Nirmad Samarakoon
17/10/2025
නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ විද්‍යාවේ විස්මිත සොයාගැනීම! 🤩🔬
මේ වසරේ (2025) රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය පිරිනැමුණේ Metal-Organic Frameworks (M*Fs) නොහොත් ලෝහ-කාබනික සැකසුම් ආකෘත්‍රීන් නම් වූ අපූරු සොයාගැනීම වෙනුවෙනි. මේ සඳහා දායක වූ විද්‍යාඥයන් තිදෙනා වන්නේ සුසුමු කිටගාවා (Susumu Kitagawa), රිචඩ් රොබ්සන් (Richard Robson) සහ ඕමාර් එම්. යාගි (Omar M. Yaghi) යන අයයි.
මොනවද මේ M*F?
මේවා කාබනික අණු (Organic Molecules) සහ ලෝහ අයන (Metal Ions) එකට සම්බන්ධ කිරීමෙන් සාදන ලද අතිශයින් සිදුරු සහිත අණුක ව්‍යුහයන් සහිත සංයෝග කාණ්ඩයකි. මෙම අණුක ව්‍යුහයන් තුළ විශාල කුහර පිහිටා ඇති අතර, ඒවා කුඩා අණු සහ වායු වර්ග ගබඩා කර තබාගැනීමට හෝ වෙන් කිරීමට සමත් වේ.
ඓතිහාසික පසුබිම 🕰️
1974: රිචඩ් රොබ්සන් හට මෙවැනි හිස් අවකාශ සහිත අණු නිර්මාණය කිරීමේ අදහස මුලින්ම ඇති විය.
1989: ඔහු විසින් දියමන්තියකට සමාන චතුස්තලීය හැඩයක් සහිත සංයෝගයක් නිර්මාණය කළේය. පසුව ඔහු, Cu+ ලෝහ අයන ආධාරයෙන් මෙම අණු එකට සම්බන්ධ කර, යම් යම් ද්‍රව්‍ය රඳවා තබාගැනීමට හැකි කුහර සහිත අණුවක් නිර්මාණය කළේය.
1992-2003: රොබ්සන්ගේ අදහස තවදුරටත් ඉදිරියට ගෙන ගිය සුසුමු කිටගාවා සහ ඕමාර් යාගි, M*F වල ස්ථාවරත්වය සහ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට සමත් වූ සොයාගැනීම් රාශියක් සිදු කළහ.
M*F වල අසීමිත හැකියාවන්
ජලය වෙන්කරගැනීම: කාන්තාර වැනි වියළි ප්‍රදේශවල සුළඟින් ජලය වෙන්කරගැනීමට මෙම අණු භාවිතා කළ හැකිය.
වායු ගබඩා කිරීම: විවිධ වායු වර්ග එහි කුහර තුළ ගබඩා කර තබාගැනීමට ඇති හැකියාව නිසා, එය බලශක්ති ක්ෂේත්‍රයේ නව සොයාගැනීම්වලට මඟ පාදයි.
පිරිසිදු කිරීම: විෂ ද්‍රව්‍ය සහ පරිසර දූෂක ඉවත් කිරීමේදී මේවා පෙරහන් ලෙස භාවිතා කළ හැකිය.
උත්ප්‍රේරක: එන්සයිම සහ උත්ප්‍රේරක රඳවා තබාගැනීමෙන් රසායනික ප්‍රතික්‍රියා වේගවත් කිරීමට උදව් කරයි.
මෙම සොයාගැනීම මඟින් අනාගතයේදී පාරිසරික අභියෝග රැසකට විසඳුම් ලැබෙනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.
#නොබෙල් #රසායනවිද්‍යාව *F #නවෝත්පාදන #අනාගතවිද්‍යාව
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Colombo
Opening Hours
| Monday | 07:00 - 23:00 |
| Tuesday | 07:00 - 23:00 |
| Wednesday | 19:00 - 23:00 |
| Thursday | 07:00 - 23:00 |
| Friday | 07:00 - 23:00 |
| Saturday | 10:00 - 23:00 |
| Sunday | 07:00 - 23:00 |