖෂධයයි.

* දේශීය ආහාර, පලතුරු සහ ගෙදර පිසගත් ආහාර අනුභව කරන්න. වෙළඳසල් වලින් කෘතීම ආහාර ගැනීමෙන් වැළකෙන්න. මස්, බිත්තර වැනි දේ ආහාරයට ගැනීමේදී හොඳින් පිසගන්න.

* උදේ සවස තුන් සුත්‍රය, වට්ටක පිරිත සහ ජවර පිරිත ඔබේ නිවසේ ශ්‍රවණය වන්නට සලස්වන්න. එමෙන්ම ඔබේ ජංගම දුරකතනයට මෙම පිරිත් ඇතුළත් කරගෙන උදේ සවස ශ්‍රවණය කරන්න. ඔබේ වාහනයේ උදේ සවස මෙම පිරිත් ශ්‍රවණය වන්නට සලස්වන්න.

අනවශ්‍ය බියගැනිමකින් තොරව ඔබේ ආරක්ෂාව ඔබම සලසා ගන්න. ධර්මය රකින්නා ධර්මයෙන් රැකේ!

තවත් මෙවැනි වැදගත් ලිපි කියවන්න පිවිසෙන්න www.omastro.lk වෙත

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Hunupitiya Lake Road
Colombo

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00